
ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී ගෞරව සම්මානය සත්‍ය වශයෙන්ම මධ්‍යම පළාතේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු නිලධාරීන් ගත් සාධනීය ක්‍රියාමාර්ග වෙනුවෙන් පිරිනැමුණු ගෞරව සම්මානයක්.
ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී ගෞරව සම්මානය සත්‍ය වශයෙන්ම මධ්‍යම පළාතේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු නිලධාරීන් ගත් සාධනීය ක්‍රියාමාර්ග වෙනුවෙන් පිරිනැමුණු ගෞරව සම්මානයක්.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකාය දින සංවත්සර මහෝත්සවයේදී එහි මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමලාභිදාන මාහිමිපාණන් වහන්සේගේ සුරතින් තමා වෙත පිරිනැමුණු ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී ගෞරව සම්මානය සත්‍ය වශයෙන්ම පසුගිය තෙවසර තුළ මධ්‍යම පළාතේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු නිලධාරීන් ගත් සාධනීය ක්‍රියාමාර්ග වෙනුවෙන් පිරිනැමුණු ගෞරව සම්මානයක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. තමා ආණ්ඩුකාරවරයා ලෙස ඔවුනට මඟ පෙන්වූ බවද, ඊට අදාළ සියලු කාර්යයන් ඉටු කළේ ඔවුන් බවද ආණ්ඩුකාර ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටී.
ආණ්ඩුකාර ගමගේ මහතා මේ බව කියා සිටියේ උක්ත සම්මානය පිරිනැමීම හ ඊට පසුබිම් වූ තත්ත්වයන් සාකච්ඡා කිරීමේ අවස්ථාවකට අද දින (31) පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සහභාගී වෙමිනි. ගමගේ මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියා ය.
මෙහිදී පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද, ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහේෂ්වර කිරිදිගොඩ මහතාද අදහස් දැක්වූහ.
පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, ආණ්ඩුකාර පෞද්ගලික කාර්ය මණ්ඩලයද, ආණ්ඩුකාර කාර්යාලයීය කාර්ය මණ්ඩලය ද මේ හා එක්ව සිටියහ.