පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

කෙටුම්පත් කර ඇති මහනුවර නගරය හා උප  නගර සංවර්ධන සැලැස්ම ජාතික සැලැස්මක් ලෙස නීතිගත කිරීම පිළිබද සාකච්ජාවක්.

කෙටුම්පත් කර ඇති මහනුවර නගරය හා උප නගර සංවර්ධන සැලැස්ම ජාතික සැලැස්මක් ලෙස නීතිගත කිරීම පිළිබද සාකච්ජාවක්.

කෙටුම්පත් කර ඇති මහනුවර නගරය හා උප නගර සංවර්ධන සැලැස්ම ජාතික සැලැස්මක් ලෙස නීතිගත කොට ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා අවධාරණය කරයි. ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (03) මහනුවර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මහනුවර නගර සංවර්ධනයට අදාළ විශේෂ සාකච්ඡාවේ මුලසුන දරමිනි. විශාල මූල්‍යමය ආයෝජනයක් සිදු කරමින් මහනුවර නගරය තුළ ආරම්භ කොට ඇති බොහෝ සංවර්ධන ව්‍යාපෘති නිසි ලෙස නිම කොට එහි ප්‍රතිඵල නගරවාසීනට ලබා දීම නොහැකි වී ඇත්තේ විධිමත් සැලැස්මක් යටතේ ඒවා ක්‍රියාත්මක නොවීම නිසා බවත්, ඒවා පූර්වාදර්ශ කොට ගෙන ‘විසල් මහනුවර සංවර්ධන ව්‍යාපෘතිය’ පාර්ලිමේන්තුව තුළ නීතිගත කොට නීතිමය බැඳියාව ලබා දීම තුළින් මහනුවර නගර සංවර්ධනය අඛණ්ඩව ක්‍රියාවට නැංවීමේ හැකියාව පවතින බවත් ආණ්ඩුකාර ගමගේ මහතා තවදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් සකස් කර ඇති මෙම සමස්ත ව්‍යාපෘතිය තුළ හඳුනා ගන්නා මුදල් ආයෝජනයකින් තොරව ආරම්භ කළ හැකි සියලු ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙස ආණ්ඩුකාර ගමගේ මහතා මෙහිදී මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතාට උපදෙස් ලබා දෙනු ලැබීය. වැඩි දුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා පෙන්වා දුන්නේ පවතින නීති රීති අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධා වන්නේ නම් ඒවා අවම කිරීම සඳහා නිසි ආයතනික සම්බන්ධීකරණයක් අවශ්‍ය බවය. එසේම ඒ වෙනුවෙන් ජන සහභාගීත්වය උපරිම ලෙස ලබා ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද ‘විසල් මහනුවර නගර සංවර්ධන සැලැස්ම’ සම්බධයෙන් සවිස්තරාත්මක කරුණු පැහැදිලි කිරීමක්ද මෙහිදී සිදු කෙරිණි. සාකච්ඡාව සංවිධානය කළේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයයි. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න , මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් යන මහත්වරුද, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ හා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook