පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

බලශක්ති සංරක්ෂණය සහ විකල්ප බලශක්ති භාවිතය-චිත්‍ර තරගය

බලශක්ති සංරක්ෂණය සහ විකල්ප බලශක්ති භාවිතය-චිත්‍ර තරගය

බලශක්ති සංරක්ෂණය සහ විකල්ප බලශක්ති භාවිතය තේමා කොට ගෙන පළාත් මාර්ග සංවර්ධන, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය විසින් පළාතේ පාසල් සිසුන් අතර පවත්වන ලද චිත්‍ර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි. මෙයට සමගාමීව ජයග්‍රාහී චිත්‍ර ප්‍රදර්ශනයටද අමාත්‍යාංශය කටයුතු කොට තිබිණි. මේ අවස්ථාවට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හා රේඩා ආයතනයේ සභාපතිවරු සමඟ පළාත් මාර්ග සංවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියද, පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතාද, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, විදුහල්පතිවරුන් හා දෙමාපිය පිරිසක්ද සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook