පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

75 වන ඉන්දීය ජනරජ දිනය සැමරීම් උත්සවයක් මහනුවර දී.

75 වන ඉන්දීය ජනරජ දිනය සැමරීම් උත්සවයක් මහනුවර දී.

75 වන ඉන්දීය ජනරජ දිනය සැමරීම් උත්සවයක් මහනුවර දී. 75 වන ඉන්දීය ජනරජ දිනය සැමරීම වෙනුවෙන් මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යලය මගින් සංවිධානය කරන ලද සැමරුම් වැඩසටහනක් හා සංස්කෘතික විවිධ ප්‍රසංගයක් 26 වන දින මහනුවර කරලිය ශ්‍රවණාගාරයේ දී මධ්‍යම පළාත් ආණඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. “ශ්‍රිංගාර්” නමින් නම්කොට පැවති මෙම සංස්කෘතික විවිධප්‍රසංගය නම්රිතා මෙහෙතා සහ කණ්ඩායම විසින් ඉදිරපත් කරන ලද අතර, ඉන්දියානු සම්භාව්‍ය නර්තන ආකෘති සමූහයක් සම්භාව්‍ය රිද්මය එක් කරමින් මෙහිදී ප්‍රදර්ශය කරන ලදී. ඉන්දීය ශ්‍රී ලංකා රාජත්‍රාන්තික සම්බන්ධතා වලට වසර 75ක් සපිරීම හා මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පිහිටුවා මේ වන විට වසර 100 ක් ද සපුරා ඇත.1923 වර්ෂයේදී පිහිටුවන ලද මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විදේශීය රටක පිහිටි ඉන්දීය රජයේ පැරණිම කාර්යාලය වීමද විශේෂත්වයකි. දකුණු ආසියානු කලාපයේ බලවතා මෙන්ම ලෝක බලවතුන් අතර ප්‍රබල ස්ථානයක් හිමිකර ගෙන ඇති ඉන්දියාව දෙරට අතර මිත්‍රත්වය කැපී පෙනෙන ලෙස වර්ධනය හා සමීප වි ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට විශාල දායකත්වක් ලබාදීම ද පැසසිය යුතු ලක්ෂයක් වේ. මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මහත්මියගේ උපදෙස් මත සංවිධාන කරන ලද මෙම අවස්ථාව සඳහා පාර්ලිමෙන්තු මන්ත්‍රි පලනි දිගම්බරම්,හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව,දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල, හිටපු නගරාධිපති කේසර සේනානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ඇතුළු අමාත්‍යාංශ ලේකම් වරුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන්,නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ, නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook