"උරුමය" ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමිව මධ්‍යම පළාතේ වර්තමාන ප්‍රගතිය හා ඉදිරි කටයුතු විමසා බැලීම පිළිබද විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී 07වන දින පැවැත්විය.
කඩිනමින් "උරුමය" ඉඩම් ඔප්පු ලබාදීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු යොදා පවතින අතර මධ්‍යම පළාතේ මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි පවතින ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් මේ වන විට ඒ සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා පවතින ගැටළු කෙරෙහි අවදානය යොමු කරමින් ඒවා නිරාකරණය කර ගැනීම සදහා අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදීම මෙහිදී සිදු කෙරින.
පළමු අදියර යටතේ මධ්‍යම පළාත සදහා ඉඩම් ඔප්පු 611 ක් ලබාදීම සිදුකර ඇති අතර දෙවන අදියර ක්‍රියාත්මක කිරීමේ දී පළාතේ ඉඩම් හිමියන්හට වඩා සාධාරණයක් වන අයුරින් එම ගැටලු විසදීම සදහා සියලු පාර්ශවයන් එක් ව කටයුතු කිරීම කාලෝචිත බවත් මෙහිදී අවාධාරණය කෙරින.
මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ (මාර්ගගත තාක්ෂණයෙන්), ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, පළාත් ඉඩම් කොමසාරිස් මනෝෂා විජේතුංග යන මහත්ම මහත්මීන් , පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ නගරය කේන්ද්‍ර ගත කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ජාවක් මහා සංඝරත්නයේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 07 වන දින මාතලේ ධර්මරාජ පිරිවෙනේ දී පැවැත්විණ.
2024 මැයි මස 21 වන දින රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර මෙම ජාතික වෙසක් උත්සවය ආගමික සාසනික ප්‍රබෝධය ඇතිවන ලෙස අංග රැසක් ඇතුලත්ව උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට අපේක්ෂිතය.
මැයි 21 සිට 27 දින දක්වා මෙම ජාතික උත්සවය සතියක් පුරා සැමරීමට පියවර ගෙන ඇති අතර මාතලේ දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ආවරණය කරමින් විවිධ ආගමික , සාසනික හා සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කොට ඇත. මෙම සාකච්ඡාවේදී ජාතික වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු හා එහි පෙළ ගැසීම්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ , බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න යන මහත්ම මහත්මීන් , බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් , දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, සාසනාරක්ෂක බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.
පළාත් පාලන ආයතනවල පුස්තකාලවලට නව මෘදුකාංගයක්.
පළාත් පාලන ආයතනවල පුස්තකාලයන් සඳහා, නව කඩියා (KIK) මෘදුකාංගය ස්ථාපනය කිරීම හා භාවිතය පිළිබඳ ප්‍රජා සංවර්ධන නිළධාරින් දැනුවත් කිරීමේ එක් දින ප්‍රායෝගික (පරිගණක) පුහුණු වැඩමුළුවක්, පසුගිය දා (03) නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
නවීන තාක්ෂණයට අනුගත වෙමින් Bar code හා QR code යන ක්‍රමවේදයන් භාවිතා කරමින් පුස්තකාලයන් හී පොත් හා අනෙකුත් භාණ්ඩ වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව භාණ්ඩ සමීක්ෂණය සඳහා යොදා ගත හැකිවීම මෙම මෘදුකාංගයේ විශේෂත්වයයි.
වැඩමුළුවේ සම්පත්දායක ලෙස කිත්සිරි බී. දිසානායක මහතා කටයුතු කරන ලද අතර ඒ මහතා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රජා සංවර්ධන නිළධාරියෙකු ලෙස වසර විසිහතක සේවා පළපුරුද්දක් ඇති අතර මෙම මෘදුකාංගය ඔහු විසින් නිර්මාණය කරන ලද්දකි. එමෙන්ම ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ ආරාධිත බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරයි.
මහනුවර දිස්ත්‍රික් ටේබල් ටෙනිස් තරගාවලිය දිගනදී.
මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ ටේබල් ටෙනිස් තරගාවලියේ පිරිමි හා කාන්තා තරග පසුගියදා (27) මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පැවැත්විණ.
48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවත් වෙන මෙම තරගාවලියෙන් ජය ගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මධ්‍යම පළාත් ක්‍රීඩා තරගාවලිය සදහා සුදුසුකම් ලබාගනී.
මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකේෂ්වරී මහත්මියගේ උපදෙස් මත මෙම තරගාවලිය මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි කාර්යාලය මගින් සංවිධාන කොට පැවතුණි.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි චන්න සෝමරතන මහතා ඇතුළු ක්‍රීඩා නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
නිපුණත්වය ලද වෘත්තීය පුහුණුලාභීන් ඇගයේ .
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සහතිකපත් පිරිනැමීමේ උත්සවයක් එම දෙපාර්තමේන්තුවේ මහනුවර වටපුළුව, උසස් පුහුණු ආයතනයේදී (02) පැවැත්විණ.
මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුණි.
මෙහිදී මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක දැව හා ලෝහ තාක්ෂණය, මෝටර් කාර්මික, පරිගණක තාක්ෂණය හා උසස් ලුහු ඉංජිනේරු යන පාඨමාලා හැදෑරූ සිසුන් දෙසීයකට අධික පිරිසකට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදුකරන ලදී.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සැලසුම් සමිත දුනුකේපොත මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන් මහත්මිය ඇතුළු නිලධාරීන්හා පුහුණුලාභීන් පිරිසක් සහභාගී වූහ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
