පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

කථන දෙමළ පුහුණු වැඩසටහනක්.

කථන දෙමළ පුහුණු වැඩසටහනක් .


මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය විසින් සංවිධානය කරනු ලබන පුහුණු වැඩමුළු මාලාව යටතේ කථන දෙමළ එක්දින පුහුණු වැඩසටහන අද දින (28) කළමනාකරණ පුහුණු ඒකක ශ්‍රවණගාරයේ දී පැවැත්විණි. එහි අධ්‍යක්ෂිකා තිලිනි දෙහිගොල්ලේ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය මෙම කාර්යයන් සංවිධානය කරති. අද දින වැඩමුළුවට සම්පත්දායකත්වය සැපයුවේ රංගල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පති එස්.චන්ද්‍රසේකරම් මහතා යි.

 

මධ්‍යම පළාත් රාජ්ය නිලධාරීන්ගේ පරිගණක හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන්..

මධ්‍යම පළාත් රාජ්ය නිලධාරීන්ගේ පරිගණක හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය වූ microsoft office excel භාවිතය පිළිබදව පුහුණු වැඩසටහනක් අද දින (28) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක පරිගණකාගාරයේදී පැවැත් විය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ අධික්ෂණයෙන් නිලධාරීන්ගේ දැනුම හා කුසලතාවයන් ගොඩනංවමින් කාර්යයක්ෂම ආයතන පද්ධතියක් ගොඩනැගීමේ අරමුණෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සදහා පළාත් රාජ්ය සේවයේ නිලධාරින් සහභාගී වූ අතර, වැඩසටහනේ සම්පත්දායකත්ව සංවර්ධන නිලධාරි අනුරාධ අබේසිංහ සහ සම්පත් රුවන් (සංවර්ධන නිලධාරි )යන මහත්වරුන් විසින් ලබාදෙන ලදී.
මධ්යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මිගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන් සංවිධානය කෙරේ.

 

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු මෙහෙයුම් මට්ටම නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු මෙහෙයුම් මට්ටම නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්.


මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු මෙහෙයුම් මට්ටමේ නිලධාරීන් සදහා '' නවීන තාක්ෂණය භාවිතයෙන් කාර්යාල කටයුතු පහසු කරගැනීම "පිළිබඳ පුහුණු වැඩමුළුවක් (22) කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. සුහුරු තාක්ෂණය (Smart Technology ) භාවිතය සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් දැනුවත් කෙරිණි .මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා මෙහි සම්පත් දායකත්වය දැරීය. පරිගණක භාවිතයෙන් ටයිප් නොකර ලිපියක් සකස් කර ගැනීම, විද්‍යුත් (Digital) අත්සන යොදා ගැනීම, පරිවර්තන කටයුතු සිදු කිරීම, ලිපියක් විද්‍යුත් මාධ්‍ය භාවිතයෙන් යොමු කිරිම හා ජංගම දුරකථනයෙන් ලේඛන scan කර ඇමුණුම් සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් දැනුවත් කෙරිණි. මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කෙරුණු මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මිය, මධ්‍යම පළාතේ සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගි විය.සම්පත් දායකයින් මෙම වැඩසටහන් සඳහා සිය සම්පත් දායකත්වය නොමිලේ ලබාදෙන අතර සහභාගිවන නිලධාරීන්ට ද කිසිදු දීමනාවක් හෝ ආහාරපාන ලබාදීමකින් තොරව මෙම වැඩසටහන් මාලාව පැවැත්වේ.

 

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා බරිගම මහජන පුස්තකාලය අවට හා පෙර පාසල අවට පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක්.  

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා බරිගම මහජන පුස්තකාලය අවට හා පෙර පාසල අවට පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක්.

 

යහපත් වැඩ පරිසරයක් ගොඩනගා ගනිමින් ආයතනයන්හි කාර්යඵල වර්ධනය කිරීම වෙනුවෙන්

යහපත් වැඩ පරිසරයක් ගොඩනගා ගනිමින් ආයතනයන්හි කාර්යඵල වර්ධනය කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරින් හා කළමනාකරණ සේවා නිලධාරින් සදහා සංවිධානය කරන ලද Managing Soft Skills and Hard Skills in Work Place පිළිබදව වූ පුහුණු වැඩසටහනක් පසුගිය (23) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
කාලිනව ඉහළ අගයක් ගන්නා දැනුම හා කුසලතා කේන්ද්‍රීය රාජ්‍ය ආයතන පද්ධතියක් ගොඩනැගීමේ අපේක්ෂාවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ අධික්ෂණය යටතේ මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අයෝමි දුල්වල මහත්මිය විසින් ලබාදෙන ලදී.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් සදහා දැනට රජය මගින් ක්‍රියාත්මක රාජ්‍ය මුල්‍ය කළමනාකරණය කිරීමේ විධිවිධානයන්ට යටත්ව වියදම් සීමාකිරීම සදහා දායකත්වයට ලබාදෙමින් සම්පත්දායක දීමනා , ආහාරපාන හා මුද්‍රිත නිබන්දන ලබාදීමකින් තොරව සංවිධානය කෙරේ.

\

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook