පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීව පළමු වතාවට ලංකාවේ ජාතික හෙද දිනය මහනුවරදී සමරයි.

ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීව පළමු වතාවට ලංකාවේ ජාතික හෙද දිනය මහනුවරදී සමරයි.

ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීව පළමු වතාවට ලංකාවේ ජාතික හෙද දිනය මහනුවරදී සමරයි. ජාත්‍යන්තර හෙද දිනයට සමගාමිව ජාතික හෙද දින සැමරුම් වැඩසටහනක් පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. හෙද සේවය වෙනුවෙන් විශාල සේවයක් කළ ෆ්ලෝරන්ස් නයිටිංගේල් මහත්මියගේ ජන්ම දිනය සමරමින් සෑම වසරකම ජාත්‍යන්තර හෙද දින සැමරුම සිදුකරනු ලබන අතර මෙවර යෙදී තිබුනේ නයිටිංගේල් මහත්මියගේ 203 වැනි සැමරුමයි.හෙද දිනය ජාතික වශයෙන් සැමරූ ප්‍රථම අවස්ථාව ලෙස වන අතර ලංකාවේ මීට පෙර කිසිදු වසරක ජාත්‍යන්තර හෙද දිනයක් ජාතික මට්ටමින් සමරා නොතිබීම විශේෂත්වයකි. මෙවර ජාත්‍යන්තරය හෙද දිනයේ තේමාව ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ “අපගේ හෙදියන් අපගේ අනාගතයයි” යන්නයි. මෙහිදී හෙද සේවාව වෙනුවෙන් විශාල කැපවීමක් කළ ෆලෝරන්ස් නයිටිංගේල්ගේ පිළිරුවකට පුෂ්පෝපහාර දක්වමින් ආචාර පුදකිරීම සිදු වූ අතර, හෙද කාර්ය මණ්ඩලය අගයමින් විශේෂ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කෙරින. මීට අමතරව “නවෝත්පාදන සහ ප්‍රශස්ත නිපැයුම්” යන තේමාව යටතේ ලංකාවේ හෙද සේවයේ සේවක සේවිකාවන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පැවති තරගාවලියෙන් ජයගත් හෙද හෙදියන් වෙත සමරු තිලිණ සහ සහතික පත්‍ර පිරි නැමීම ද සිදු කෙරින. මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, හෙද සේවා තාක්ෂණික කටයුතු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය, සෞඛ්‍ය අමාත්‍යංශයේ හෙද සෞඛ්‍ය සේවා පිළිබද සෞඛ්‍ය අධ්‍යක්ෂිකා එම්. බී. සී.සමන්මලී මහත්මිය , පළාත් සෞබ්‍යය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසුරිය, යන මහත්ම මහත්මීන් ඇතුළු හෙද හෙදියන් 1200 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook