පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

උත්සව වෙනුවට මහපොළොවේ පැලවෙන වැඩසටහන් ක්‍රියාතමක කළ යුතුයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්

උත්සව වෙනුවට මහපොළොවේ පැලවෙන වැඩසටහන් ක්‍රියාතමක කළ යුතුයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්

උත්සව වෙනුවට මහපොළොවේ පැලවෙන වැඩසටහන් ක්‍රියාතමක කළ යුතුයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් උත්සව වෙනුවට මහපොළොවේ පැලවෙන වැඩසටහන් ක්‍රියාතමක කළ යුතුයි. අපි වියදම් කරන්න ඕන අනාගත ආයෝජනය වෙනුවෙන්. අනාගත ආයෝජනය කියන්නේ අපේ දරු පරපුරයි. ඒ අතර අධ්‍යාපනය ප්‍රධානයි. යහපත් සංස්කෘතික මිනිසෙකු සමජගත කිරීම මුලික කරගෙන පාසල් දරුවන් වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ 77 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමිව පැවැත්වීමට නියමිත මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම් උළෙලේ සංවිධාන කටයුතු පිළිබදව මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී (22) පැවති විශේෂ සාකච්ජාවකට එක් වෙමිනි. 77 වන ජාතික නිදහස් උළෙලට සමගාමිව පැවැත්වෙන මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම මෙවර අධ්‍යාපනයට මුලිකත්වය ලබාදෙමින් පැවැත්වීමට සැලසුම් කොට පවතී. මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රමුඛ කර ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ පවතින අධ්‍යාපන කලාප හයක් පදනම් කර ගනිමින් ආදර්ශ පාසල් ලෙස නගාසිටුවීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කෙරේ. ජාතික මට්ටමින් පාසල් ඇගයීමේ ක්‍රමවේදයට අනුව අරමුණු අටක් පාදක කර ගනිමින් මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. මෙහිදී සියළු රාජ්‍ය ආයතන ,පෞද්ගලික ආයතන , ආරක්ෂක අංශයන්ගේ දායකත්වය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ ඒ ආයතනයන් මගින් මෙම වැඩසටහන සදහා ලබාදියහැකි දායකත්වය පිළිබදව මෙහිදී දීර්ග ලෙස කරුණු දැක්වීම් සිදුකරන ලද අතර කඩිනමින් ආයතනයන් වෙත වගකීම් පවරාදීමට ද තීරණය විය. මධ්‍යම පළාත් සභාව හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එකාබද්ධව මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු සංවිධානය කරනු ලබන අතර මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය, මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් දිලිපා රූපානි පියදාස , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා අලහකෝන් , සභා ලේකම් සුජානි එස් විජේතුංග , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස් ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් , අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානින් ,ආරක්ෂක අංශයන් නියෝජනය කරමින් නිලධාරින් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook