පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

‘ජයගමු ශ්‍රී ලංකා’ මහනුවරට...

‘ජයගමු ශ්‍රී ලංකා’ මහනුවරට... කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ සේවාවන් නගරයෙන් නගරයට ගෙනයාමේ අරමුණ කොට ගත් ‘ජයගමු ශ්‍රී ලංකා’ ජනතා ජංගම සේවය මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදි ආරම්භ කෙරිණි. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම ජංගම සේවාව , ඊයේ 01 දා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ආරාධනාවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයන්ගේ පාසල් අධ්‍යාපන ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව, පාසල් උපකරණ ප්‍රදානය කිරීම, විදේශගතව සිට පැමිණෙන ශ්‍රමිකයින් සඳහා ස්වයං රැකියා උපකරණ ලබාදීම, වැනි ව්‍යාපෘති ඇතුලත් විය . මිට සමගාමී ව සාර්ථක ස්වයං රැකියා නිරතවූවන් ඇගයීමට පියවර ගෙන තිබු අතර ඔවුන්ගේ නිෂ්පාදන ඇතුලත් වෙළඳපලක් ද දෙදින පුරා පැවත්විමට ද පියවර ගෙන තිබිණි.. මෙහිදි විගමණික ශ්‍රමිකයන් සඳහා ඇස් කන්නාඩි, රෝද පුටු හා වෛද්‍ය උපකරණ, විගමණික ශ්‍රමිකයන් ඉගෙනුම ලබන පාසල් වල දරුවන්ට සුහුරු පුවරු ලබාදීම, විදේශ රැකියා සම්බන්ධයෙන් තරුණ තරුණියන් හා රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ද ඇතුලත් විය . අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නීතිඥ උදයන කිරිඳිගොඩ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.පී. විමලවීර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු විගමණික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ දූ දරුවන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

ප්‍රතිසංස්කරණය වූ බර්නාඩ් පිටිය යලි ක්‍රීඩක පරිහරණයට.

ප්‍රතිසංස්කරණය වූ බර්නාඩ් පිටිය යලි ක්‍රීඩක පරිහරණයට. නවීකරණය කරන ලද මාතලේ, බර්නාඩ් අලුවිහාරය ක්‍රීඩාංගණය ක්‍රීඩක අයිතියට පැවරීම ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (28) දින සිදු කෙරිණි මාත‍ලේ දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා අඩුවක්ව පැවති, බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය නවීකරණය සදහා රුපියල් මිලියන 47.5 ක් වැය කොට ඇත. ක්‍රීඩාංගණය විවෘත කිරීමට සමගාමීව ක්‍රීඩා ඉසව් කිහිපයක්, සරඹ සංදර්ශනයක්, ප්‍රදර්ශනාත්මක ක්‍රීඩා ඉදිරිපත් කිරීමක් ද පැවැත්විණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ. ගමගේ, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මාත‍ලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටු සම සභාපති නාලක කෝට්ටේගොඩ, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙම අවස්ථාව සහභාගී වූහ.

අලුත්වෙන නන්දිමිත්‍ර ඒකනායක ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණය...

අලුත්වෙන නන්දිමිත්‍ර ඒකනායක ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණය... මාත‍ලේ, නන්දිමිත්‍ර ඒකනායක ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණයේ, නව කෘත්‍රිම තණ තීරුව සදහා මුල් ගල තැබීම සහ නවීකරණය කිරීමේ උත්සවය ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (28) දින සිදු කෙරිණි. සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයයේ මුල්ගල තැබීම සිදු කෙරුණු අතර, ක්‍රීඩාංගණයේ නව කෘත්‍රිම තණ තීරුව සදහා මුල් ගල තැබීම සහ නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 110 ක මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් වෙන්කර ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ. ගමගේ, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මාත‍ලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටු සම සභාපති නාලක කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙම අවස්ථාව සහභාගී වූහ.

පාසල් නායකත්වය පිණිස විදුහල්පතිවරුනට නව මානයන්...

පාසල් නායකත්වය පිණිස විදුහල්පතිවරුනට නව මානයන්... පාසල් නායකත්වය පිණිස නව මානයන් හඳුන්වාදීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිදා (28) දින පොල්ගොල්ල, ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේදී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් හැටක විදුහල්පතිවරුන් පිරිසක් සහභාගි වූහ. මෙහිදී මෙහිදී විදුහල්පතිවරුන්ට පාසල් තුළ නායකත්ව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් න්‍යායාත්මක දැනුම ලබාදීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණ විද්වතුන් විසින් ලබා දෙන ලදී. ලින්කන් ජාත්‍යන්තර පෞද්ගලික විශ්වවිද්‍යාලයේ (Lincon University) අනුග්‍රහය යටතේ, පොලිමත් අධ්‍යාපන උපදේශන ආයතනය (Polymath Education Consultancy) විසින් මෙම සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස ආණ්ඩුකාරතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ, මහාචාර්ය රස්නායක එම්. මුදියන්සේ, ලින්කන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න තරංග යන මහත්වරුද ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් වන උපාලි ගුණසේකර, ආර්.එම්.පී. රත්නායක, සනත් එම්. පූජිත, තිලක් ඒකනායක යන මහත්වරුන් ඇතුළු විදුහල්පතිවරුන් පිරිසක් සහභාගි වූහ.

බෝනොවන රෝග සහ ස්වනාරී සායනය පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී

පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු අංශය විසින් පවත්වනු ලැබූ බෝනොවන රෝග සහ ස්වනාරී සායනය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ හා ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. රේඩා ආයතනය හා සම්බන්ධව දෛනික රාජකාරී සිදු කරන කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීම මෙම වැඩසටහනේ තුළින් සිදු විය .මෙම සෞඛ්‍ය සායනයේ දී නොමිලයේ වෛද්‍ය පරීක්ෂණයන් සිදු කර ගැනීමට ඔවුනට අවස්ථාව හිමි විය.මේ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පර්යේෂණ දායකත්වයත්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ හා world vision ආයතනයේ අනුග්‍රාහක දායකත්වය හිමිවිය. මෙහිදී බෝනොවන රෝග පිළිබඳ දේශනයක් මහනුවර දිස්ත්‍රික් බෝ නොවන රෝග පිළිබඳව වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගාමිණී දිසානායක මහතා විසින් පැවැත්විය.එසේම ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් මහනුවර මහ රෝහලේ සායනික පෝෂණය පිළිබඳ වෛද්‍ය ඉවෝනි ජයවීර මහත්මිය විසින් දේශනයක් පැවැත්වීය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පිරිස් පුහුණු චන්දන වික්‍රමසූරිය මහතා, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එරන්දි කුමාරගේ මහත්මිය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් වෛද්‍ය නිලධාරීන් හා හෙද හෙදියන්, රේඩා ආයතනයේ මෙහෙයවීම යටතේ මධ්‍යම පළාතේ ආයතනයන්ට අනුයුක්තව කටයුතු කරනු ලබන කාන්තාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. බෝනොවන රෝග සහ ස්වනාරී සායනය

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook