පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි. පුරා වසර තුනකට අධික කාලයක් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර ධූරයේ ගෞරවය මෙන්ම පළාතේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටිමින් පළාතේ සියලු පුද්ගලයින් සදහා ආදර්ශයක් වන අයුරින් තම කාර්ය ජනතාවාදී ලෙසින් සිදුකරන ශාසන මාමක සේවය සහ සමාජ මෙහෙවර අගයමින් මහා විහාරවංශික රාමඤ්ඤ මහා නිකායේ 159 වන නිකාය දින උත්සවය මහනුවර ගෙලිඔය , තෙළඹුගල, නීග්‍රෝධඛේත්ත පිරිවෙන් මහා විහාර භූමියේදී පැවති අවස්ථාවේදී මහා විහාරවංශික රාමඤ්ඤ මහා නිකායේ අතිගරු මහානායක මකුලෑවේ විමල නාහිමිපනන් වහන්සේගේ සුරතින් ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම අවස්ථාවට රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාහිමපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා,සියම් මහනිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ නිකයාරක්ෂක මහසභාවේ සහපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා, එහි මහා ලේකම් අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා, කෝප් කමිටු සභාපති උඩුනුවර ආසන සංවිධායක මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා , උඩුනුවර ප්‍රාදේශීය සභා සභාපතිතුමන් ඇතුලු පිරිසක් ද සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook