උඩදුම්බර දිරිය දෙපා සුරකින්නට ක්‍රීඩා පාවහන් ප්‍රදානයක්.
අවශ්‍ය පහසුකම් නොමැතිව වුවද දිස්ත්‍රික් ශුරතාවය දිනා ගැනීමට සමත් වූ මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ උඩදුම්බර ද්විතීක පාසලේ පාපන්දු ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා පාවහන් ප්‍රදානය කෙරේ. මෙම කණ්ඩායම ලද ජයග්‍රහණය පිලිබදව පළවූ පුවත් පත් වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ අවධානයට යොමුවීමෙන් අනතුරුව ,අදාළ උපකරණ ලබා දීමට පියවර ගන්න ලෙස පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා වෙත දන්වනු ලැබිය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම දරුවන් ට පළාත් තරගාවලිය ට පර අවශ්‍ය පාවහන් කට්ටල ලබා දීමට හැකිවිය .
16න් පහළ කණ්ඩායම සඳහා අවශ්‍ය ක්‍රීඩා සපත්තු ලබා දීම අකුරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අයි.එම්. ඉස්තිහාර් සහ ව්‍යාපාරික ශමිල් අහම්මඩ් යන මහත්වරුන්ගේ අනුග්‍රහයෙන්, පළාත් ඉංජිනේරු සේවා ශ්‍රවනාගාරයේ දී සිදු කෙරිණි.
මහනුවර දිස්ත්‍රික් පාසල් පාපන්දු තරගාවලියේ වයස අවුරුදු දොළහෙන් පහළ බාලිකා අංශයෙන් හා වයස අවුරුදු දාසයෙන් පහල බාලිකා යන අංශවල ශූරතාවයන් දිනා ගැනීමට උඩදුම්බර ද්විතියික විද්‍යාලීය කණ්ඩායම් සමත් විය.
2016 වසරේ දී ආරම්භ කරන ලද පාසලේ පාපන්දු ක්‍රීඩා පාසලේ ක්‍රීඩාභාර්ය ආචාරිනි ලෙස සුජීවා නිල්මිණී අලුත්ගේ මහත්මියත්, පුහුණුකරු ලෙස එම්.ධම්මික මහතා කටයුතු කරන අතර මෙම කණ්ඩායම සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියකට සහභාගි වීමට සුදුසුකම් ලබා ගෙන ඇත.වර්තමානයේ විදුහල්පති වරයා ලෙස උපුල් වීරසේකර මහතා කටයුතු කරයි .
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මංඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මුල් ළමාවිය සංවර්ධන හා අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් .
මුල් ළමාවිය සංවර්ධන හා අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පළාත සඳහා හඳුන්වාදීමේ නිල උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධනත්වයෙන් මහනුවර, ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී (30) පැවැත්විණි.
මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු පාඨමාලාවේ පළමු කණ්ඩායම ලෙස ඩිප්ලෝමා සිසුන් හැට පස් දෙනෙක් තෝරාගෙන ඇති අතර ඔවුන් සදහා න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් සහිතව පාඨමාලාව ක්‍රියාත්මක කෙරේ.
මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා දරුවාගේ මුල් ළමා විය නිසි පරිදි සංවර්ධනය කිරීම හා ඒ සඳහා නිවැරදි මඟ පෙන්වීම හරහා රටට වැඩදායක දරුවන් පිරිසක් දායාද කළ හැකි බවත් , ලොව සාර්ථකත්වය ලබා ඇති බොහෝ රටවල් ඒ සදහා වන මුලික අඩිතාලම දැමීම අරබන්නේ මුල් ළමා අවධියේ දී බවත් උදාහරණ සහිතව පෙන්වා දෙනු ලැබිය . මෙවන් කාලින නව ප්‍රවේශයන් හි අවශ්‍යතාවය අවධාරනය කල ආණ්ඩුකාරවරයා , ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක එකක් වේවා යයි සුබ පැතුම් එක් කළේය.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මංඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් සහ මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පාඨමාලා උපදේශකයින්, ඩිප්ලෝමා සිසුන් ද සහභාගී වූහ.
වෙළෙඳපොළ ජයගැනීම සඳහා ගුණාත්මක නිෂ්පාදන වෙළඳපොළක් නිර්මාණය කිරීම වැදගත් - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා.
නව වෙළෙඳපල අවස්ථා නිර්මාණය කිරීම සහ අවස්ථා වැඩිදියුණු කිරීම උදෙසා ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා වු ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන්ගේ හමුවක් මහනුවර KCCහීදී.
විවිධ අභියෝගයන්ට මුහුණ දී ඇති ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කර්මාන්ත නැවත නඟාසිටුවීම සඳහා, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අතර ප්‍රධාන වශයෙන්ම නව වෙළඳපොළ අවස්ථා හඳුන්වා දීම හා වෙළඳපොළ අවස්ථා පුළුල් කිරීමේ වැඩසටහන් මාලාවක් සැළසුම් කර තිබේ.
ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාර ආයතන සමග මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් සම්බන්ධ කොට, ඔවුන්ගේ තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ඉහත ගැණුම්කරුවන්ට හඳුන්වා දී, එම නිෂ්පාදන සඳහා ඇණවුම් ලබා ගැනීමට අවස්ථාවන් උදා කිරීම අරමුණු කරගනිමින් ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන්ගේ හමුව (30 ) මහනුවර KCC ආයතනයේදී මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මධ්‍යම පළාතේ ව්‍යාපාරිකයින්ගේ හා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අලෙවි ප්‍රවර්ධන හා වෙළඳ අවස්ථා පුළුල් කිරීම, සෘජුවම ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවීමට අවස්ථාව ලබාදීම, ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා හඳුනා ගැනීම හා සම්බන්ධීකරණයට අවශ්‍ය අවකාශය ගොඩනැගීම, නව නිෂ්පාදන සඳහා වෙළඳපොළ අවස්ථා හඳුන්වාදීම, අපනයන අවස්ථා ලබාදීම, පළාතේ සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම මෙම වැඩසටහනේ අරමුණු වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගමගේ මහතා ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීම සඳහා ගුණාත්මක නිෂ්පාදන වෙළඳපොළක් නිර්මාණය කිරීම වැදගත් බව සඳහන් කළේය.
එසේම ප්‍රමිතිය ආයතනයේ සහකාර අධ්‍යක්ෂ රජිතා ජයවර්ධන මහත්මිය විසින් ව්‍යවසායකයින් හා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා පද්ධති සහතිකකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දේශනයක් ද පැවැත්වීය. එහිදී සහභාගි වූ පිරිසට ප්‍රමිති සහතික ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුරටත් දැනුම්වත් වීමට අවස්ථාව උදා විය.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අයි. ඩබ්. එම්. සී. කේ. ඉලංගකෝන් මහත්මිය, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා, පෞද්ගලික ආයතන , බැංකු හා ගැණුම්කරුවන්ගේ නියෝජිතයින් හා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
12 වන විවෘත ප්‍රවීණයන්ගේ මළල ක්‍රිඩා තරගාවලියේදී මධ්‍යම පළාත නියෝජනය කරමින් රන් හා රිදී පදක්කම් දිනා ගැනීමට පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුක්ත සංවර්ධන නිලධාරී ඔනිකා ප්‍රනාන්දු සමත්විය.
මෙම තරගාවලියේදී වයස අවුරුදු 55 -59 අංශය නියෝජනය කරමින් 800m කාන්තා ඉසව්වෙන් රන් පදක්කම හා මීටර් 3000m කාන්තා ඇවිදීමේ තරගයේදී රීදි පදක්කම දිනා ගැනීමට ඇය සමත්විය.
මෙම තරගාවලිය පසුගියදා (27,28) මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේ දී පැවැත්විණ.
මහනුවර නාගරික මධ්‍යම වෙළදපොලේ වෙළදුන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට මධ්‍යම ආණ්ඩුකාරවරයා හදිසි නිරීක්ෂණයක.
මහනුවර නාගරික මධ්‍යම වෙළදපොලේ වෙළදුන් දිනපතා මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාට ලැබුණු හදිසි පැමිණිල්ලකට අනුව, ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් ඒ මහතා මහනුවර නගර මධ්‍යයේ පිහිටි වෙළදපොල නිරීක්ෂණ චාරිකාවක නිරත වී අදාල ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීමක 29 දින කටයුතු කළේය.
ඒ අනුව අදාල වෙළදපොල ආසන්නයේ වෙනත් පුද්ගලයින් වෙළදුන් ලෙස පැමිණ අවිධිමත් ලෙස වෙළදාම් කටයුතු වල නිරත වීම, වෙළදාම් කිරීම සදහා පවතින ඉඩකඩ සම්බන්ධයෙන් පවතින ගැටලු, වෙළදසැල් නඩත්තු කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු, ගොඩනැගිලි සහ පහසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු ,සනීපාරක්ෂක සේවාවන් වැල් පවතින ගැටළු ආදිය මෙහිදී ආණ්ඩුකාරවරයාගේ අවධානයට යොමු වු අතර, මහනුවර මහ නගර සභාව සමග සාකච්ඡා කර සියලු පාර්ශවයන්ට සාධාරණ විසදුමක් ලබාදීමට තමා අපේක්ෂා කරන බව මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය. මේ සදහා සියලු පාර්ශවයන් ඒකාබද්ධ කර ගනිමින් සියලු දෙනාගේ ගැටළු හදුනාගෙන නගරයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන මධ්‍යම වෙළදපොල සංවර්ධනය කිරීමටත් , ගැටළු සදහා සැමට එකග වියහැකි විසදුම් ලබාදීමටත් එතුලින් පොදු මහජනතාවට අවශ්‍ය සැපිරිය හැකි මට්ටමට ගෙන ඒම සදහා කටයුතු සිදු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, මහනුවර නාගරික මධ්‍යම වෙළදපොලේ වෙළද සංගමයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් ද එක් විය.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්