පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

උඩුරාවණ ට නව පේෂකර්ම මධ්‍යස්ථානක්.

උඩුරාවණ ට නව පේෂකර්ම මධ්‍යස්ථානක්. රටක් ලෙස පවතින අභියෝගයන් ජය ගැනීම වෙනුවෙන් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දේශීය කර්මාන්ත සුරක්ෂිත කිරීම හා ඒවා ව්‍යාප්ත කරමින් ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් ගමගේ මහතා පවසයි. මධ්‍යම පළාතේ විවිධ ප්‍රදේශවල වැසිගිය රාජ්‍ය ආයතන වල පවතින ගොඩනැගිලි වලින් ප්‍රයෝජන ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන නව ව්‍යාපෘතියකට පසුගිය (22) එක් වෙමින් තව පේෂකර්ම මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මෙලෙස පැවසීය. පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩුරාවන ප්‍රදේශයේ පිහිටි පාසලක් වැසී යාමෙන් පසුව මෙම ගොඩනැගිලි වඩු කර්මාන්ත ශිල්පය පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. එය ද 2013 වර්ෂයේ සිට වැසී ගොස් ඇති අතර මෙම ගොඩනැගිලි දිරාපත්ව විනාශ වීමට ඉඩ නොතබමින් නව දැක්මක් අනුව ක්‍රියාත්මක වෙමින් එම ගොඩනැගිල්ලේ පේෂකර්ම මධ්‍යස්ථානයක් ස්ථාපිත කරමින් රැකියා වියුක්තියට විසඳුමක් මෙන්ම දේශීය ආර්ථිකයට ශක්තියක් ලබාදීමට පියවර ගෙන ඇත. “අභිමානවත් මැද රට දේශීයත්වයෙන් විශිෂ්ටත්වයට” යන තේමාව මුල්කර ගනිමින් මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුව මගින් මෙවැනි වැසී ගිය රාජ්‍ය ආයතන වල පවතින ගොඩනැගිලි උපයෝගී කරගනිමින් ආරම්භ කරන ලද සිව්වැනි පේෂකර්ම මධ්‍යස්ථානය මෙය වේ. මෙම මෙම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන්, පේෂකර්ම අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා, පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කීර්ති බණ්ඩාර අබේසිංහ, වත්තේගම නගර සභාවේ ලේකම් එස්.මඩුගල්ල, පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්. ශ්‍රියාණි යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

පොල්ගොල්ලවත්ත විදුහල "විද්‍යාප්‍රදීප විදුහල: ලෙසන් නව ප්‍රවේශයකට.

අතීතයේ පැවැති ගුරු සේවය අද රැකියාවක් බවට පත් වෙලා. අද දරුවෝ අමතර පන්ති යනවා නම් ඒක පාසලේ ගුරුවරයාගේ වගකීම නිසි ලෙස ඉටු නොවීමක් ලෙසයි අපිට හඳුන්වන්න පුළුවන් වන්නේ. පළාතේ පවතින පාසල් වල තමන්ගේ පංතියේ දරුවන්ට මුදල් අය කර අමතර පන්ති පවත්වන ගුරුවරුන් වෙනුවෙන් දඬුවම් දීමට මේ වන විට නිසි වැඩපිළිවෙළක් සකස් කොට පවතිනවා. දැනට ගුරුවරුන් දහදෙනකු මේයටතේ විනය ක්‍රියාමාර්ග ගැනීමට යොමු කොට ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ පසුගිය (22) පොල්ගොල්ලේ පැවැති අධ්‍යාපන ක්‍රියාවලිය නවීකරණ කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනකට එක්වෙමිනි. නූතනයට අධ්‍යාපන රටාවට ගැලපෙන ලෙස වෙනස් වීම සමාජ යථාර්ථයක් බවට පත් කරමින් 1931 වර්ෂයේ පොල්ගොල්ලවත්ත නමින් ආරම්භ කරන ලද විදුහල කාලිනත්වයට ගැලපෙන ලෙස ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය විධිමත් කිරීම අරමුණු ඇතිව සකස්කරණ ලද පස් අවුරුදු සැලැස්මේ එක් අංගයක් ලෙස පාසල් නාමය වෙනස් කිරීමේ කටයුත්ත අද දින ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් පරිශ්‍රයේදී සිදු කෙරිණ. මෙහිදී නව දැක්මක් සහිතව පාසලේ ප්‍රගමනය වෙනුවෙන් මාප/වත්/ විද්‍යාප්‍රදීප විදුහල ලෙස නාමය වෙනස් කිරීම සිදු කරන ලද අතර නව පාසල් නාම පුවරුව විවෘත කිරීම අණ්ඩුකාරවරයා අතින් සිදු වූ අතර, මෙම වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරන ලද පාසලේ ළමා මිතුරු පුස්තකාලය විවෘත කිරීමද ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතා අතින් සිදුවිය. එම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) සී.පී.ජී.මායාදුන්නේ , හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ, වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ අංකුඹුර යන මහත්ම මහත්මීන්, දෙමාපියන් , ආදී සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මහ/හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැගිල්අලේ අභිනවයෙන් ඉදිකරන ලද දෙවන මහල සිසු අයිතියට පැවරේ.

මහ/හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැගිල්අලේ අභිනවයෙන් ඉදිකරන ලද දෙවන මහල සිසු අයිතියට පැවරේ. මහනුවර ප්‍රමුඛ පෙළේ ව්‍යාපරයකු වන වෙන්කඩාසලම් පිල්ලෙයි නඩරාජා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මහ/හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරණ ලද ගොඩනැගිල්ලේ දෙවන මහල සිසු අයිතියටපත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ හා ව්‍යාපාරික වෙන්කඩාසලම් පිල්ලෙයි නඩරාජා මහතාගේ සුරතින් පසුගියදා විදුහල් පරිශ්‍රයේදී සිදු විය . මෙම අවස්තාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ජි .මායාදුන්න මහත්මිය , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, විදුහල්පති පි.ශිවකුමාර් මහතා ඇතුළු දෙමාපියන් හා ව්‍යාපාරික ප්‍රජාවක් එක්ව සිටියහ .

“ පරිසරය පුජනියයි ” සමාජ සත්කාර ශ්‍රමදාන වැඩසටහන ඇරඹේ.

“ පරිසරය පුජනියයි ” සමාජ සත්කාර ශ්‍රමදාන වැඩසටහන ඇරඹේ! ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා පෙරහැරට සමගාමිව රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන “පරිසරය පුජනියයි”ශ්‍රමදාන වැඩසටහන 18වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිටදී ආරම්භ කෙරින. ශ්‍රී දළදා පෙරහැර සමය තුළ මහනුවර නගරයේ හා තදාසන්න ප්‍රදේශ වල පවිත්‍රතාවය ඇති කිරීම වෙනුවෙන් සෑම වර්ෂයකම දළදා පෙරහැර පැවැත්වීමට ප්‍රථමයෙන් මහනුවර නගරයේ සිට ගැටඹේ දියකපනා තොට දක්වා වූ ප්‍රදේශයන් ආවරණය කරමින් පාරිසරික සත්කාරයක් ලෙස පවිත්‍රතා සිදු කිරීම මෙහිදී සිදු කෙරෙන අතර මෙවර ද ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරමින් , ආයතන 25කගේ දායකත්වයෙන් 500 පමණ වූ පිරිසකගේ සහභාගිත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක විය. මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාතයාංශය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් , පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින් , ආරක්ෂක අංශයන් , රතු කුරුස සමාජය, ශ්‍රී ලංකා පොලිසිය, මහනුවර මහ නගර සභාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ,වාරිමාර්ග දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පිරිස් සහභාගී වුහ.

මහනුවර නගරයේ රථවාහන තදබදයට විසඳුම් සොයයි.

මහනුවර නගරයේ රථවාහන තදබදයට විසඳුම් සොයයි. මහනුවර නගරය තුළ රථ වාහන ධාවනය ක්‍රමවත් නොමැති බවත්, එය රථ වාහන තදබදයකට හේතු වී ඇති බවත්, සංවර්ධන යෝජනා ක්‍රම අනපේක්ෂිතව පමා වීම ඊට එක් හේතුවක් බවත්, ශ්‍රී දළඳා මාළිගයේ පිහිටීම හා දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම යනාදී කරුණු සලකා බලා සුදුසු රථ වාහන ධාවන සැලැස්මක් ක්‍රියාවේ යෙදවීම අත්‍යවශ්‍ය බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා කියා සිටියේ ඊට අදාළ එක පිළියමක් වශයෙන් මහනුවර රජපිහිල්ල මාවතේ බස්රථ ගාල් කිරීමේ ස්ථානය එම භුමිය අයත් නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත පැවරීමට අවශ්‍ය පියවර ගත යුතු බව අවධාරණය කරමිනි. විශේෂයෙන්ම මහනුවර නගරය තුළ රථවාහන තදබදය උග්‍ර කිරීමට බස් රථ ධාවනය බලපාන බව ද ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය. ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ පැවසුවේ මහනුවර නගරයේ රථවාහන තදබදයට විසඳුම් සේවීමේ අපේක්ෂාවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ඉල්ලීම පරිදි කැඳවන ලද විශේෂ සාකච්ඡාවක මුලසුන දරමිනි. පසුගිය දා (19) මහනුවර , මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති මේ සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් මාර්ග සංවර්ධන හා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමඟ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති අලුත්ගමගේ වීරසිංහ හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරු ද, මහනුවර පොලිස් ස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විසින් මෙම ගැටලුවේ පරිමාව හා විසඳුම් සපයා ගැනීමේ ආකාර සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කළේ ය. මහනුවර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රදීප් කුමාර කෝට්ටගේ මහතා ගැටලුවට අදාළ ඡායාරූපමය වාර්තාවක් ඉදිරිපත් කළේ ය. මහනුවර මහා නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයා ද අදහස් දැක්වී ය. සාකච්ඡාව අවසන ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ මෙම ගැටලුව මුළුමනින්ම විසඳාගන්නා තෙක් වඩා පහසුවෙන් හා කඩිනමින් සපයා ගත හැකි කෙටිකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන බව යි. එකිනෙකාට චෝදනා එල්ල කරමින් නො සිට අදාළ සියලු පාර්ශ්ව සාමූහිකව කටයුතු කළ යුතු බව ද අනතුරුව ඔහු අවධාරණය කළේ ය. මසකට වරක් මේ පිළිබඳ ප්‍රගතිය විමසන සාකච්ඡාවක් කැඳවිය යුතු බව කියා සිටි ඔහු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඒ ඒ ආයතන දැක්වූ එකඟතා සක්‍රිය කළ යුතු බව ද සඳහන් කළේ ය. එනම් දිවා කාලයේ දී මහනුවර හරහා ඌව,නැඟෙනහිර හා බස්නාහිර පළාත් දක්වා ධාවනය කරන මගී බස් රථ අරුප්පොල ධර්මාශෝක මාවත කරා යොමු කරලීම, නගරයේ ආලෝක සංඥා පුවරු අසල හා මංසන්ධි අසල අනවසරයෙන් පවත්වාගෙන යනු ලබන පළතුරු හා විවිධ ආහාර ද්‍රව්‍ය අලෙවි කුටි ඉවත් කිරීම, රථ වාහන තදබදය වැඩිපුර වාර්තා වන ස්ථාන වල ධාවන මං තීරු පුළුල් කිරීම , සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහය ඇතිව යාචකයන් නගරයෙන් බැහැර කිරීමට පියවර ගැනීම යන එකඟතා ය. මෙහිදී මහනුවර පොලීසිය හා මහනුවර මහා නගර සභාවේ හදිසි වැටලීම් අංශය එක්ව ක්‍රියා කළ යුතු බවට ද එකඟතා පළ විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook