පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම ක්‍රීඩා - සංචාරක දෙපාර්තමේන්තුවලට නව අධ්‍යක්ෂකවරුන් පත්කෙරේ.

මධ්‍යම ක්‍රීඩා - සංචාරක දෙපාර්තමේන්තුවලට නව අධ්‍යක්ෂකවරුන් පත්කෙරේ.

මධ්‍යම ක්‍රීඩා - සංචාරක දෙපාර්තමේන්තුවලට නව අධ්‍යක්ෂකවරුන් පත්කෙරේ. මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවට සහ මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව වෙත නව අධ්‍යක්ෂකවරුන් පත්කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (14) සිදුවිය. ඒ අනුව පළාත් වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණියේ නිළධාරියෙක් වන වයි.එම්.ඒ.එම්. බණ්ඩාර මහතා මෙහිදී පත්වීම් ලැබූ අතර, පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා වශයෙන් සහ මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සමූපකාර සංවර්ධන කොමසාරිස් තනතුරේ වැඩ බැලීම සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණියේ නිළධාරියෙක් වන එස්.එම්.සී. සමරකෝන් මහතාත් මෙහිදී පත්කිරීම සිදුවිය. මෙම අවස්ථව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook