පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

පුහුණු බහුකාර්ය සංවර්ධන සහයකයින් සඳහා ස්ථිර පත්වීම්.

පුහුණු බහුකාර්ය සංවර්ධන සහයකයින් සඳහා ස්ථිර පත්වීම්.

පුහුණු බහුකාර්ය සංවර්ධන සහයකයින් සඳහා ස්ථිර පත්වීම්. රාජ්‍ය සේවයේ ප්‍රාථමික මට්ටමේ ශිල්පිය නොවන සේවා ගණයේ තනතුරුවලට බඳවා ගනු ලැබ ඇති පුහුණු බහුකාර්ය සංවර්ධන සහයකයින් සඳහා ස්ථිර පත්වීම් ලබාදීමේ දෙවන අදියර මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.මෙහිදී මධ්‍යම පළාතේ පුහුණු බහුකාර්ය සංවර්ධන සහයකයින් 533ක් සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කෙරිණි. ස්ථිර පත්වීම් ලැබූ බහුකාර්ය සංවර්ධන සහයකයින් වෙත සුභාෂිංශන එක්කළ ගමගේ මහතා මහජන සේවයට කැපවෙමින් රටේ සංවර්ධන උදෙසා අවංකව සිය සේවය ඉටු කරන ලෙස වැඩිදුරටත් සඳහන් කළේය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය නලින් බණ්ඩාර මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය සහ මධ්‍යම පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, මධ්‍යම පළාත් සභා ගරු සභාපති එල්. ඩි. නිමලසිරි මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොළ මහත්මිය, බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් බුද්ධික උඩගේ මහතා, අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරින් හා පත්වීම්ලාභින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook