
පවතින අයහපත් කාලගුණයත් හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවලට අනෙක් කාර්යයන් පසෙකලා මේ මොහොතේ ප්‍රමුඛත්වය ලබා දෙන්න
මෙවර උසස් පෙළ විභාගයට මුහුණදීමට සිටින එක් දරුවෙකුට හෝ අසාධාරණයක් නොවන ලෙස ඒ සදහා අවශ්‍ය පසුබිම සකස්කරන්න. පවතින අයහපත් කාලගුණයත් හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවලට අනෙක් කාර්යයන් පසෙකලා මේ මොහොතේ ප්‍රමුඛත්වය ලබා දෙන්න යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මෙලෙස පැවසුයේ පවතින ආපදා තත්වය හා මෙවර උසස් පෙළ විභාගය සදහා මුහුණ දෙන දරුවන් මුහුණ පාන ගැටළු පිළිබදව (03) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවක දිය.
මෙවර උසස් පෙළ විභාගය (04) ආරම්භ වෙන බැවින් , පවතින ආපදා තත්ත්වය හමුවේ මෙවර මධ්‍යම පළාතේ උසස් පෙළ විභාග සදහා මුහුණ දෙන අපේක්ෂකයන් සඳහා බාධාවකින් තොරව විභාගය සදහා මුහුණදීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සම්පාදනය ඉකිරීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරවර ගමගේ මහතා අදාල අංශවලට උපදෙස් ලබාදෙන ලදී. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මධ්‍යම පලාතට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර , උඩුදුම්බර, පාතහේවාහැට , මාතලේ දිස්ත්‍රික්කයේ රිවස්ටන් , නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රදේශවලට බලපා ඇති අයහපත් ආපදා තත්ත්වයන් හේතුවෙන් පාසල් දරු දැරියන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා මෙම ප්‍රවාහන පහසුකම් ලබාදීමට තීරණය කර ඇත. පළාත් පාලන ආයතන, ප්‍රජා පොලිස් ඒකකය , මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංගම හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඇතුලු ආයතන රැසක සම්බන්ධීකරණය මත මෙම ප්‍රවාහන පහසුකම් ලබාදීමට නියමිතය.
ආපදා තත්ත්වය මත සාමාන්‍ය ජන ජිවිතය ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම උදාකිරීම වෙනුවෙන් අවදානම් ප්‍රදේශයන්හි පවතින හානිකර ගස් කපා ඉවත් කිරීම කඩිනම් කිරීම සදහා ප්‍රාදේශීය ලේකම්වරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානින් වෙත බලය ලබාදෙමින් ක්ෂණික තීන්දු ගැනීමට මෙහිදී උපදෙස් ලබාදීම සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,ප්‍රධාන හා අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් මේනක හේරත් , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලුකා බුලත්ගේ, ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර යන මහත්ම මහත්මීන් , ආපදා තත්ත්වයට පත්වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානින් ,ආරක්ෂක අංශ ඇතුලු පිරිසක් එක්ව සිටියහ.