පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ජනපති අදහසින් වික්ටෝරියා වේල්ල නැරඹුම් ස්ථානය අලුත් වෙයි .

ජනපති අදහසින් වික්ටෝරියා වේල්ල නැරඹුම් ස්ථානය අලුත් වෙයි .

ජනපති අදහසින් වික්ටෝරියා වේල්ල නැරඹුම් ස්ථානය අලුත් වෙයි . ගරු ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුව වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය සදහා කෞතුකාගාරයක් නිර්මාණය කිරීම සහ සංචාරකයින් සදහා ඉහල පරිසර සුන්දරත්වයක් අත්විදිමින් ආහාර ලබාගැනීම සදහා භෝජනාගාරයක් ද ඉදිකිරීමට සදහා සැලසුම් සකස් කරමින් පවතින අතර, ඒ සදහා වික්ටෝරිය වේල්ල ආශ්‍රිත භූමියෙහි සුදුසු ස්ථානයන් නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (17) කටයුතු කළේය. 1980 දී ආරම්භ කරන ලද වික්ටෝරියා වේල්ලේ වැඩ කටයුතු 1984 අවසන් කොට ජලාශයට මුල්දියවර එක් කෙරුණ අතර 1985/4/ 12 දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වුණු මාග්‍රට් තැචර් මැතිනියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබිය.කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා ගැනීම , ජල විදුලිය නිෂ්පාදනය , වේල්ලේ ඉහළ ප්‍රදේශයේ වාසය කරන ජනතාවගේ ජල පරිභෝජනයට , ගංවතුර පාලනයට හා මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීමට යන අරමුණු මත මෙම වේල්ල ඉදිකළ අතර මෙවර එකී අරමුණුවලට අමතරව මෙම ස්ථානය දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ශනයක් සහිත ස්ථානයක් සේ සංවර්ධනය තුලින් දේශීය ආර්ථිකයට ශක්තියක් වීම සුවිශේෂී බවත් සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශය වඩා කාර්යක්ෂම අයුරින් භාවිතයට ගැනීම සදහා ගරු ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය කාලීනව ඉතා වැදගත් එකක් බවත්, මෙම ආකර්ශනයන් අතරට එක් කිරීමට නියමිත වික්ටෝරියා රැජිනියගේ ප්‍රතිමාව මගින් දීර්ඝ කාලයක් ඒකාකාරීව පැවති වික්ටෝරියා වේල්ලට නව සංචාරක ආකාර්ෂණයක්ද ලැබෙනු ඇති බවත් වික්ටෝරියා මහ රැජිනියගේ නම යෙදීමෙන් මෙකි මහවැලි කඩිනම් ව්‍යාපෘතියට අවශ්‍ය මුදල ණයක් ලෙස නොව ආධාරයක් ලෙස ලබා ගැනීමට එවකට ජනධිපති ජේ.ආර් ජයවර්ධන මහතා සමත් වූ බවත් එලෙසම මෙම කටයුත්තෙන් ද එවන් වාසියක් රට වෙත දායක කරගැනීමේ හැකියාවක් ඇති බවත් වික්ටෝරියා වේල්ල නැරඹුම් ස්ථානයේ සහ වික්ටෝරියා වේල්ල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය. මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ද වික්ටෝරිය වේල්ල කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය යන මහත්වරුන් ද ඇතුළු පිරිසක් එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook