පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ලක්කම්බ්‍රෙල්ලා.

ලක්කම්බ්‍රෙල්ලා.

ලක්කම්බ්‍රෙල්ලා ලක්ෂා කර්මාන්ත මැදරට කලාපයේ සුවිශේෂි ස්ථානයක් හිමිවන හස්ත කර්මාන්තයකි. එම කර්මාන්තයේ නිරතවන පාරම්පරික ශිල්පින්ද සීමිත පිරිසකි. මාතලේ දිස්ත්‍රික්කයේ ලෑලි අඹේ, හපුවිද පාරම්පරික ශිල්පීන්ද සම්බන්ධ කරගනිමින් මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තුමේන්තුව විසින් නිර්මාණාත්මක දේ ජනතාව අතරට පත්කිරීමට ඇති අවස්ථාව සහ ඒ තුළ ජනතාව අතර නිතර භාවිතවන දෙයක් වෙනුවෙන් එකී අගය එකතු කළ නිර්මාණයක් හඳුන්වාදීම සඳහා “ලක්කම්බ්‍රෙල්ලා” නමින් ලාක්ෂා මිට සහිත කුඩයක් නිර්මාණය කොට තිබේ. මධ්‍යම පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ එම්. බි. යූ. එස්. කොන්සිවත්ත මහතාගේ උපදෙස් හා මගපෙන්වීමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ මහාචාර්ය සුදර්ශන බණ්ඩාර මහතා , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (විශ්‍රාමික) නන්දලාල් උඩපෝරව මහතාත්, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර සම්පාදක ජීවන්ත මාලගේ මහතාගේත් සහයෝගය මේ සඳහා හිමිවිය. මාතලේ දිස්ත්‍රික්කයේ ලෑලි අඹේ , හපුවිද ගම්මානයෙන් ශිල්පින් 40 දෙනෙකු තෝරා ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදීම තුලින් ලක්කම්බ්‍රෙල්ලා නමින් ලාක්ෂා මිට සහිත කුඩයක් නිර්මාණය කිරීම මධ්‍යම පළාත ලද ජයග්‍රහණයකි. ඔබටත් මෙම ලක්ෂා මිට සහිත කුඩය කැන්ඩි සිටි සෙන්ටර්හි දෙවන මහලේ ස්ථාපිත කර්මාන්ත දෙපාර්තුමේන්තුවේ ප්‍රදර්ශනාගාරයෙන් මිලදීගත හැක.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook