
අපදාතත්වයට පත්ව ඇති මැදදුම්බර , උඩුදුම්බර මාර්ගයන් හා ඒ අවට ප්‍රදේශයන්හි පවතින වර්තමාන තත්ත්වයන් සොයා බැලේ.
අපදාතත්වයට පත්ව ඇති මැදදුම්බර , උඩුදුම්බර මාර්ගයන් හා ඒ අවට ප්‍රදේශයන්හි පවතින වර්තමාන තත්ත්වයන් සොයා බැලේ.
මධ්‍යම පලාතට පසුගිය දිනවල අද හැලුණු අදික වර්ෂාව හේතුවෙන් පිඩාවට හා අපදාතත්වයට පත්ව ඇති මැදදුම්බර , උඩුදුම්බර මාර්ගයන් හා ඒ අවට ප්‍රදේශයන්හි පවතින වර්තමාන තත්ත්වයන් සොයා බැලීමට 03වන දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
ඒ මහතා මෙලෙස නිරීක්ෂණ චාරිකාවක නිරත වුයේ එදින පැවති විශේෂ ආපදා කමිටු රැස්වීමේ දී සාකච්ඡා වූ කරුණු වල ප්‍රායෝගික තත්ත්වය පිළිබදව සොයා බැලීම වෙනුවෙනි. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.