
දැනුවත්ව දිනවමු දරුවන්’ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේදී හා ගන්නෝරුව රණබිම රාජකීය විදුහලේ දී.
‘දැනුවත්ව දිනවමු දරුවන්’ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේදී හා ගන්නෝරුව රණබිම රාජකීය විදුහලේ දී.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ . ගමගේ මහතාගේ සංකල්පයක් අනුව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ‘දැනුවත්ව දිනවමු දරුවන්’ මැයෙන් යුතු දෙමාපියන් දැනුම්වත් කරන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ මහනුවර කිංස්වුඩ් මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන් සඳහා සහභාගී කර ගැනෙන්නේ දෙමාපියන් ය. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය තහවුරු කරනු වස් වඩා නිර්මාණශීලී හා බුද්ධිමය ප්‍රවේශයක අවශ්‍යතාව මෙ මඟින් අවධාරණය කෙරේ. වැඩසටහන් ඉදිරිපත් කරන ප්‍රවීණ මාධ්‍යවේදී නීතීඥ ගාමිණී විජේවර්ධන මහතා සරල හා සමීප උදාහරණ උපයෝගී කර ගනිමින් සිය දේශනය ඉදිරිපත් කළේ ය. දරුවන්ගේ ප්‍රයෝගික දැනුම ඉහළ නැංවීමේ වැදගත්කම කෙරෙහි ඔහු සිය විශේෂ අවධානය යොමු කළේ නිරීක්ෂණය හා සංවාදය තුළින් දෙමාපියන් හා දරුවන්ගේ සබදතාව සහතික කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙමිනි.
මෙම වැඩසටහන සඳහා සහභාගී කොට ගැණුනේ කිංස්වුඩ් විද්‍යාලයේ 3 හා 4 ශ්‍රේණි දරුවන්ගේ දෙමාපියන් ය. 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට දරුවන් සූදානම් කරලීමේ දී අනුගමනය කළ යුතු හොඳම පියවර සම්බන්ධයෙන් මෙහිදී කරුණු විමර්ශනය කෙරිණි.
විදුහල්පති උපාලි චන්ද්‍රකුමාර, නියෝජ්‍ය විදුහල්පති ලංකා ෆ්‍රැන්සිස්, මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මිකා රත්නසූරිය යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.
විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව තුළ පාසල් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව තීව්‍ර කිරීම හා ඔවුන් සබුද්ධික පුරවැසියන් ලෙස සමාජගත කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් දැනුම්වත් කරලන විශේෂ වැඩසටහන් මාලාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සංකල්පයක් අනුව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් පළාතේ පාසල් ඔස්සේ ක්‍රියාත්මක කෙරේ. වැඩසටහන් ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී නීතීඥ ගාමිණී විජේවර්ධන මහතා යි. වැඩසටහන් සඳහා මඟ පෙන්වීම ලබා දෙන්නේ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය යි.
මේ යටතේ ඊයේ (18) ගන්නෝරුව රණබිම රාජකීය විදුහලේ දී පැවති වැඩසටහනට 6, 7, 8 ශ්‍රේණි දරුවන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වූහ. විභාග සාර්ථක ව සමත්වීම මෙන්ම ජීවිතය ද සාර්ථක ව සමත්වීම අතිශය වැදගත් වන බව මෙහිදී නීතීඥ ගාමිණී විජේවර්ධන මහතා අවධාරණය කළේ ය. එසේම සිය ළමා අවදිය නො අඩුව විඳින්නට දරුවන් සතු අයිතිය කෙරෙහි ද ඔහු සිය අවධානය යොමු කළේ දෙමාපියන් ඒ සම්බන්ධයෙන් දරන ඇතැම් පසුගාමී ආකල්ප බැහැර කරමිනි. වැඩසටහන සම්බන්ධයෙන් ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ.
විදුහල්පති රන්ජිත් රාජපක්ෂ මහතා ද, ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.