
පුද්ගලයින්ගේ නිෂ්පාදන අලෙවියට ඉඩක් මධ්‍යම ආණ්ඩුකාවරයාගෙන් ප්‍රකාශයක්.
පුද්ගලයින්ගේ නිෂ්පාදන අලෙවියට ඉඩක් මධ්‍යම ආණ්ඩුකාවරයාගෙන් ප්‍රකාශයක්.
මහනුවර යෝජිත බහුවිද මාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා ඉඩක් වෙන් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා ප්‍රකාශ කර සිටී. මේ බව ඒ මහතා සදහන් කර සිටියේ, ජාත්‍යන්තර ආබාධිත දින හා සමගාමී වැඩසටහනක් මධ්‍යම පළාත් සමජ සුබ සාධන, පරිවාස හා ළමාරක්ෂක කටයුතු දෙපාර්තමේන්තුවේ පරිශ්‍රයේදී (5) පැවති අවස්ථාවේදී අදහස් දක්වමිනි.
මධ්‍යම පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන රෝද පුටු, කිහිලි කරු, ශ්‍රවණාධාර උපකරණ හා ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමක් මෙහිදී සිදු වු අතර, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ නිෂ්පාදන අලෙවිය සදහා ද අවස්ථාව මෙහිදී ලබා දී තිබුණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, ආර්ථික අර්බුදය හේතුවෙන් ඉකුත් දෙවර්ෂයේදි ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් වැඩි ප්‍රතිපාදනයක් වෙන් කිරීමට අවස්ථාව හිමි නොවුණත් ඉදිරියේදි මධ්‍යම පළාතේ ආබාධිතයන් වෙනුවෙන් වැඩි පහසුකම් ලබා දෙන බවත්, විශේෂ අවශ්‍යතාවයන් ඇති පුද්ගලයින් දෙස අනුකම්පාවෙන් නොව සාමාන්‍ය පුරවැසියන් මෙන් සම අයිතීන් ලබාදීම සදහා කටයුතු කිරීම වැදගත් වන බවය. ස්වෝත්සාහයෙන් නැගී සිටීමට වෙර දරන මෙම ප්‍රජාව අන් බොහෝ දෙනාට ආදර්ශයක් බවත් ඔවුන්ගේ නිර්මාණ වර්ධනය කරීම සදහා ඇත හිත දීමත් ඒවා සදහා වෙළද පලක් සකසා දීමත් සදහා කටයුතු සිදුකරන බවත් උත්සව සමයේදී ඔවුන්ගේ නිෂ්පාධන ජනගත කිරීම සදහා අවස්ථා හදුන්වා දීමටත් කටයුතු කරන බව මෙහිදී වැඩිදුරටත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යශ ලේකම් ජගත් අධිකාරී , මධ්‍යම පළාත් පරිවාස කොමසාරිස් ඩී.එම්.සී.සී.කේ. ගුණරත්න යන මහත්ම මහත්මීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.