පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

"අපි ගයමු" ප්‍රසංගය පළමු අදියර සාර්ථකව අවසන් වේ.

 "අපි ගයමු" ප්‍රසංගය පළමු අදියර සාර්ථකව අවසන් වේ.

මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ හැකියාවන් අගයමින්  ආයතනික කාර්යයපල ඉහළ තලයකට ගෙනඒමේ  අපේක්ෂාවෙන් සංවිධානය කරන ලද "ගයමු අපි" රසවිදන්දනිය වැඩසටහනේ පළමු අදියර ඉකුත්දා (09) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත් වින.

 

 මෙහිදී පළාත් සභා සංකීර්ණයේ සේවයේ නියුක්ත විවිධ සේවා ස්ථරවල නිලධාරීන්ගේ  ගායන හැකියා කුසලතාවයන්  ඇගයීමට ලක් කරනු ලැබූ අතර සේවා පරිසරය තුළ වඩා යහපත් වූ ජනතා සේවාවක්  ලබාදීම වෙනුවෙන් මානසික සුවතාවය වෙනුවෙන් වින්දනීය   අවකාශයන් උදාකිරීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන පළාත් මාධ්‍ය ඒකකය මගින් සංවිධානය කොට පැවතුනි.

 

මෙම අවස්ථාව සදහා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ පළාත් සභා සංකීර්ණයේ සේවයේ නියුක්ත නිලධාරින් සහභාගී වුහ.

මහනුවර හින්දු විද්‍යාලයේ සංවර්ධන කටයුතු මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට.  

මහනුවර හින්දු විද්‍යාලයේ සංවර්ධන කටයුතු මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට.

 මහනුවර හින්දු විද්‍යාලයේ දෙමාපියන් සහ වෙළඳ සංගම් වල දායකත්වයෙන් සිදුකරමින් පවතින සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා කටයුතු කළ අතර, එහිදී සීමිත ඉඩකඩක් තුල දරුවන් අධ්‍යාපනය හදාරන අයුරු නිරීක්ෂණය කළ ආණ්ඩුකාරවරයා පළාත් සභාවේ ආයතනයන් බාහිර පාර්ශව සමග කෙරෙන සංවර්ධන කටයුතු විධිමත්ව සැලසුම් කිරීමේ අවශ්‍යතාව සහ නියාමනය මෙහිදී අවධාරණය කරමින්, එබදු බාහිර පාර්ශවයන් රටේ අනාගත දරුවන් වෙනුවෙන් කරන මෙහෙය අගය කළ යුතු බව සදහන් කොට සිටියේය

පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,පළාත් ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ ඒ.වික්‍රමසිංහ, විද්‍යාලයේ විදුහල්පති පී.සිවකුමාර් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් විය.

 

මහනුවර නගරයේ ස්වභාවික ආපදා ඇතිවූ ස්ථාන මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට.

 මහනුවර නගරයේ ස්වභාවික ආපදා ඇතිවූ ස්ථාන මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට .

 

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග මහනුවර නගරයේ  ස්වභාවික ආපදාවන්ට ලක් වු ස්ථානයන් කිහිපයක් වාර්තා වූ අතර, ඒවා  නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා කටයුතු කළේය. 

 

ඒ අනුව, මහනුවර පොත්ගුල් විහාරස්ථානය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, මහනුවර හෙද විද්‍යාලය, යන ස්ථානයන්හී නායයෑ‍මේ අවධානම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ එම මහතා අදාල අංශ දැනුවත් කරමින්, ඒ සදහා සුදුසු පියවර ගැනීමට ද මෙහිදී කටයුතු කළේය.

 

මේ අතර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ හානියට ලක්ව බැම්මක් කඩා වැටීම සිදුව තිබු අතර, එම බැම්ම කඩා වැටීම නිසා දරුවන්ගේ ආරක්ෂාවට අවධානමක් නොමැති බවත් ඉංජිනේරු සේවා අධ්‍යක්ෂයක විසින් මෙහිදී තහවුරු කිරීම සිදු වු අතර,  බැම්ම ප්‍රතිංස්කරණ කටයුතු සිදුකිරීම සදහා පියවර ගැනීමට ආණ්ඩුකාරවරයා ක්‍රියාකල අතර සිද්ධිය වු අවස්ථාවේදීම තමා දැනුවත් වූ මොහොතේම අදාළ අංශ දැනුවත් කල බව ද මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කළ සිටියේය. 

 

මෙම නිරීක්ෂණ සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතා සහ පළාත් ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ ඒ.වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක්  එක්විය.

 

මධ්‍යම පළාතේ සංවර්ධන පුවත් ජනගත කිරීමට මාධ්‍ය සම්බන්ධීකරණය නිලධාරීන් පුහුණු කෙරේ.

මධ්‍යම පළාතේ සංවර්ධන පුවත් ජනගත කිරීමට මාධ්‍ය සම්බන්ධීකරණය නිලධාරීන් පුහුණු කෙරේ. 

                    

මධ්‍යම පළාත් රාජ්‍ය  සේවයේ නියුතු  මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන් සදහා වූ  මාධ්‍යකරණය පිළිබදව පුහුණු වැඩමුළුවක්   මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ  ප්‍රධානත්වයෙන්   ඉකුත්දා  පල්ලේකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.  

 

පළාතේ සංවර්ධන පුවත් ජනගත කිරීම සදහා ආයනතනික මට්ටමින් සිදුකරනු ලබන වැඩසටහන් හා සංවර්ධන කාර්යයන් ජනතාව වෙත වඩා සමීප කරවීමේ ප්‍රමුඛ කාර්යය සදහා වැඩි දායකත්වයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම වැඩසටහන සංවිධානය වී පැවතුනි.

 

මෙහි පළමු දේශනය මෘදුකාංග ඉංජිනේරු මහී කිරිඳිගොඩ මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වීය. එහිදී නව මාධ්‍ය ප්‍රවණතා හා ප්‍රවෘත්ති වාර්තාකරණයට එහි දායකත්වය පිළිබදව න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරම් වලින්  සමන්විත විය. 

 

දෙවන දේශනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, පළාත් මාධ්‍ය නිලධාරී නිමල්  චන්ද්‍රසිරි මහවත්ත මහතා පැවැත් වූ අතර එහිදී  පළාත් මාධ්‍ය ඒකකයේ කාර්යභාරය, මාධ්‍යකරණයේ වැදගත්කම, කාලීන සංවර්ධන පුවත් ජනගත කිරිම, ප්‍රවෘත්ති රචනය පිළිබඳව න්‍යායාත්මක කාරණා හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත විය. එසේම මාධ්‍යකරණයේ වැදගත්ම සාධකයන් වන ඡායාරූපකරණය, වීඩියෝකරණය හා සංස්කරණය පිළිබඳ ප්‍රායෝගික වැඩසටහන අසේල රත්නායක මහතා විසින් පැවැත්වීය. 

 

මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය විසින් මධ්‍යම පළාත් කලමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන   සංවිධානය කෙරිණි.

 

මෙම පුහුණු වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න ඇතුළු  අමාත්‍යාංශ ලේකම්වරුන්,  නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය,  කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු හා අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් මාධ්‍ය සම්බන්ධීකාරක නිලධාරීන් පිරිසක් සහභාගි විය.

කාලීන ගැටළු විසඳාගැනීම සඳහා ඵලදායිතා සංකල්පය යොදා ගැනීම කාලෝචිතයි-මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා.

කාලීන ගැටළු විසඳාගැනීම සඳහා ඵලදායිතා සංකල්පය යොදා ගැනීම කාලෝචිත බවත් ඒ සඳහා ආයතනික ඵලදායිතාව ඉහළ දැමීම කළ යුතු කාර්යයක් වුවත් පුද්ගලික ඵලදායිතාවය ඉහළ දැමීම ඒ සඳහා වඩාත්ම උචිත බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා පවසයි.

ප්‍රධාන ලේකම්වරයා මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ඊයේ (08)මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ පැවති මධ්‍යම පළාත්  ඵලදායිතා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස  එක්වෙමිනි.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පැවැත්වූ ඵලදායිතා තරඟාවලියට ඉදිරිපත්ව ජය ලැබූ මහනුවර, මාතලේ, නුවරඑළිය හා කෑගල්ල යන  දිස්ත්‍රික්කවල පාසල්, පිරිවෙන්, රජයේ ආයතන හා පුද්ගලික ආයතන සඳහා සහතිකපත් හා කුසලාන ප්‍රදානය කිරීම මෙහිදී  සිදු කෙරිණ. 

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ  ප්‍රධාන ලේකම්වරයා රාජ්‍ය අංශය තුළ පවතින සැබෑ ගැටලු හඳුනාගනිමින් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා නිරන්තරයෙන් රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බවත්, ඕනෑම අභයෝගයකට සූදානම්ව  ප්‍රායෝගිකත්වයට නැඹුරුවී, නව සංකල්ප ආදේශ කර ගනිමින් රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීමත්, රාජ්‍ය සේවකයෝ පුරවැසියෝ ලෙස රට ගොඩනැගීමට කැපවීමෙන් දායකත්වය ලබාදීම කාලීන අවශ්‍යතාවයක් බව  පැවසීය.

රාජ්‍ය අංශයේ සැබෑ ඵලදායිතාවය මැනිය හැක්කේ සේවය ලබා ගත් මහජනයා ලබා දෙන ප්‍රතිචාරය පදනම් කර ගෙන බවත්, ඵලදායිතාවය තිබිය යුත්තේ මහජනයා වෙනුවෙන් මිස මහජනයාට සේවයක් නොවන, මහජන ඇගයීමක් නොමැති සහ මහජන සිතුම් පැතුම් ඉටු නොවන රාජ්‍ය සේවයකින් හෝ ඵලදායිතාවයින් ඵලක් නොවන බව ද ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චම්පිකා ඩි. ධර්මසේන, අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල හෙන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook