
අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරුවන්ගේ ප්‍රතිඵල ඉහළනැංවීමේ විශේෂ වැඩසටහනක්.
අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරුවන්ගේ ප්‍රතිඵල ඉහළනැංවීමේ විශේෂ වැඩසටහනක්.
මධ්‍යම පළාතේ පාසල්වල අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරුවන්ගේ ප්‍රතිඵල ඉහළනැංවීමේ අපේක්ෂාවෙන් මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ මෙහෙයවීමෙන් හා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් පවත්වන අධ්‍යාපන මනෝවිද්‍යා උපදේශන වැඩසටහනක් මාලාවේ සමාරම්භක වැඩසටහන පසුගියදා (06) මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.මෙම වැඩසටහන මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15 ම නියෝජනය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
2023 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂිත මහනුවර ධර්මරාජ විද්‍යාලයේ, මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ හා තැන්නෙකුඹුර විද්‍යාලෝක විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් මීට සහභාගි විය. මනෝ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසංක ජයරත්න මහතාගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සදහා imperial college ආයතනය විසින් අනුග්‍රාහක දායකත්වය දැක්විය.මෙම අවස්ථාවට CIMA ආයතනයේ අලෙවි විධායක ප්‍රසන්න ජයවර්ධන මහතා, මහනුවර අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරුන්,විදුහල් නියෝජනය කරමින් ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.