පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

සේවා ඵලදායිතාව ඉහළ  නංවන ගී රසවින්දන වැඩසටහනක්.

සේවා ඵලදායිතාව ඉහළ නංවන ගී රසවින්දන වැඩසටහනක්.

සේවා ඵලදායිතාව ඉහළ නංවන ගී රසවින්දන වැඩසටහනක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ සේවා ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණු කර ගත් ගී රසවින්දන වැඩසටහනක් එහි අභිමානී කවයේ ඉදිරිපත් කිරීමක් ලෙස (03) පස්වරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. හිටපු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතාගේ පූර්ණ අනුග්‍රහය යටතේ ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති මේ වැඩසටහන මෙහෙයවන ලද්දේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු හා කලාකාමී රසවතකු ද වන අබේසිංහ හදවලපිටිය මහතා විසිනි. නිදර්ශන ගීත ගායනා කරමින් සංගීතය සැපයුවේ ඔහුගේ ගායන හා වාද්‍ය වෘන්දය යි. ගීත ගායනයට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ද එක් විය. එසේම ආණ්ඩුකාර කාර්යාලයේ කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙකු ද ගීත ගායනා කළහ. මේ රසවින්දනාත්මක වැඩසටහනට නැරඹීම සඳහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුජාතා විජේසිංහ, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් පසන් රත්නායක යන මහත්ම මහත්මීහු ද, පළාත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් පිරිසක් ද, පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද පැමිණ සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook