
රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්මයේ සමාරම්භය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්
අභියෝග මධ්‍යයේ රට භාරගත් ජනපතිට ජනපති ධූරයේ වසක් සපිරීමට මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් සුභාශිංසන
මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවය රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් ඇතුලු මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගන පරිශ්‍රයේදී (20 ) පැවැත්විය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්මය ( 20) සිට ජූලි 27 වන දා දක්වා මාතලේ බණ්ඩාරපොල සුදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවැත්වෙන අතර, මෙම පූණ්‍ය මහෝත්සවයේදී සාමණේර භික්ෂුන් වහන්සේලා 300 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවීම සිදුවේ. රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේට “දර්ශන විශාරද උපාධි” ශ්‍රී සන්නස්පත්‍රය හා විජිණිපත පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර, ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්වහන්සේට හා පූජ්‍ය මුගුණෙවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ගෞරවනාම සන්නස්පත්‍ර පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වු අතර, මෙහිදී රාමඤ්ඤ මහා නිකාය විසින් සංස්කරණය කරන ලද “පටිපදා ශාස්ත්‍රීය සංග්‍රහය” මහනායක ස්වාමීන් වහන්සේට හා ජනාධිපතිවරයාට පිළිගැන්වීම ද සිදු කෙරිණි. එමෙන්ම මාතලේ පුරිජ්ජල සංඝබෝධි පිරිවෙනේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙදින සිදුවිය.
වසර 03 ක කාලයක් ආර්ථික හා සමාජ අර්බුධයන් හමුවේ පැවැත්වීමට නොහැකි වු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනය කර්ම උත්සවය ඉතා වැදගත් බවත්, ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙන්ම සමාජයේ යහපත උදෙසා උපසම්පදා භික්ෂූවට විශාල කාර්යභාරයක් ඉටුකිරීමට පැවරෙන බවත්, විෂය පථයේ නොමැති වූවත්, පළාත් සභාවක් වශයෙන් පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සදහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කලේ එහි ඇති වැදගත්කම නිසාවෙන් ම බව මෙහිදී උපසම්පදා මහෝත්සව කමිටුවේ සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවේ ආරම්භය සනිටුහන් කරමින් සදහන් කර සිටි අතර, ගරු ජනාධිවරයා ඇතුලු මහජන නියෝජිතයින්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙම උත්සවය සාර්ථකව පැවැත්වීම සදහා ලද සහාය ද අගය කර සිටි අතර, අභියෝගකාරී වතාවරණයක් හමුවේ දේශය භාරගත් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධූරයේ වසරක් සපිරීම නිමිතිකොට සුභාශිංසන එක් කිරීමට ද ආණ්ඩුකාරවරයා මෙහිදි කටයුතු කළේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්මයට සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද සමරු තිළිණයක් මෙහීදී පිළිගැන්වූ අතර, සමාරම්භක වැඩසටහනේදී අදහස් දක්වමින් ගරු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයට ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කරනු ලබන බවත්, ඒ සදහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට තමා කටයුතු කරනු ලබන බවත් ය. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උගත්, වියත් පිරසකගේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල හිමිපාණන් වහන්සේ, ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය ගලහිටියාගම විමලධම්ම නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ ශාසනරතන හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක , ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නාලක කෝට්ටගොඩ, තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල්, ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ නුවර සහකාර කොන්සියුලර් ආචාර්ය එස්. අතිරා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා , යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ , මාතලේ දිසාපති තේජානි තිලකරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.