පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මොනිකා ප්‍රනාන්දු මීටර් 800 ධාවන තරගයෙන් දෙවන ස්ථානය

2023 ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව නියෝජනය කරනු ලැබු මොනිකා ප්‍රනාන්දු මහත්මිය මීටර් 800 ධාවන තරගයෙන් දෙවන ස්ථානය ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇත. එම තරඟාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩා නේවාසිකාගාරය සිසු අයිතියට.

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩා නේවාසිකාගාරය සිසු අයිතියට පත් කිරීම පසුගිය (21) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා , අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට ක්‍රීඩාවෙන විශාල පිටුවහලක් ලැබෙන බවත්, පවතින තරගකාරී සමාජ වටපිටාව තුළ අධ්‍යාපනය ද එයට නතුවී ඇති බවත් පැවසිය. දරුවන්හට නිදහස් පරිසරයක් තුළ පීඩනයෙන තොරව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාකිරීම කාලිඅන අවශ්‍යතාවයක් වන බවද ඒ මහතා කීය. අතිරේක පන්තිවල අධ්‍යාපනය ලැබීම අද විලාසිතාවක් බවට පත් වී ඇති බවත් , උසස් පෙළ විභාගයට පෙනී සිටින මධ්‍යම පළාතේ පාසල් අයදුම්කරුවන් සියලුදෙනාට සියයට අසූවක පාසල් පැමිණීම අනිවාර්යය කරන බව ද පැවසිය. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසලට පැමිණීමේ සියයට අසූවේ නීතිය ලිහිල් වූවත් මෙවර සාමාන්‍ය පෙළ පෙනී සිටින ළමුන් උසස් පෙළ විභාගයට යොමුවන කාල සීමාව තුළදී පාසල් පැමිණීමේ නීතිය අනිවාර්යය කරන බව ඒ මහතා පැවසිය . පාසල් ගුරුවරුන්ට සිය පංති කාමරයේ ශිෂ්‍යයන් සඳහා බාහිර පංති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ පැනවූ නීතිය මේ වන විට සබරගමුව හා දකුණු පළාත්වලත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එය ජාතික වශයෙන් රටතුලම ක්‍රියාත්මක වීම කාලින අවශ්‍යතාවයක් බව ද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, විදුහල්පති ඒ.ආර්.ඒ.රණසිංහ, යන මහත්ම මහත්මීන් ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරින් ,ක්‍රීඩා සංගමයේ නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගී වුහ.

රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්මයේ සමාරම්භය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අභියෝග මධ්‍යයේ රට භාරගත් ජනපතිට ජනපති ධූරයේ වසක් සපිරීමට මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් සුභාශිංසන මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවය රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් ඇතුලු මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගන පරිශ්‍රයේදී (20 ) පැවැත්විය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්මය ( 20) සිට ජූලි 27 වන දා දක්වා මාතලේ බණ්ඩාරපොල සුදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවැත්වෙන අතර, මෙම පූණ්‍ය මහෝත්සවයේදී සාමණේර භික්ෂුන් වහන්සේලා 300 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවීම සිදුවේ. රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේට “දර්ශන විශාරද උපාධි” ශ්‍රී සන්නස්පත්‍රය හා විජිණිපත පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර, ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්වහන්සේට හා පූජ්‍ය මුගුණෙවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ගෞරවනාම සන්නස්පත්‍ර පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වු අතර, මෙහිදී රාමඤ්ඤ මහා නිකාය විසින් සංස්කරණය කරන ලද “පටිපදා ශාස්ත්‍රීය සංග්‍රහය” මහනායක ස්වාමීන් වහන්සේට හා ජනාධිපතිවරයාට පිළිගැන්වීම ද සිදු කෙරිණි. එමෙන්ම මාතලේ පුරිජ්ජල සංඝබෝධි පිරිවෙනේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙදින සිදුවිය. වසර 03 ක කාලයක් ආර්ථික හා සමාජ අර්බුධයන් හමුවේ පැවැත්වීමට නොහැකි වු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනය කර්ම උත්සවය ඉතා වැදගත් බවත්, ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙන්ම සමාජයේ යහපත උදෙසා උපසම්පදා භික්ෂූවට විශාල කාර්යභාරයක් ඉටුකිරීමට පැවරෙන බවත්, විෂය පථයේ නොමැති වූවත්, පළාත් සභාවක් වශයෙන් පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සදහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කලේ එහි ඇති වැදගත්කම නිසාවෙන් ම බව මෙහිදී උපසම්පදා මහෝත්සව කමිටුවේ සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවේ ආරම්භය සනිටුහන් කරමින් සදහන් කර සිටි අතර, ගරු ජනාධිවරයා ඇතුලු මහජන නියෝජිතයින්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙම උත්සවය සාර්ථකව පැවැත්වීම සදහා ලද සහාය ද අගය කර සිටි අතර, අභියෝගකාරී වතාවරණයක් හමුවේ දේශය භාරගත් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධූරයේ වසරක් සපිරීම නිමිතිකොට සුභාශිංසන එක් කිරීමට ද ආණ්ඩුකාරවරයා මෙහිදි කටයුතු කළේය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්මයට සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද සමරු තිළිණයක් මෙහීදී පිළිගැන්වූ අතර, සමාරම්භක වැඩසටහනේදී අදහස් දක්වමින් ගරු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයට ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කරනු ලබන බවත්, ඒ සදහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට තමා කටයුතු කරනු ලබන බවත් ය. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උගත්, වියත් පිරසකගේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල හිමිපාණන් වහන්සේ, ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය ගලහිටියාගම විමලධම්ම නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ ශාසනරතන හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක , ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නාලක කෝට්ටගොඩ, තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල්, ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ නුවර සහකාර කොන්සියුලර් ආචාර්ය එස්. අතිරා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා , යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ , මාතලේ දිසාපති තේජානි තිලකරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ පාසල්වල දරුවන් සදහා අධ්‍යාපන මනෝවිද්‍යාත්මක වැඩසටහනක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන දරුවන් වෙනුවෙන් සංවිධානය කෙරෙන අධ්‍යාපන මනෝවිද්‍යාත්මක වැඩසටහනක් ඉකුත්දා (20 ) මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. පළාතේ ප්‍රතිපල සංවර්ධනය කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ පාසල්වල දරුවන් 500 දෙනෙකු සහභාගී විය. මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය කථිකාචාර්ය ,මනෝවිද්‍යාඥ අසංක ජයරත්න මහතා විසින් ලබාදෙන ලද අතර මෙම වැඩසටහන සදහා මිනිපේ ප්‍රාදේශීය සභාව පුර්ණ අනුග්‍රාහකත්වය ලබාදී පැවතුණි.

මිණිපේ ප්‍රදේශිය සභාවේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පුහුණු වැඩමුළුවක්.

සතුටින් සිටින සේවා පරිසරයක් , කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පුහුණු වැඩමුළුවක් 20 වන දින මිනිපේ ප්‍රාදේශීය සභාවේදී පැවැත්විණි. දැනුමෙන්, හැකියාවෙන්, යහපත් ආකල්පයන්ගෙන් හා අභිප්‍රේරණයක් සහිත රැකියාවට ආදරය කරන පුරවැසියෙක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් වටිනාකම් ගොඩනගා ගනිමින් ජනතා සේවය සක්‍රියව ලබාදීමට පසුබිම උදාකිරීම මෙහි අරමුණවේ. මිණිපේ ප්‍රදේශිය සභාවේ ලේකම් නිමල් මහවත්ත මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය කථීකාචාර්ය අසංක ජයරත්න මහතා විසින් සිදු කරන ලදී. සියළු කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook