පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

පරිසරයයි - සුවදිවියයි’ පාරිසරික චිත්‍ර ප්‍රදර්ශනයක්  මහනුවර ආසිරි රෝහල් පරිශ්‍රයේදී.

පරිසරයයි - සුවදිවියයි’ පාරිසරික චිත්‍ර ප්‍රදර්ශනයක් මහනුවර ආසිරි රෝහල් පරිශ්‍රයේදී.

පරිසරයයි - සුවදිවියයි’ පාරිසරික චිත්‍ර ප්‍රදර්ශනයක් මහනුවර ආසිරි රෝහල් පරිශ්‍රයේදී. පරිසර දිනයට සමගාමිව මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ හා පරිසර අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මහනුවර කලාප ආධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පරිසරයයි සුවදිවියයි නමින් පාසල් දරුවන්ගේ පාරිසරික චිත්‍ර ප්‍රදර්ශනයක් මහනුවර ආසිරි රෝහල් පරිශ්‍රයේදී පසුගියදා (10) ආරම්භ කෙරිණ. ජුලි මස 10 සිට ජුලි මස 16 වනදා දක්වා ප්‍රදර්ශණය පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ වූ අතර මධ්‍යම පළාතේ පාසල් දරුවන්ගේ හා ගුරුභවතුන්ගේ නිර්මාණාත්මක චිත්‍ර ප්‍රදර්ශණය සදහා ඉදිරිපත් කර තිබිණ. එම නිර්මාණ ඇගයීම වෙනුවෙන් හා ආයතන දායකත්වය වෙනුවෙන් සහතිකපත් හා ත්‍යාග ප්‍රධානය ගරු ආණ්ඩුකාරතුමන් ප්‍රමුඛ ආරාධිතයන් අතින් සිදුවිය. මෙහිදී විශේෂ දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කළා අංශයේ මහාචාර්ය සුදර්ශන බණ්ඩාර මහතා විසින් සිදු කෙරුණු අතර සියලු පාසල් දරුවන් සදහා ලංකා බැංකුව මගින් හරිත කැකුළු ළමා ගිණුම ආරම්භ කිරීමද මෙහිදී සිදු විය. මෙම අවස්තාව සදහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ටි.ඒ.ඩි.ඩබ්.දයානන්ද මහතා , මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දී.සි.අයි.අන්දරගේ මහත්මිය, ආසිරි රෝහලේ මෙහෙයුම් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් මැදවත්ත මහතා ඇතුළු පබා කොස්මැටික් ආයතනය, එර්ත් බවුන්ඩ් ආයතනය , එර්ත් හෝම් ආයතනය, විෂන් කෙයාර් ආයතනය, පෙන්ටියම් ආයතනය, කදුරට කුඩ ආයතනය, ෆෝරෙවර් ආයතනය නියෝජනය කරමින් ආයතන ප්‍රධානින් , ගුරු භවතුන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook