
මල් වගාකරුවන් සදහා අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක්
මල් වගාකරුවන් සදහා අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක්
ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි ඉතා සුන්දර නගරයකි නුවරඑළිය. මෙම නගර වැසියන් ප්‍රධාන ආදායම් මාර්ගය, අතිරේක ආදායම් මාර්ග සහ විනෝදාංශයක් ලෙස මල් වගා කිරීම සිදු කරයි. විශාල වශයෙන් ගෘහස්ථ අලංකරණය සදහා මල් පැල පෝච්චි තුළ වගා කර අලෙවි කරනු ලැබේ.
මල් වගාව ප්‍රවර්ධනය , වෙළඳපල අවස්ථා ඇති කිරීම , ආදායම් උත්පාදනය යනාදිය අරමුණු කර ගනිමින් නුවරඑළිය ප්‍රදේශයේ මල් වගාකරුවන් සදහා අලෙවි ප්‍රදර්ශනයක් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය මගින් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදි . ඒ සදහා ව්‍යවසායකයින් 30 දෙනෙකු සම්බන්ධ කරගෙන පසුගිය 9,10 සහ 11 දිනයන්හි නුවරඑළිය නගරයේ ගොල්ෆ් ක්‍රීඩාපිටිය ඉදිරිපිට මල් අලෙවි ප්‍රදර්ශනය පැවැත්විණි.
මෙමඟින් නගර වැසියන් හට බොහෝ ප්‍රතිලාභ අත්වන ලදි . ඒ අතර අලෙවි ප්‍රවර්ධන අවස්ථා ඇති වීම ,වෙළඳ සම්බන්ධතා වර්ධනය ,විවිධ මල් පැල වර්ග පාරිභෝගිකයාට මිලදී ගැනීමට අවස්ථා උදා වීම ,ආදායම් උත්පාදනය විශේෂ වේ.
කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ,ජානක සකලසූරිය මහතාගේ සහ අධ්‍යක්ෂ , එච්.එම්.එම්.යූ.බී. හේරත් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා නුවරඑළිය නගරාධිපතිතුමා ,නාගරික කොමසාරිස් තුමා, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමිය,පළාත් සභා නිලධාරීන් සහ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරි මණ්ඩලය සහභාගි වන ලදී. මේ සියලු දෙනාගේ සහයෝගයෙන් මෙම වැඩසටහන ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදී. මෙම මල් ප්‍රදර්ශනයට සහභාගි වූවන් අප ආයතනයේ මැදිහත් වීමෙන් පළාතේ මල් වගාව පිළිබඳ උනන්දුවක් දක්වන්නන් ඊට යොමු කිරීම, මල් වගාව ප්‍රවර්ධනය, අලෙවි ප්‍රවර්ධන අවස්ථා ඇති කිරීම ආදී කරුණු ඉටු කර දෙන ලෙසට ඉල්ලීමක් කරන ලදී. ඒ අනුව 2023 වර්ෂයේ සංවර්ධන සැලැස්ම සඳහා උක්ත ඉල්ලීම් ඇතුලත් කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.