පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

දැනුවත් ව දිනවමු දරුවන් වැඩසටහනට දෙමව්පියන් ගෙන් ඉහල ප්‍රතිචාරයක්.

දැනුවත් ව දිනවමු දරුවන් වැඩසටහනට දෙමව්පියන් ගෙන් ඉහල ප්‍රතිචාරයක්.

දැනුවත් ව දිනවමු දරුවන් වැඩසටහනට දෙමව්පියන් ගෙන් ඉහල ප්‍රතිචාරයක්. මධ්‍යම පළාතේ ප්‍රාථමික අධ්‍යාපනයේ දෙවන අදීයරේ පසුවන දරුවන්ගේ ළමා අවදිය නිදහස් ව ගෙවීමට වැඩිහිටියන් ගේ දායකත්වය ලබා දීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ගුණ නැණ පිරි, නිර්මාණශීලි දරුවන් පිරිසක් මැදරටින් බිහි කිරිමේ ප්‍රවේශයක් ලෙස ආරම්භ කල “ දැනුවත් ව දිනවමු දරුවන්” මැයෙන් වූ විශේෂ සංවාදශීලි වැඩසටහනට දෙමව්පියන් ගෙන් ඉහල ප්‍රතිචාරයක් ලැබී ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පයකට අනුව , ප්‍රවීණ දේශක , මාධ්‍යවේදී, නීතිවේදී ගාමිණි විජේවර්ධන මහතා විසින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහනේ පස්වැන්න අද මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. ඉදිරියේ දී 5 වසර ශිෂ්‍යත්ව කඩඉමට සුදානම් කරන දරුවන් පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් ඉතා පහසුවෙන් සහ ස්වයං අධ්‍යයනයෙන් ඉහල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට අවස්ථාව තිබිය දී අනවශ්‍ය ලෙස දෙමව්පියන් තම කාලය ,ශ්‍රමය හා මුදල් වැය කරමින් දරුවන් ට අනවශ්‍ය පීඩනයක් ලබා දෙමින් ඔහුන් ගේ ළමා කාලය ඔහුන් ට අහිමි කල විභාගය සංකීර්ණ එකක් කොට ඇත්තේ හුදු මුදල් ඉපයීමේ චේතනාවෙන් ආත්මාර්ථකාමී වූ ගුරු පිරිසක් සහ ජනප්‍රිය සංකල්ප හබා යාම සහ තමාගේ සිහින දරුවන් තුලින් ඉටු කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින දෙමව්පියන් බව මෙමෙ වැඩමුළුව තුලින් පසක් කරගනු ලැබූ බව සහභාගී වූ පිරිසගේ අදහස විය. මෙවන් වැඩසටහනක් පළාතේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට ගනු ලැබූ පියවර ඔහුන් ගේ ඇගයීමට ලක් විය.ආණ්ඩුකාරවරයා වෙත ඔහුන් ගේ සතුට සහ ස්තුතිය පිරිනමනු ලැබූ අතර වැඩිහිටි දරුවන් වෙත මෙවන් වැඩසටහන් ගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබිය. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යයන අංශය මෙම වැඩසහටන සංවිධානය කරනු ලබයි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook