ක්‍රීඩාවේ නොමැකෙන සන්නාමය වත්තේගම අධ්‍යාපන කලාපයේ වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ (ක්‍රීඩා පාසලේ) 2023 නිවාසාන්තර ක්‍රීඩා උළෙල මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (04) විද්‍යාලිය ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා නාමය ඉහලට ඔසවා තැබීමට ඉහල දායකත්වයක් ලබාදෙමින් නගරයට සීමාවී පැවති ක්‍රීඩාව ග්‍රාමීය තලයට ගෙන එමින් දරුවන්ගේ කුසලතා නිවරදි ව හදුනා ගෙන අති දක්ශ ක්‍රිඩක පරපුරක් බිහි කිරිමෙහි ලා ප්‍රමුඛ කාර්‍යයක් ඉටු කරනු ලබන වලල ඒ රත්නායක විදුහල මේ දක්වා සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශුරතාවයන් 94ක්, ජාත්‍යන්තර පදක්කම් 59ක් දිනා ගැනිමට සමත් ව ඇත.
අනාගත ක්‍රිඩක පිරිසක් බිහි කිරිමේහි ලා ක්‍රීඩා ක්ෂේත්‍රයට විද්‍යාපීඨ ක්‍රීඩා ගුරුවරුන් 400කට අධික ප්‍රමාණයක් දායාද කිරිමට ද මෙම විදුබිම්ට හැකියාව ලැබි ඇත.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා , ක්‍රීඩා පාසැලක තිබිය යුතු විනය ඉතා උසස් මට්ටමින් පැවතිම අගය කරන බවත්, සමස්ත පාසල් පද්ධතියෙන්ම අපේක්ෂා කරනුයේ මෙවැනි විනයවත් ,ගුණගරුක වූ පිරිසක් සමාජගත කිරීම බව පැවසිය. අධ්‍යාපන ප්‍රතිපල මෙන්ම දරුවන්ගේ කුසලතා වර්ධන කිරීම කාලින වටිනාකම් ගෙනදෙන්නක් බවත් , ක්‍රීඩාවෙන් මෙන්ම සමාජ යහපැවැත්ම වෙනුවෙන් දරුවන් සමාජගත කිරීමේදී පාසලෙන් ලබන විනයවත් බව සමාජගත වීම කාලින අවශ්‍යතාවයක් වී ඇති බවත් , විනයගරුක ,ගුණගරුක සමාජයකට අවශ්‍ය පදනම ගිලිහුණහොත් එය රටේම ව්‍යසනයට ප්‍රබල හේතුවක් වන බව ද ලේකම්වරයා කිය.
විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.ධම්මික හේරත් මහතාගේ මගපෙන්විම හා උපදෙස් මත මෙම ක්‍රීඩා උළෙල සංවිධානය වු අතර මෙම උත්සවය සදහා වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , අධ්‍යාපන අමාතංශයේ සැලසුම් අධ්‍යක්ෂ ටි.කේ.ඩි.හේරත් , වත්තේගම අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ සහ ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් හා අවට විදුහල්වල විදුහල්පතිවරුන් ඇතුළු ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ 15 වන කැම්බරිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (5) ගම්පොල වික්‍රමබාහු මාධ්‍ය මහා විද්‍යාලයේදී ආරම්භ කෙරින.
බාලදක්ෂ සිසු සිසුවියන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම
කැම්බරියේ සමාරම්භක අවස්ථාවේදී බාලදක්ෂයින් 54 දෙනෙකු ජනාධිපති පදක්කම හිමිකරගැනීම සුවිශේෂී සිදුවීමකි.
මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එස්. මුහීඩ්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශඛාවේ දිසා කොමසාරිස් කපිල ප්‍රියන්ත යන මහත්වරුන් ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් විය.
දුම්බර මිටියාවතේ වත්තේගම අධ්‍යාපන කලාපයේ පිහිටි පිලවල මහා විද්‍යාලයේ ( ජාතික පාසලේ ) 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉකුත්දා (04) වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
විද්‍යාලයේ විදුහල්පති ඩි.යු.දුනුවිල මහත්මියගේ මගපෙන්විම හා උපදෙස් මත මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කර පැවති අතර විශාල ආරාධිතයින් පිරිසක් හා අවට විදුහල්වල විදුහල්පතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වත්තේගම අධ්‍යාපන කලාපයේ පාතදුම්බර මහා විද්‍යාලයේ ( ජාතික පාසලේ ) 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉකුත්දා (04) වත්තේගම කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ මනෝජ් සෙනෙවිරත්න සහ වත්තේගම අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ සුසන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
විද්‍යාලයේ විදුහල්පති අජිත් කෝලිත රාජපක්ෂ මහතාගේ මගපෙන්විම හා උපදෙස් මත සංවිධානය කල මෙම ක්‍රීඩා උළෙලේදී උදාර ,වාසනා හා ප්‍රසන්න ලෙස නිවාසයන් තුනකට බෙදී දරුවන් තරග සදහා සහභාගි විය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට මධ්‍යම පළාත් භාණ්ඩාගාර බී. කණ්ඩායම සමත්වේ.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය 05 දින මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත් විය.
මෙම තරගාවලියේ අනුශුරතාවය පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාල (මහනුවර) කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. පළාත් රාජ්‍ය ආයතන අතර පැවති මෙම තරගාවලිය සදහා කණ්ඩායම් රැසක් සහභාගි විය.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
