පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් "සොබා සිප් වදුල" වැඩසටහන මාතලේ දී

මධ්‍යම පළාත් "සොබා සිප් වදුල" වැඩසටහන මාතලේ දී ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ "සොබා සිප් වදුල" ජාතික වැඩසටහනේ මධ්‍යම පළාත් සමාරම්භක උත්සවය (02) දින නිල වශයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අධ්‍යාපන කලාපයේ කවුඩුපැලැල්ල සිංහල විද්‍යාලයෙන් ඇරඹිණි.මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ස්වභාවධර්මය සමඟ අධ්‍යාපන පරිසරය සම්බන්ධ කිරීම තුළින් දරුවන්ගේ සදාචාරාත්මක වටිනාකම් සහ ආකල්පමය සංවර්ධනය කොට සංවේදී හා මානව හිතවාදි දරු පරපුරක් නිර්මාණය කිරීමයි.මෙහිදී විද්‍යාලයේ බැහැර ගත විවෘත පන්ති කාමරය "සොබා සිප් වදුල" සිසු අයිතියට පත් කිරීම සහ 'තුරු කැපකරු' වැඩසටහන යටතේ රුක්රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරිණි.කෘෂිකර්ම පශූ සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපනය අමාත්‍යංශය, ශ්‍රී ලංකා හදබිම අධිකාරිය, එස්-ලෝන් ආයතනය ඇතුලු ආයතන රැසකගේ දායකත්වය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.මෙම අවස්ථාව සදහා කවුඩුපැලැල්ල සිංහල විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය ඉඹුල්පිටියේ විපස්සී හිමි, මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක, මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ටී. එන්. හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කලාප නිලධාරී ශානිකා ගම්ලත්, එස්-ලෝන් ආයතනයේ ප්‍රාදේශීය අලෙවි කළමණාකාර ජී.ඒ. ජයතුංග යන මහත්ම, මහත්මින් ගුරු භවතුන් හා සිසු දරුවන් පිරිසක් එක්වූහ.

මාතලේ දිස්ත්‍රික් ප්‍රවාහන, මාර්ග සංවර්ධනය වෙනුවෙන් විශේෂ රැස්වීමක්

මාතලේ දිස්ත්‍රික් ප්‍රවාහන, මාර්ග සංවර්ධනය වෙනුවෙන් විශේෂ රැස්වීමක් මාතලේ දිස්ත්‍රික් ප්‍රවාහන හා මහා මාර්ග ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාර‍යේදී (01) දින පැවැත්විණි.ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බි.එස් අභයකෝන්, බුද්ධ ශාසන, අගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්ව‍රුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විය.මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රවාහන හා මහා මාර්ග ක්ෂේත්‍රයේ ගැටලු සහ ඉදිරියේ දි සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර පිළිබදව සාකච්ඡාවට ලක් කෙරිණි.මීට සමගාමීව ප්‍රවාහන හා මහා මාර්ග විෂය ක්ෂේත්‍ර සම්බන්ධ මාතලේ දිස්ත්‍රික් කමිටුව ස්ථාපනය කළ අතර එහි කමිටු සභාපති,ලෙස මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා පත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් බියන්විල, දීප්ති වාසලගේ මහත්ම මහත්මීන් මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක, මධ්‍යම පළාත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් දලීපා රූපානි පියදාස, මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) ඒ.ඒ. ‍වීරකෝන්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.කේ.එස්. ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

ජාත්‍යන්තර ළමා දින සැමරුම කුණ්ඩසාලේ දී

ජාත්‍යන්තර ළමා දින සැමරුම කුණ්ඩසාලේ දී ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් සංවිධානය කළ සැමරුම් වැඩසටහනක්, කුණ්ඩසාලේ, පල්ලේකැලේ, මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී (01) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී.මධ්‍යම පළාත් සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.මෙහිදී මධ්‍යම පළාත් ස්වේච්ඡා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික ළමුන් උදෙසා පවත්වන ලද ත්‍රෛයි භාෂා සාහිත්‍ය කලා නිර්මාණ තරග ජයග්‍රහකයින් ඇගයීම හා ඔවුන්ගේ නර්තන හා රංගන දක්ෂතා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබිණි. එමෙන්ම එම සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහී නිර්මාණ ඇතුළත් "මල් කැකුළු වසන්තය" සගරාවේ අටවන කලාපය එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරිණි. මීට සමගාමීව පාසල් සිසුන් සඳහා පවත්වන ලද කෙටි චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයීම ද සිදු විණි. තරඟකාරී අධ්‍යාපන රටාව හේතුවෙන් දරුවන්ගේ සහජ කුසලතා හදුනා ගැනීමට අවස්ථාවක් හිමි නොවන බවත් බොහෝ දරුවන් පොත පතට සීමා නොවී විවිධ සහජ කුසලතාවලින් දරුවන් සමන්විත වන නමුත් ඇතැම් දෙමාපියන් විසින් ගන්නා දැඩි තීරණ නිසා දරුවන්ට කිසිදු බාහිර කුසලතාවක් වර්ධනය කර ගැනීමට අවස්ථා නොලැබෙන බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා අදහස් දක්වමින් පැවසීය. ඉදිරියේදී වත්මන් රජය විසින් සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී පාසල් අධ්‍යාපනය මෙන්ම බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද අවධානය යොමු වනු ඇතැයි ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩී.එම්.සී.සී.කේ. ගුණරත්න, නියෝජ්‍ය කොමසාරිස් ආලෝකා සමරදිවාකර යන මහත්ම මහත්මීන් ළමා රැකවරණ මධ්‍යස්ථාන භාර නිලධාරීන් ඇතුළු දූ දරුවන් පිරිසක් එක්ව සිටියහ.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම එම සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බි.එස්. අභයකෝන් මහතාගේ සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය "ආශ්චර්ය" ශාලාවේ දී (30) දින පැවැත්විණි.දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටූ ප්‍රතිසංවිධානය කිරීම යටතේ ස්වදේශ කටයුතු චක්‍රලේඛ 03/2025 අනුව මාස තුනකට වරක් සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වීම, දිස්‍ත්‍රික් සැලසුම් කමිටුව, මිල කමිටුව ආදි අනු කමිටු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කෙරිණි.මෙම වසරේ ක්‍රියාත්මක කෙරෙන පළාත් සභා ප්‍රතිපාදන, විමධ්‍යගත අයවැය, වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධනය, ආපදා වතු නිවාස ව්‍යාපෘති, ජීවනෝපාය සංවර්ධන, සංචාරක අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති, ග්‍රාමීය මාර්ග සංවර්ධනය යන වැඩසටහන් සම්බන්ධ මේ දක්වා ප්‍රගතිය සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී අවධානය යොමු කෙරිණි.වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'ප්‍රජා ශක්ති' ජාතික වැඩසටහන, ක්ලීන් ශ්‍රී ජාතික වැඩසටහනට සමගාමිව දිස්ත්‍රික්කයේ තෝරාගත් බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම,නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල තීරණය කිරීම හා ගොවීන් මුහුණ දෙන ගැටළු, නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිත පවතින ගැටළු සම්බන්ධයෙන් ද දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන පානීය ජල ගැටළුව සඳහා විසදුම් ලබා ගැනීම, පොදු ප්‍රවාහනය සහ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සදහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වේලුසාමි රාධාක්‍රිෂ්ණන්, පී.ජි. විජේරත්න, අනුෂ්කා තිලකරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මින්, පළාත් පාලන ආයතන සභාපතිවරුන්, මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් යන මහත්ම, මහත්මින් මධ්‍යම පළාත් සභාව සහ මධ්‍යම රජයේ ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්වූහ.

මහවැලි ගඟ කේන්ද්‍රකර ගනිමින් ‘මධ්‍යම පළාත් සංචාරක දිනය’ සැමරේ

මහවැලි ගඟ කේන්ද්‍රකර ගනිමින් ‘මධ්‍යම පළාත් සංචාරක දිනය’ සැමරේ ලෝක සංචාරක දින තේමාව වන “සංචාරක ව්‍යාපාරය සහ තිරසාර පරිවර්තනය” යටතේ පවත්වනු ලැබූ "මධ්‍යම පළාත් සංචාරක දින වැඩසටහන" මහනුවර දොඩම්වල පාලම ආශ්‍රිත මහවැලි ගඟ කේන්ද්‍ර කරගනිමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (27) පැවැත්විණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා සංචාරක අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙම සංචාරක දින සැමරුම් උත්සවයේදී මහවැලි ගඟ කේන්ද්‍රකර ගනිමින්, ප්‍රථම වරට ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් එම ක්‍රියාකාරකම් ප්‍රවර්ධන කිරීමේ අරමුණින් පැවැත්විණි.දෙස් විදෙස් සංචාරකයින්ගේ සහභාගිත්වයෙන් ප්‍රදර්ශනාත්මක පාපැදි තරඟ, මහවැලි ගඟ ආශ්‍රිතව Kayaking, Rope Ladder Climbing, Bridge Abseiling, Cliff Jumping, Zip Line, Floating Ladder, Boat Ride යන ත්‍රාසජනක ක්‍රීඩා, ක්‍රියාකාරකම් සිදු කෙරිණි.මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අදහස් දක්වමින්, වත්මන් රජය මඟින් සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට ඉහළ දායකත්වයක් ලබා දෙන බවත්, මධ්‍යම පළාතේ මෙවැනි වැඩසටහන් ආරම්භ කිරීම සතුටට කරුණක් බවත්, මධ්‍යම පළාතේ මෙවැනිම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන රාශියක් පවතින බවත් පැවසීය. මධ්‍යම පළාත සංචාරකයන්ගේ පාරාදීයක් බවට පත් කිරීම ප්‍රධාන අරමුණක් බවත් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට මධ්‍යම රජයේ සහයෝගය ද නිරතුරුවම හිමිවන බවත් ආණ්ඩුකාරවරයා පැවසීය.ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, මහනුවර මහ නගර සභාව, හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව, ජල ක්‍රීඩා ආයතන, සංචාරක ක්‍ෂේත්‍රය සම්බන්ධ ආයතන, හෝටල් සංගම්, සංචාරක මාර්ගෝපදේශක සංගම්වල දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉදුනිල් කරුණාරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, නුවරඑළිය දිස්ත්‍රික්‍ ලේකම් තුෂාරි තෙන්නකෝන්, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මධ්‍යම පළාත් ප්‍රධාන හා සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුම ආරච්චි, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ සඳමාලි තෙන්නකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන හා සංචාරක අමාත්‍යාංශයේ සහකාර ලේකම් නයනි තෙන්නකෝන්, කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන්, මහනුවර හෝටල් සංගමයේ සභාපති රොඩ්නි ආම්ස්ට්‍රෝන් යන මහත්ම මහත්මීන් ත්‍රිවිධ හමුදාව සහ පොලීස් නිලධාරීන්, සංචාරක ක්‍ෂේත්‍රය සම්බන්ධ ආයතන, හෝටල් සංගම්, සංචාරක මාර්ගෝපදේශක සංගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook