පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

අස්ගිරිය වෙසක් කලාපය මගින් සංවිධානය කරන ලද මහා තොරණ .

අස්ගිරිය වෙසක් කලාපය මගින් සංවිධානය කරන ලද මහා තොරණ . 2568ක් වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් මහනුවර ක්‍රියාත්මක සෙංකඩගල වෙසක් කලාපයට සමගාමීව අස්ගිරිය වෙසක් කලාපය මගින් සංවිධානය කරන ලද මහා තොරණ රාජයා විවෘත කිරීම අස්ගිරි විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර අස්ගිරිය මහ පිරිවෙනේදී වෙසක් පොහොය දින යේ සිදු විය. නන්දි වාණිජ කතා පුවත විදහා දැක්වෙන තොරන් රාජයා අස්ගිරිය මහා සෑ රදුන් අබියසෙදි ප්‍රදර්ශනය කෙරෙන අතර මැයි මස 27 වන දින දක්වා මෙය ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මෙම තොරණේ චිත්‍ර සිතුවම් කොට ඇත්තේ රොෂාන් බී සෝමධීර මහතා විසිනි. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් එක් වූහ.

සෙංකඩගල වෙසක් කලාපය හා සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙසක් වැඩසටහන් රැසක්.

සෙංකඩගල වෙසක් කලාපය හා සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙසක් වැඩසටහන් රැසක්. සෙංකඩගල වෙසක් කලාපය හා සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධාන කළ දුන්තෙල් බත් දන්සැල සහ මහනුවර නගරයේ පාසල් දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාසල් හා රාජ්‍ය අංශය වශයෙන් පැවැත්වු බැති ගී සරණය අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද ස්වාමීනවහන්සේ , ඓතිහාසික ගෙඩිගේ රජමහ විහාරීය විහාරවාසී පාඨශාලාචාර්ය පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන්වහන්සේ ඇතුලු සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන් (23) පැවැත්විය. ඉන්දීය සහකාර මහ කොමසාරිස් (මහනුවර) වෛද්‍ය එස්. අතීරා , පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ද , පාසල්වල විදුහල්පතිවරුන් දෙමාපියන් හා දූදරුවන් ඇතුලු පිිරිසක් ද මෙම අවස්ථාවට සහභාගීවිය.

මහනුවර වැවරවුම වෙසක් කලාපය මගින් සංවිධානය කරන ලද භක්ති ගීත වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් .

මහනුවර වැවරවුම වෙසක් කලාපය මගින් සංවිධානය කරන ලද භක්ති ගීත වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් . මහනුවර සෙංකඩගල වෙසක් කලාපයට සමගාමීව වැවරවුම වෙසක් කලාපය මගින් සංවිධානය කරන ලද භක්ති ගීත වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙසක් පෝය දිනයේදී මහමායා බාලිකා විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණ.. මෙම භක්ති ගීත වැඩසටහනේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ද නගරයේ පාසල් දහයක් නියෝජනය කරමින් භක්ති ගීත කණ්ඩායම් බැතිගී ගායනයටඑක්විය. මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛත්වයෙන් පැවති මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම් ජගත් අධිකාරි, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

පේරාදෙණිය ගැටඹේ වෙසක් කලාපයට සමගාමීව ආගමික වැඩසටහන් රැසක් .

ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වන ත්‍රිවිධ බුද්ධ මංගල්‍යය සිහිපත් කරමින් ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේදී පේරාදෙණිය ගැටඹේ වෙසක් කලාපයට සමගාමීව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. වෙසක් පුන් පොහෝ දිනයේදි (23) ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් පැවැත් වේ. පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන මහා ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ. වෙසක් පුන් පොහෝ දින බුද්ධ පූජා රත්නත්‍රය වන්දනා කිරීම මෙහෙයවීම,රාජෝපවනාරාමවාසී ගම්පොළ රන්තැටිය සිරි සුමනජෝති විද්‍යාතනයේ පරිවේනාධිපති පූජ්‍ය ගාල්ලේ සිරිසුධම්ම ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද අතර, පොහෝ දින ධර්මානුශාසනාව පේරාදෙණිය සුබෝධාරාමවාසි, ශ්‍රී ඥානාලංකාර භික්ෂු අධ්‍යාපන ආයතනයේ පරිවෙනාධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය දැරණියගල ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින් සිදු කරන ලදී. භාවනා වැඩසටහන්, බුද්ධ පූජා පින්කම්, “බුදුදහම ලොවක් සැනසූ දහමකි” මැයෙන් ධර්ම සාකච්ඡාව, විදුලි ආලෝක පූජාව න්, අපවත් වී වදාළ මහා ස්වාමීන් වහන්සේලා සිහිපත් කරමින් ගුණානුස්මරණය පින්කම, ඇතුළු ආගමික ශාසනික උන්නතිය වෙනුවෙන් මෙන්ම ධාර්මික ජීවිතයකට පදනමක් ලබා දෙන වැඩසටහන් රැසක් මෙම වෙසක් සතියට සමගාමීව ක්‍රියාත්මක කෙරේ.

"බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය 2024"

"බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය 2024" වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා , සතිමත් බව ප්‍රගුණ කිරීමේ රාජ්‍ය ආයතන සඳහා වන දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ධර්මදේශනාවක් හා භාවනාමය වැඩසටහනක් 22 වන දින ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ අතර පූජ්‍ය ගුරුදෙනියේ මෙත්ත ජීව ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව සිදු කරනු ලැබූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook