පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම අපරාජීතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම අපරාජීතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් T20 ක්‍රිකට් තරගාවලිය සදහා මෙවර ප්‍රථම වතාවට ඉදිපත් වූ මධ්‍යම පළාත් සභා ක්‍රිකට් කණ්ඩායම ඉදිරිපත්වූ සියලු තරග ජයග්‍රහණය කරමින් අපරාජිතව T20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී ඇත. අවසන් මහා තරගය මධ්‍යම පළාත් සභා ක්‍රිකට් කණ්ඩායම හා සබරගමුව පළාත් සභා කණ්ඩායම අතර 2025.11.21 දින කිරිදිවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එච් කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සියළු රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම් පරාජය කරමින් අවසන් තරගය ජග්‍රහණය කිරීමට , ශූරතාවය දිනා ගැනීමට මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කණ්ඩායමට හැකි වේවායි ඔබ වෙත සුභ පැතුම් එක්කරන්නෙමු. මෙම කණ්ඩායම මධ්‍යම පලාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකොන් මහතාගේ ආශිර්වාදයෙන් , පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතාගේ මැදිහත්වීම යටතේ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මාධූපානි පියසේන , ක්‍රීඩා අධ්‍යක්ෂ එම්.යු.නිශාන්ත යන මහත්ම මහත්මීන් ගේ අධීක්ෂණය යටතේ තරගාවලියට සහභාගි වී ඇත.මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම පළාතේ ක්‍රීඩා අභිමානය විදහා දැක්වීමට , රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අතරින් දක්ෂ ක්‍රීඩකයන් හදුනාගැනීමට, මධ්‍යම පළාතේ ප්‍රධාන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට ඉදිපත්වීමත්, මෙම කණ්ඩයම ස්ථාපිත කිරීමත් , පළාතක් ලෙස ලබාගෙන ඇති විශිෂ්ට වූ ජයග්‍රහණයකි.කණ්ඩායමේ නායකත්වය යොහාන් මදුසංක දරන අතර නාලක වත්තේගෙදර බුද්ධික ද සිල්වා නිසල් මාරසිංහ බණ්ඩාර අලහකෝන් ප්‍රියන්ත අගලකොටුව විජේසිරි සේනානායක නිරෝෂන් චන්දිමාල් මොහොමඩ් රිෆායි හේශාන් ගමගේ මිලාන් මදුරප්පෙරුම පසන් පරපිටිය ප්‍රභාත් මදුරංග සංජීව අලුත්වත්ත යන දක්ෂ ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරගාවලිය

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරගාවලිය වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේදී දෙදිනක් පුරා පැවැත්විණ. මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15ක් නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා බාලක බාලිකාවන් පාසල් රැසකින් සහභාගී වී සිටි අතර වයස අවුරුදු 16,18,20 න් පහළ වයස් කාණ්ඩයන් නියෝජනය කරමින් බර පන්ති රැසක් යටතේ මෙම තරගාවලිය සංවිධානය වී පැවතුණි. ඉදිරියේදී පැවත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සදහා මධ්‍යම පළාත නියෝජනය කරමින් සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් සංවිධානය වූ මෙම තරගාවලිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ) සංජිව වීරක්කොඩි මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කර පැවතුණි.

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ හොකි තරගාවලිය

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ හොකි තරගාවලිය පේරාදෙණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයේදී පසුගිය දා (06) පැවැත්විණ. මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15ක් නියෝජනය කරමින් බාලක බාලිකා කණ්ඩායම් රැසක් මෙම තරගාවලිය සදහා සුදුසුකම් ලබා පැවති අතර ඉදිරියේදී පැවත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සදහා මධ්‍යම පළාත නියෝජනය කරමින් සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කොට පැවතුනි. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ) සංජිව වීරක්කොඩි මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම තරගාවලිය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරන ලදී.

මධ්‍යම පළාත් කැරම් තරගාවලිය.

මධ්‍යම පළාත් කැරම් තරගාවලිය. 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කැරම් ක්‍රීඩාව සදහා මධ්‍යම පළාත නියෝජනය කරනු ලබන කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් කැරම් තරගාවලිය පසුගියදා මහනුවර YMBA ශාලාවේදී පැවැත්විණ. මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම තරගාවලිය සදහා සහභාගී වී සිටි අතර කේවල හා කණ්ඩායම් අංශයන්ගෙන් පැවති මෙම තරගාවලියේදී මධ්‍යම පළාත නියෝජනය කරමින් ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා කාන්තා හා පිරිමි 10 දෙනෙකු මෙහිදී සුදුසුකම් ලබා ගන්නා ලදී. පසුගිය වසරේ පැවති 48 වන ජාතික මගා ක්‍රීඩා උළෙලේදී සමස්ත කැරම් අනුශුරතාවය හිමිකර ගැනීමට මධ්‍යම පළාත සමත් විය. මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.යු.නිශාන්ත මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කොට පැවති මෙම තරගාවලියේ සම්බන්ධීකරන නිලධාරි ලෙස ක්‍රීඩා නිලධාරි නිකේෂලා අත්තනායක කටයුතු කරන ලදී.

මාතලේ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට.

මාතලේ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට. 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සමත්විය.මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ දී පසුගියදා පවත්වන ලද මෙම තරගාවලියේ අනු ශූරතාවය ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හිමිකර ගැනීමට සමත් වූ අතර මෙම ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයින් මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නියෝජනය කළ එම්. උෂාන් ජයකොඩි ක්‍රීඩකයා ද , දක්ෂතම ක්‍රීඩිකාව ලෙස උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යේ ටී.ජී.ජේ.රුවන්තිකා ද සම්මානයෙන් පිදුම් ලැබීය.මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී අජිත් කුලතුංග මහතාගේ අධීක්ෂණය යටතේ මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා එක්ව සිටි අතර, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ එම්. යු. නිශාන්ත, මූලස්ථාන දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී ලක්ෂ්මන් විජේසේකර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook