පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ඉදිරි උත්සව සමයේදි මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සැලැස්මක්.

ඉදිරි උත්සව සමයේදි මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සැලැස්මක්. ඉදිරි උත්සව සමයේදී මහනුවර නගරය හා තදාසන්න ප්‍ර‍දේශ කේන්ද්‍ර කොට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මහනුවර පොලිසිය කටයුතු යොදා ඇත.සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මහජනයා නිරන්තරයෙන් මහනුවර නගරයේ ගැවසෙන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාක්මක කරන බව මහනුවර කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී තිලක් ගුණතිලක රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව මුදල්, රන්භාණ්ඩ ආදිය කොල්ලකෑම් වැළැක්විම සඳහා විශේෂ මුර සංචාර, අමතර ‍පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරී සඳහා යෙදවීම සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය. මහජන පීඩා වැළැක්විම සඳහා මහනුවර පොලිසිය මැදිහත් වන බවත් උත්සව සමය ආසන්නයේදි මහනුවර නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කීහ. මහජන පීඩා වැළැක්වීම සඳහා යාචකයන් නගරයෙන් පිට ස්ථානයක රැදවීමට ද ‍සැලසුම් කොට ඇතැයි ද චමිල් රත්නායක මහතා සඳහන් කළේය. ත්‍රීරෝද රථ හා සංචාරක හෝටල් තුළදී මහජනයා‍ට සිදුවන පීඩා වැළැක්වීමට ද මේ යට‍තේ විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇතැයි මහනුවර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් ‍කළේය.කෝප් කමිටු සභාපති මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය රංජිත් බණ්ඩාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්න‍කෝන් යන මහත්වරු ඇතුලු පිරිසක් ‍මේ අවස්ථාවට එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook