
මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩා නේවාසිකාගාරය සිසු අයිතියට.
මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩා නේවාසිකාගාරය සිසු අයිතියට පත් කිරීම පසුගිය (21) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා , අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට ක්‍රීඩාවෙන විශාල පිටුවහලක් ලැබෙන බවත්, පවතින තරගකාරී සමාජ වටපිටාව තුළ අධ්‍යාපනය ද එයට නතුවී ඇති බවත් පැවසිය. දරුවන්හට නිදහස් පරිසරයක් තුළ පීඩනයෙන තොරව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාකිරීම කාලිඅන අවශ්‍යතාවයක් වන බවද ඒ මහතා කීය. අතිරේක පන්තිවල අධ්‍යාපනය ලැබීම අද විලාසිතාවක් බවට පත් වී ඇති බවත් , උසස් පෙළ විභාගයට පෙනී සිටින මධ්‍යම පළාතේ පාසල් අයදුම්කරුවන් සියලුදෙනාට සියයට අසූවක පාසල් පැමිණීම අනිවාර්යය කරන බව ද පැවසිය. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසලට පැමිණීමේ සියයට අසූවේ නීතිය ලිහිල් වූවත් මෙවර සාමාන්‍ය පෙළ පෙනී සිටින ළමුන් උසස් පෙළ විභාගයට යොමුවන කාල සීමාව තුළදී පාසල් පැමිණීමේ නීතිය අනිවාර්යය කරන බව ඒ මහතා පැවසිය .
පාසල් ගුරුවරුන්ට සිය පංති කාමරයේ ශිෂ්‍යයන් සඳහා බාහිර පංති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ පැනවූ නීතිය මේ වන විට සබරගමුව හා දකුණු පළාත්වලත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එය ජාතික වශයෙන් රටතුලම ක්‍රියාත්මක වීම කාලින අවශ්‍යතාවයක් බව ද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, විදුහල්පති ඒ.ආර්.ඒ.රණසිංහ, යන මහත්ම මහත්මීන් ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරින් ,ක්‍රීඩා සංගමයේ නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගී වුහ.