පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මාඋස්සාව දෙමල විද්‍යාලයේ දරුවන්ට දවල් ආහාරය පිරිනැමීමේ වැඩසටහනක්.

ආහාර සුරක්ෂිතාවය සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහනට සමගාමිව මාඋස්සාව දෙමල විද්‍යාලයේ දරුවන්ට දවල් ආහාරය පිරිනැමීමේ වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කෙරිණි.

අයහපත් කාලගුණය නිසා අවහිර වූ කඩුගන්නාව නගරයේ බෝක්කු පවිත්‍ර කිරීමේ වැඩසටහනක්

පසුගියදා ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් අවහිර වූ කඩුගන්නාව නගරයේ බෝක්කු පවිත්‍ර කිරීමේ වැඩසටහනක් කඩුගන්නාව නගර සභාව මගින් ක්‍රියාත්මක කරයි.

පල්ලේපොල, ආහාර සුරක්ෂිතතාවය හා මන්දපෝෂණය පිටුදැකීම පිළිබඳව වැඩසටහනක්.

ආහාර සුරක්ෂිතතාවය හා මන්දපෝෂණය පිටුදැකීම පිළිබඳව පල්ලේපොල ප්‍රාදේශීය සභා බලප්‍රදෙශයේ පෙරපාසැල් පාලිකාවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වින.

වරාපිටිය ප්‍රදේශයේ ජනතාව විසින් අවිධිමත් ලෙස බැහැර කර තිබූ කසල.

පරිසරය සුරකිමින් ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් කසළ කළමනාකරණය විදිමත්ව සිදු කිරීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව සභා බල ප්‍රදේශයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. වරාපිටිය ප්‍රදේශයේ ජනතාව විසින් අවිධිමත් ලෙස බැහැර කර තිබූ කසල ඉවත්කර පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ඉකුත්දා සංවිධානය කොට පැවතිනි.

දඹුල්ල මහා නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රජා මණ්ඩල 14ක් සඳහා විදුලි පහන් 28ක් ලබා දීමේ වැඩසටහනක්.

දඹුල්ල මහා නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රජා මණ්ඩල 14ක් සඳහා විදුලි පහන් 28ක් ලබා දීමේ වැඩසටහන 2022.11.16 වන දින මහා නගර සභා ගර්භයේදී ගරු නගරාධිපති ජාලිය ඕපාතා මහතා  ඇතුළු  නාගරික මන්ත්‍රීවරුන්ගේ හා  මාතලේ පළාත් පාලන සහකාර කොමසාරිස්තුමාගේ සහභාගිත්වයෙන් පවත් වන ලදි. 

* යාපාගම ප්‍රජා මණ්ඩලය - යාපාගම 

* බුලාගල ප්‍රජා මණ්ඩලය - බුලාගල 

*සර්ව උදාන ප්‍රජා මණ්ඩල - කපුවත්ත

* එක්සත් ප්‍රජා මණ්ඩලය - පැල්වැහැර

* ඉසුරු සම්පත් ප්‍රජා මණ්ඩලය - දඹුල්ල නගරය

* සමගි ප්‍රජා මණ්ඩලය - පොහොරන්වැව

* නවපාදෙනිය ප්‍රජා මණ්ඩලය - දඹුල්ල නගරය 

* අතුපාරයාය ප්‍රජා මණ්ඩලය - අතුපාරයාය 

* තිත්තවැල්ගොල්ල ප්‍රජා මණ්ඩලය - තිත්තවැල්ගොල්ල 

* මොරගොල්ලෑව ප්‍රජා මණ්ඩලය  - මොරගොල්ලෑව 

* දිලෙනතරු ප්‍රජා මණ්ඩලය  - පහළවැව

* රංගිරි ප්‍රජා මණ්ඩලය  - සලුඅපුල්ලනවැව

* රංගිරි ප්‍රජා මණ්ඩලය - දඹුලුගම 

* එකමුතු ප්‍රජා මණ්ඩලය  - රත්මල්ගහඇල

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook