පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

පළාතේ ආයුර්වේදය නංවාලීමට  ඒකාබද්ධ නව වැඩපිළිවෙලක්.

පළාතේ ආයුර්වේදය නංවාලීමට ඒකාබද්ධ නව වැඩපිළිවෙලක්.

පළාතේ ආයුර්වේදය නංවාලීමට ඒකාබද්ධ නව වැඩපිළිවෙලක්. ආයුර්වේද ප්‍රතිකාරය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සදහා වාර්ෂිකව වැයවන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට සහාය වීමේ අරමුණෙන් මධ්‍යම පළාතේ වගා කල හැකි සියලු දේශීය ඖෂධ පැළෑටි වර්ග රෝපණය කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් ආරම්භ කිරීමට පියවර ගැනේ . මහනුවර , මාතලේ සහ නුවර එලිය යන දිස්ත්‍රික් වල පවතින විවිධ දේශගුණික තත්වයන් යටතේ ඖෂධ නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍ය වගා කිරීමේ ඉහල හැකියාවක් පවතින බැවින් කෙටි කාලින , මධ්‍ය කාලින සහ දිගු කාලින වශයෙන් වගා කොට භාවිතයට ගැනීමට පියවර ගන්නා මෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයට සහ පළාත් ආයුර්වේද දෙපාර්තමෙන්තුවට උපදෙස් දෙනු ලැබිය. කෙටි කාලීනව භාවිතයට ගත හැකි ඔසු වගාවට ග්‍රාමීය මට්ටමෙන් සියලු ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට හැකියාව පවතින බව ප්‍රාදේශීය ලේකම්වරුන් පෙන්වා දුන් අතර , ඒ සදහා ප්‍රාදේශීය ලේකම් කොටසේ සේවය කරනු ලබන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් ගේ මග පෙන්විමෙන් සියලු ආර්ථික සංවර්ධන නිලධාරින් ,ග්‍රාම සේවා නිලධාරින් සහ කෘෂිකර්ම නිලධාරින් ගේ සහාය ලබා ගැනීමටත් ඒ සදහා ඒ ඒ දිස්ත්‍රික් ලේකම් වරුන් ගේ මෙහෙයවීමෙන් ප්‍රාදේශීය ලේකම් අනුයුක්ත කොට ඇති නිලධාරින් ගේ සහාය ලබා ගනිමින් නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කොට ක්‍රියාවට නැංවීමට සැලසුම් කෙරේ.’ විදේශීකයන් ගේ ඉහල ඉල්ලුමක් ඇති පංච කර්ම ප්‍රතිකාර සහ ප්‍රමිති ගත ආයුර්වේද සම්භාහන ක්‍රියාවලිය පිළිබද විධිමත් ප්‍රචාරක යාන්ත්‍රණයක් සකස් කොට සංචාරක අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තු වේ සහයෝගය ලබා ගනිමින් , සංචාරක හෝටල් හිමියන් සහ මගපෙන්වන්නන් දැනුවත් කිරීමත්,වාණිජ ඔසු වගාව පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩපිළිවලක් දියත් කිරීමටත් මෙහිදී කරුණු සාකච්ඡා වට ගැනිණි . පලාතට පමණක් නොව රටට ම අවශ්‍ය දේශීය ඖෂධ පැළෑටි සහ අමු ද්‍රව්‍ය මධ්‍යම පළාතෙන් සැපයීමේ හැකියාව ඇති අතර , පාසල් සහ රාජ්‍ය ආයතන සතු වගා කොකළ හිස් ඉඩම් හදුනා ගෙන ඒ සදහා කාලරාමු සකස් කොට ක්‍රමවත් ව්‍යාපෘතියක් සැලසුම් කොට ක්‍රියාවට නැංවීමෙන් දේශීය ආර්ථිකයට මහත් ශක්තියක් ලබාදීමට මධ්‍යම පළාත දායකත්වය ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. මෙම කරුණු පසුගියදා පළාත් ආණ්ඩුකාර ශ්‍රවනාගාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී අනාවරණය වූ අතර එම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ඇතුළු සියලුම අමාත්‍යාංශ ලේකම් වරුන් , ආයතන ප්‍රධානින් , ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook