මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු මෙහෙයුම් මට්ටම නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්.
මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු මෙහෙයුම් මට්ටමේ නිලධාරීන් සදහා '' නවීන තාක්ෂණය භාවිතයෙන් කාර්යාල කටයුතු පහසු කරගැනීම "පිළිබඳ පුහුණු වැඩමුළුවක් (22) කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. සුහුරු තාක්ෂණය (Smart Technology ) භාවිතය සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් දැනුවත් කෙරිණි .මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා මෙහි සම්පත් දායකත්වය දැරීය. පරිගණක භාවිතයෙන් ටයිප් නොකර ලිපියක් සකස් කර ගැනීම, විද්‍යුත් (Digital) අත්සන යොදා ගැනීම, පරිවර්තන කටයුතු සිදු කිරීම, ලිපියක් විද්‍යුත් මාධ්‍ය භාවිතයෙන් යොමු කිරිම හා ජංගම දුරකථනයෙන් ලේඛන scan කර ඇමුණුම් සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් දැනුවත් කෙරිණි. මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කෙරුණු මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මිය, මධ්‍යම පළාතේ සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගි විය.සම්පත් දායකයින් මෙම වැඩසටහන් සඳහා සිය සම්පත් දායකත්වය නොමිලේ ලබාදෙන අතර සහභාගිවන නිලධාරීන්ට ද කිසිදු දීමනාවක් හෝ ආහාරපාන ලබාදීමකින් තොරව මෙම වැඩසටහන් මාලාව පැවැත්වේ.