පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

සිරි දළදා යල් අස්වනු මංගල්‍යය 2023 මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ප්‍රධානත්වයෙන්.

සිරි දළදා යල් අස්වනු මංගල්‍යය 2023 මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ප්‍රධානත්වයෙන්.

සිරි දළදා යල් අස්වනු මංගල්‍යය 2023 මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ප්‍රධානත්වයෙන්. වාරිමාර්ග අමාත්‍යාංශය, වාරිමාර්ග කළමනාකරණ අංශය, ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය එක්ව අටවැනි වරටත් සංවිධානය කරනු ලැබූ සිරිඳලාදා යල් අස්වනු පූජා මහා මංගල්‍යය වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේදී 19 දින පැවැත්විය.යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන "සිරි දළදා යල් අස්වනු පූජාව" දළදා සමිඳුන් උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා අනතුරුව අළුත් සහල්, ධාන්‍ය සහ රන්වී කරල් රැගත් ගොවීන් පෙරහැරෙන් ගොස් දළදා සමිදුන් ඉදිරියේදී පිරිත් සඣජායන‍ය මැද අලුත් සහල් පූජාව පැවැත්වීම පුරාණයේ සිට පැවත එන යල් කන්නයේ අළුත්සහල් දළදා සමිඳුන්ට පුජා කිරීමේ සෙත්කමයලි ජන ගතකිරීමක් ලෙස මෙම යල් අස්වනු පූජාව හැඳින්වෙයි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook