පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ICC 2026 T 20  පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය  සම්බන්ධයෙන් සාකච්ඡාවක්

ICC 2026 T 20 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් සාකච්ඡාවක්

ICC 2026 T 20 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2026 වර්ෂයේ පවත්වන 20-20 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී (22) දින පැවැත්විණි.මෙවර 20-20 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය 2026 වර්ෂයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වේ. ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි 07 වැනිදා ආරම්භ වන අතර අවසන් මහා තරගය මාර්තු 08 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.මෙම සාකච්ඡාවේ දී මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත තරග සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.එහිදි ක්‍රීඩාංගණයේ ආරක්‍ෂක කටයුතු, නරඹන්නන් සදහා පහසුකම් සැලසීම, සනීපාරක්ෂක හා කසල කළමනාකරණය, මාර්ග හා ගමනාගමනය, වීදී ලාම්පු, ප්‍රචාරක හා ප්‍රවර්ධන, පළාතේ සංචාරක හා සංස්කෘතික අංග සදහා අවස්ථාව ලබා ගැනීම ඇතුලු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණී.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, සෞබ්‍ය අමාත්‍යාශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලිපා රූපානි පියදාස, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ලේකම් බන්දුල දිසානායක, මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් ජානක පතිරණ, මධ්‍යම පළාත් (උතුර) නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහත්ම මහත්මීන්, ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook