පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

දෙමළ භාෂා පාඨමාලාවේ පැය 150 පාඨමාලාව ආරම්භ කෙරේ.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් රාජ්‍ය නිලධාරින් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන දෙමළ භාෂා පාඨමාලාවේ පැය 150 පාඨමාලාව ලෙස ඉකුත්දා (11) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී ආරම්භ කරන ලදී. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2020 අනුව රාජ්‍ය නිලධාරින් විසින් සපුරාගත යුතු මෙම පාඨමාලාවේ සම්පත්දායකත්වය ප්‍රවීන භාෂා උපදේශිකා එස්.සුභද්‍රදේවි මහත්මිය විසින් ලබාදෙනු ලැබේ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි.

2023 වර්ෂයේ මධ්‍යම පළාතේ මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ කළමනාකරණ කමිටු රැස්වීමක්.

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ 2023 (01) කළමනාකරණ කමිටු රැස්වීම පසුගිය (10) පෙරවරුවේ අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි. මෙහිදී පෙර කළමනාකරණ කමිටුවේ ප්‍රගතිය , පෙර වර්ෂයේ සංවර්ධන ප්‍රගතිය ආදී කරුණු සාකච්ඡා කරනු ලැබී ය. එසේම කමිටු පත්‍රිකා ගණනාවක් යටතේ වර්තමානයේ දී සපුරා ගත යුතු අවශ්‍යතා සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කෙරිණි. පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක මහතාගේ කරුණු දැක්වීම් හා පැහැදිලි කිරීම් ද සහිත ව පැවති මෙම රැස්වීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය, පළාත් පරිවාස හා සමාජ සුබසාධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සී.කේ.ගුණරත්න, පොලිස් අධිකාරී ජානකී සෙනෙවිරත්න, වැවිලි මානව සංවර්ධන භාරයේ ව්‍යාපෘති නිලධාරී එච්.කේ.වික්‍රමසිංහ, මූලස්ථාන ප්‍රජා සංවර්ධන නිලධාරී ධම්මික හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරිය මහනුවරදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවක්.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරිය මහනුවරදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවක්. ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් (Bonnie Horbach) මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා සිදුවිය. මෙහිදී තානාපතිවරිය සහ ආණ්ඩුකාරවරයා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් කරුණු හුවමාරු වූ අතර, මැදරට සංවර්ධනය සදහා ලබාදිය හැකි සහාය පිලිබදව දීර්ඝ ව සාකච්ඡා කරනු ලැබිය. මධ්‍යම පළාතේ පවතින ශක්‍යතා සහ අවස්ථා නිවැරදි ව හදුනා ගනිමින් සංචාරක ව්‍යාපාරය මුලිකව ව ගොඩ නැගිය හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අත්දැකීම් හුවමාරු කර ගනු ලැබූ අතර අනතුරුව දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. මෙම සුහද හමුවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ‍ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් විය.

තරුණ සංවර්ධනය හා ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රවේශයක් පිළිබදව දැනුවත් කිරීමේ මධ්‍යම පළාත් වැඩසටහනක්.

තරුණ සංවර්ධනය හා ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රවේශයක් පිළිබදව දැනුවත් කිරීමේ මධ්‍යම පළාත් වැඩසටහන. තරුණ සංවර්ධනය හා ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් නව දැක්මක් අංශ රැසකින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩසටහන පිළිබදව දැනුවත් කිරීමේ මධ්‍යම පළාත් වැඩසටහන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වින. මෙහිදී ක්‍රීඩාවේ හා තාරුණ්‍යයේ සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ප්‍රවේශය පිළිබදව මහනුවර ,මාතෙලේ හා නුවරඑලිය දිස්ත්‍රික්කයන්හි නිලධාරින් දැනුවත් කිරීම සිදු කරන ලදී. ඒකාබද්ධ ප්‍රවේශයක් සදහා වූ පාර්ශවකරුවන් , ඒකාබද්ධ ප්‍රවේශයේ ප්‍රමුඛතා , ජාත්‍යන්තරය ජයගත හැකි ඒකාබද්ධ කලමනාකරණ ව්‍යුහයක් ,ජාතික ක්‍රීඩා සඳහාව , යෝජිත පළාත් ක්‍රීඩා සභාව , යෝජිත දිස්ත්‍රික් ක්‍රීඩා සභාව , යෝජිත ප්‍රාදේශීය ක්‍රීඩා සභාව ,ජාත්‍යන්තර ජයග්‍රහණ ඉලක්ක කරගත් ක්‍රීඩා තරගාවලි සැලස්මක් ,ලෙස වූ මෙම ජාතික තරුණ හා ක්‍රීඩා ප්‍රතිපත්තියේ අඩංගු කරුණු පිලිබදව දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරින. මෙම වැඩසටහන සදහා අනුබද්ධිත ආයතන ධාරිතාවය 128313ක් වේ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ , ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම , ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක , මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි.නිමලසිරි , ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සි.මහේෂ්වරන් ,ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග ,ඔලිම්පික් පදක්කම් ලාභී මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ ,ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ශ්‍රී රංගා , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් හා රාජ්‍ය ආයතන රැසක ආයතන ප්‍රධානින් සහභාගී වුහ.

මධ්‍යම පළාතේන් නිදහස් මාවත නමින් නව ප්‍රවර්ධන ව්‍යාපෘතියක්.

මධ්‍යම පළාතේන් නිදහස් මාවත නමින් නව ප්‍රවර්ධන ව්‍යාපෘතියක්. සංචාරක සංවර්ධනය, පුද්ගල ශාරීරික සුවතාවය උදෙසා පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම හා ව්‍යාවසායක සංවර්ධනය ඉලක්කව නිදහස් මාවත නමින් නව වැඩසටහනක් මහනුවර ගන්නොරුව මාර්ගයේ දියත් කෙරේ. පේරාදෙණිය ගන්නොරුව මාර්ගයේ දංගොල්ල මංසන්ධියේ සිට ගොරකාදෙනිය මංසන්ධිය දක්වා වූ මාර්ග කොටස නිදහස් ක්‍රියාකාරකම් වලින් සහ වෙළද අවස්ථා සදහා වෙන් කර දෙමින් විවිධ ක්‍රියාකාරකම් එම පරිශ්‍රය තුල සංවිධානය කොට ක්‍රියාවට නැංවේ. සංචාරක, ක්‍රීඩා, කර්මාන්ත , කෘෂිකර්ම , ඇතුළු ක්ෂේත්‍ර ගනනාවක් මෙම ව්‍යාපෘතිය සදහා විවිධ අංග සදහා සහභාගී කර ගැනේ. 75 වන නිදහස් සැමරුමට සමගාමී ව නිදහස් දින පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පළමු වැඩසටහන පේරාදෙණිය උද්භිත උද්‍යානය අසලින් නිදහස් පාපැදි ධාවනයක යෙදෙමින් වැඩසටහන ට මුල පිරීය. උද්භිත උද්‍යානය වටා පාපැදියෙන් ගමන් කොට නිදහස් මාවත ව්‍යාපෘතිය ක්‍රියාත්මක පරිශ්‍රයට පැමිණි දෙස් විදෙස් සංචාරක කණ්ඩායම ව්‍යාපෘතියේ විවිධ ක්‍රියාකාරකම් වට සහභාගී විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තු වේ කෘෂිකර්ම උද්‍යානය, ගොවිපොළ, කෞතුකාගාරය ආදිය නැරඹිමටත් ,සිතුවම් කරණය , විදි නාට්‍ය ,ශාරීරික ව්‍යායාම , කණ්ඩායම් පාපැදි ක්‍රියාකාරකම් ඇතුළු අවස්ථා රැසකින් සමන්විතවූ නිදහස් මාවත ව්‍යාපෘතිය ආණ්ඩුකාරවර ගමගේ මහතාගේ සංකල්පනාවකි. නුවරට ආවේනික ආහාර ක්‍රමවේදයන් ,ආවේනික පලතුරු සහ අල වර්ග ඇතුළු ආහාරපාන සංචාරකයන් වෙත ආකර්ෂණයක් ඇතිකරවන අයුරින් ප්‍රචලිත කරවීම ද මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත තවත් ඉලක්කයකි. පළාත් කර්මාන්ත අමාත්‍යාංශය මෙහෙයවීමෙන් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කල නිදහස් මාවත වැඩසටහන සදහා පළාත් සංචාරක , ක්‍රීඩා , සංස්කෘතික, කෘෂිකර්ම ආදී දෙපාර්තමේන්තු සහාය දැක්විය. ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව හදබිම අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , මහනුවර නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන සහ Biye -B සංවිධානය ,මහනුවර පාපැදි සංගමය, පේරාදෙණිය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පාර්ශව රාශියක් එක්ව සිටියේය. ආරම්භක අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්. පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ , කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ නිලධාරින් ද එක්විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook