පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

සේවක හිගයෙන් නුවරඑළියේ සේවාවන් හි ඵලදායිතාවය පවත්වාගෙන යෑමේ අභියෝගයක්.

සේවක හිගයෙන් නුවරඑළියේ සේවාවන් හි ඵලදායිතාවය පවත්වාගෙන යෑමේ අභියෝගයක්. රටේ ජාතික කිරි නිෂ්පාදනයෙන් 33% ක් මධ්‍යම පළාතෙන් සපයනු ලබන්නේ පශුවෛද්‍යවරුන් 37 දෙනෙකු පුරප්පාඩු ව පවතින තත්වයක් හමුවේ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.මෙහිදී වැඩිම කිරි ගවයන් ප්‍රමාණයක් ඇති කරන බගවන්තලාව , මස්කෙළිය සහ තිස්පනේ යන පශුවෛද්‍ය කාර්යාල පවත්වා ගෙන යාම දුෂ්කරව පවතින පසුබිමක ජාතික නිෂ්පාදනයට කිසිදු දායකත්වයක් නොදක්වන පළාත් වල පශුවෛද්‍යවරුන් අතිරික්ත බවත් , එක පලාතක 12 ක් සහ තවත් පලාතක 06 දෙනෙකු කිසිදු කටයුත්තක නිරත නොවී කාර් යාල ගතව සිටින බව ට හෙළිදරව් කරනු ලැබිය.නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී මෙම කරුණු අනාවරණය වූ අතර මාසිකව ලීටර මිලියන 06 කට වැඩි ප්‍රමාණයක් මධ්‍යම පළාතෙන් කිරි නිෂ්පාදනය කරනු ලබන බවත්. පශු සංවර්ධන නිලධාරින් 108 දෙනෙකු ගේ අඩුපාඩුවක් පළාත තුල පවතින බැවින් කිරි කර්මාන්තය ප්‍රවර්ධනයට ඇති අවස්ථා ද මග හැරි අතර අවශ්‍ය මානව හා භෞතික සම්පත් සපුරාලිය හැකි නම් ධාරිතාවයන් ඉහල නංවාලිය හැකිබවත් හෙළිදරව් කෙරෙණි. දිස්ත්‍රික්ක යේ සෞඛ්‍ය සේවාවාන් පවත්වා ගෙන යාම සදහා වෛද්‍යවරුන් , හෙදියන් සහ ඖෂධ සංයෝජකයන් ගේ ද විශාල අඩුවක් පවතින අතර විකල්පයක් ලෙස විශ්‍රාමලත් 13 දෙනෙකු ගේ සේවය ලබා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් සදහන් විය.පාසල් ආශ්‍රිත ව පවතින විශාල හිස් ඉඩම් දීර්ඝ කාලින බදු දීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමටත් ඒ හරහා ජාතික ආර්ථිකයට දිස්ත්‍රික්කයෙන් ලබා දෙන දායකත්වය ඉහල නැංවීමට හේතුවන බවත් ප්‍රකාශ විය. හෙවින්ගේ නිෂ්පාදනයන් අලෙවි කිරීම සදහා නියම මිලක් තීරණය කොට එය පවත්වා ගෙන යෑමට කෘෂිකර්ම සහ වෙළද අමාත්‍යාංශ වල ඒකාබද්ධ උපදේශාත්මක සහයක් ලබා ගැනීම කෙරෙහි කමිටුවේ අවධානය යොමු විය.පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල විශ්ලේෂණයක් කමිටු රැස්වීමට ඉදිරිපත් කෙරෙනු අතර , මධ්‍යම පළාතේ කලාප 15 අතුරින් හැටන් අධ්‍යාපන කලාපය ඉතා ඉහල සාධන මට්ටමක් ලබා ගැනීමට සමත්වී ඇති බවත් වලපනේ , කොත්මලේ සහ හගුරන්කෙත කලාප පිලිවෙලින් සිය ප්‍රතිශතයන් වර්ධනය කර ගැනීමට සමත්ව ඇත. ප්‍රාදේශීය මාර්ග ගනනාවක් පයින් හෝ ගමන් කිරීමට නොහැකි තරමට අබලන් වි ඇති මාර් ග සංවර්ධනය ,පළාත් සභා ප්‍රාග්ධන ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම , විවිධ සංවර්ධන කටයුතු සදහා රාජ්‍ය ඉඩම් මුදා හැරීම , නාය යෑම් හේතුවෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම, ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම, නානුඔය නගර සංවර්ධනය, කොටගල සහ නෝර් වුඩ් ප්‍රාදේශීය සභා වල පවතින සේවක හිගය ඇතුළු කරුණු ගණනාවක් මෙම කමිටුව හමුවේ සාකච්ඡා වට භාජනය කෙරෙණි. දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ සහ එස්.බී දිසානායක යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ජීවන් තොන්ඩමාන් අමාත්‍යවරයා සහ සී.බී රත්නායක, වී රාධාක්‍රිෂ්නන් , එස්. රමේශ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහ ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,නුවර එලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ යන මහත්වරුන් ඇතුළුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානින් , පළාත් පාලන ආයතන ප්‍රධානින්,ආරක්ෂක ප්‍රධානින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

REDA ආයතනය මගින් කුකුල් පැටවුන් සහ පොල් පැල බෙදා බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කෙරේ.

REDA ආයතනයේ කුකුල් පැටවුන් සහ පොල් පැල බෙදා බෙදාදීමේ තවත් වැඩසටහනක් පසුගියදා (12) උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මප/තෙල්/මිනුවන්ගමුව ප්‍රාථමික විද්‍යාලය ,පිටවල ප්‍රාථමික විද්‍යාලය ,මැදිවක ප්‍රාථමික විද්‍යාලය,මප/තෙල්/මහින්ද ආදර්ශක විද්‍යාලය ,මහවෙල ප්‍රාථමික විද්‍යාලවලදි සිදු කෙරුණි .වත්මන් ජනතාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය සඳහා සහනයක් ලබාදීමට හා පවුලේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය මගින් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස කුකුළු පැටවුන් සහ පොල් පැල බෙදාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරයි . මෙහිදි අඩු ආදායම්ලාභී පවුල්වල ගෘහ ආර්ථිකය සවිමත් කිරීම සහ දරුවන්ගේ පෝෂණ තත්ත්වය නගාසිටුවීමට කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය අරමුණු කරයි.මෙහිදී තෝරා ගත් පාසල් සිසුන් 50 දෙනකු සඳහා කුකුල් පැටවුන් 500 දෙනෙකු හා පොල් පැළ 200 ක් බෙදාදෙනු ලැබීනි.මෙම ව්‍යාපෘතිය කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නීතිඥ ජානක සකලසූරිය මහතාගේ සහ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ කාර්යමණ්ඩලයේ සහයෝගීත්වයෙන් අද දින ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන ලදි.

මහනුවර අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කරන ලද සර්වරාත්‍රික පිරිත් දේශනය හා දානමය පුණ්‍යකර්ම වැඩසටහන

මහනුවර අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කරන ලද සර්වරාත්‍රික පිරිත් දේශනය හා දානමය පුණ්‍යකර්ම වැඩසටහන 8,9 දිනවලදී මහනුවර පිහිටි කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.

''අභියස” - ජංගම සේවය - වත්තේගම කලාපය .

''අභියස” - ජංගම සේවය - වත්තේගම කලාපය . මධ්‍යම පළාත් අධ්‍යාපනයේ සේවාලාභීන් වෙත වඩාත් ඵලදායී, ගූණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන "අභියස" ජංගම සේවාවේ තවත් එක පියවරක් පසුගියදා වත්තේගම කලාපය අධ්‍යාපන කාර්යාලය කේන්ද්‍රගත කර ගනිමින් වත්තේගම කලාප කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.මීට සමගාමිව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ cpedu.lk වෙබ් අඩවියේ Customers management system මෘදුකාංගය වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත හඳුන්වා දීමද සිදුවිය .

ඉදිකිරීම් තාක්ෂණය පිළිබද පුහුණු වැඩසටහනක්.

මධ්‍යම පළාතේ පළාත් පලාන ආයතනයන්හි සේවයේ නියුක්ත කාර්යය මණ්ඩලය සදහා නව දැනුම ලබාදෙමින් කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද ඉදිකිරීම් තාක්ෂණය පිළිබද පුහුණු වැඩසටහනක් පසුගියදා (08) පළාත් පලාන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් නවයාලතැන්න සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණ. TOKYO CEMENT පුද්ගලික ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා පළාතේ පලාත් පාලන ආයතනය 47ක සේවයේ නියුතු වැඩ අධිකාරිවරුන් , කාර්මික නිලධාරින් , තාක්ෂණ සහයක නිලධාරින් සිය දෙනෙකු සහභාගී විය. මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ මගපෙන්වීම මත පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින් ප්‍රාදේශීය පරිපාලනයේ සේවාවන් කාර්යක්ෂම ලබාදීම වෙනුවෙන් දැනුම යාවත්කාලින කිරීම ,නව දැනුම ලබාදීම හා පවතින ගැටළු සදහා විසදුම් ලබාදීම මෙහිදී සිදු කරන ලද අතර මේ සදහා සම්පත්දයකත්වය TOKYO CEMENT පුද්ගලික ආයතනයේ ඉංජිනේරු , උපදේශක පවිත්‍ර ජයතිලක , තාක්ෂණ කළමනාකරු රුවන් බණ්ඩාර විජේසුරිය , යන මහත්වරුන් විසින් ලබාදෙන ලදී. මෙම අවස්ථාව සදහා පළාත් පලාන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී ගැමුණු බණ්ඩාර , TOKYO CEMENT පුද්ගලික ආයතනයේ ප්‍රාදේශීය කළමනාකරු භානුක සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook