පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

දැනුවත් ව දිනවමු දරුවන් වැඩසටහනට දෙමව්පියන් ගෙන් ඉහල ප්‍රතිචාරයක්.

දැනුවත් ව දිනවමු දරුවන් වැඩසටහනට දෙමව්පියන් ගෙන් ඉහල ප්‍රතිචාරයක්. මධ්‍යම පළාතේ ප්‍රාථමික අධ්‍යාපනයේ දෙවන අදීයරේ පසුවන දරුවන්ගේ ළමා අවදිය නිදහස් ව ගෙවීමට වැඩිහිටියන් ගේ දායකත්වය ලබා දීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ගුණ නැණ පිරි, නිර්මාණශීලි දරුවන් පිරිසක් මැදරටින් බිහි කිරිමේ ප්‍රවේශයක් ලෙස ආරම්භ කල “ දැනුවත් ව දිනවමු දරුවන්” මැයෙන් වූ විශේෂ සංවාදශීලි වැඩසටහනට දෙමව්පියන් ගෙන් ඉහල ප්‍රතිචාරයක් ලැබී ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පයකට අනුව , ප්‍රවීණ දේශක , මාධ්‍යවේදී, නීතිවේදී ගාමිණි විජේවර්ධන මහතා විසින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහනේ පස්වැන්න අද මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. ඉදිරියේ දී 5 වසර ශිෂ්‍යත්ව කඩඉමට සුදානම් කරන දරුවන් පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් ඉතා පහසුවෙන් සහ ස්වයං අධ්‍යයනයෙන් ඉහල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට අවස්ථාව තිබිය දී අනවශ්‍ය ලෙස දෙමව්පියන් තම කාලය ,ශ්‍රමය හා මුදල් වැය කරමින් දරුවන් ට අනවශ්‍ය පීඩනයක් ලබා දෙමින් ඔහුන් ගේ ළමා කාලය ඔහුන් ට අහිමි කල විභාගය සංකීර්ණ එකක් කොට ඇත්තේ හුදු මුදල් ඉපයීමේ චේතනාවෙන් ආත්මාර්ථකාමී වූ ගුරු පිරිසක් සහ ජනප්‍රිය සංකල්ප හබා යාම සහ තමාගේ සිහින දරුවන් තුලින් ඉටු කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින දෙමව්පියන් බව මෙමෙ වැඩමුළුව තුලින් පසක් කරගනු ලැබූ බව සහභාගී වූ පිරිසගේ අදහස විය. මෙවන් වැඩසටහනක් පළාතේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට ගනු ලැබූ පියවර ඔහුන් ගේ ඇගයීමට ලක් විය.ආණ්ඩුකාරවරයා වෙත ඔහුන් ගේ සතුට සහ ස්තුතිය පිරිනමනු ලැබූ අතර වැඩිහිටි දරුවන් වෙත මෙවන් වැඩසටහන් ගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබිය. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යයන අංශය මෙම වැඩසහටන සංවිධානය කරනු ලබයි.

8 වන ලෝක ජම්බෝරියේ හේමමාලි නාමය ලියවේ.

8 වන ලෝක ජම්බෝරියේ හේමමාලි නාමය ලියවේ. 2023.01.04 සිට 2023.01.10 දක්වා ඉන්දියාවේ රාජසථාන්නුවර දී පැවැත්වූ 8 වන ලෝක ජම්බෝරිය නියෝජනය කිරීම සදහා සහභාගී වූ 5 වන මහනුවර හේමමාලි බාලිකා විද්‍යාල දක්ෂිකාව වූ S.M.D.A. ඇලිකේවෙල බාලදක්ෂිකාවට විදුහලෙන් උපහාර පිදේ. වසර 115 ක් වූ හේමමාලි බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් බාලදක්ෂිකා නායිකාවක් ජාත්‍යන්තර ජම්බෝරියකට සහභාගී වූ පළමු අවස්ථාව ලෙස මෙම නියෝජනය ඉතිහාසයට එක් වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂ සාමාජිකාවන් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූ අතර ඉන් දියණියන් තිදෙනෙක් මධ්‍යම පළාත නියෝජනය කළාය. ඒ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ දියණියන් දෙදෙනා වුයේ සනාරා සෙනවිරත්න සහ සාවින්දී ඇල්ලේපොල යන දියණියන් ය. මෙම ජම්බෝරිය සදහා කණ්ඩායම් නායිකාවන් 5 දෙනෙකු සහභාගි විය.හේමමාලි බාලිකා විද්‍යාලයේ බාලදක්ෂිකා නායිකාව වන්නේ කාංචනා අමුණුගම මහත්මියයි. විද්‍යාලාධිපතිනි තුෂාරා ජයරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී පැවති අභිමානවත් උත්සවයේ දී තම විද්‍යාලයට ආඩම්බරයක් ගෙන ඒමට හැකිවීම පිලිබදව මහත් සතුටක් බවත් , තමා හේම මාලි නාමය ජාත්‍යන්තරයට ගෙන් යාමට කැපවන බවත් ,ඒ සදහා බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් ප්‍රවේශයක් බවත් ඇලිකේවෙල දියණිය ප්‍රකාශ කළාය. මෙම අවස්ථාවට විද්‍යාලිය ආචාරය මණ්ඩලය සහ හේමමාලි දියණිවරුන් ද එක්විය.

දැනුවත්ව දිනවමු දරුවන් -දෙමාපිය ආමන්ත්‍රණය දෙවන අදියර .

දැනුවත්ව දිනවමු දරුවන් -දෙමාපිය ආමන්ත්‍රණය දෙවන අදියර . මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලිලිත් යු ගමගේ මහතාගේ සංකල්පයකට අනුව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් දැනුවත්ව දිනවමු දරුවන් මැයෙන් මධ්‍යම පළාත් පාසැල් පාදක දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනන් මාලාවක් ප්‍රවීණ මාධ්‍යවේදී නීතිඥ ගාමිණි විජේබණ්ඩාර මහතාගේ සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරිණ. මෙහි තෙවන වැඩසටහන මහ/තලාතුඔය ප්‍රාථමික විද්‍යාලයේදී හා සිව්වන වැඩසටහන මහ/අම්පිටිය බෙරවස්ට් රෝයල් විද්‍යාලයේදී නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික )දීපා අබේසිංහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ(නියෝජ්‍ය ) ධම්මිකා ධර්ම සුරේන්ද්‍ර හා එම පාසැල්වල විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ( 13 දින ) පැවැත්විණ. මෙම අවස්තාවන් සදහා ගුරුවරුන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගීවුහ

"REDA EXPRESS " වෙබ් අඩවිය සදහා ලියාපදිංචියට ඔබටත් අවස්ථාවක්.

"REDA EXPRESS " වෙබ් අඩවිය සදහා ලියාපදිංචියට ඔබටත් අවස්ථාවක්. මධ්‍යම පලාත තුළ වෙසෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් / ව්‍යාපාරිකයින් හා කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය ( REDA ) මගින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවනු ලබයි. 2023 වර්ෂය වෙනුවෙන් මධ්‍යම පළාත් ව්‍යාපාරිකයින් /ව්‍යවසායකයින් නගා සිටුවීමේ අරමුණින් ඔවුන්ගේ නිෂ්පාදන මාර්ගගත ක්‍රමයට (online ) අලෙවි කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන "REDA EXPRESS" නමින් වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති අතර එහි ලියාපදිංචි කටයුතු ආරම්භ කිරීම පසුගියදා මහනුවර කලාපීය ආර්ථික සංවර්ධන ආයතන රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි. නවීන ලොව තුළ ව්‍යාපාරිකයින්ගේ අලෙවි අවස්ථා පුළුල් කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් මෙමගින් හිමිවේ. කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ජානක සකලසූරිය මහතාගේ සහ අධ්‍යක්ෂ මේනක හේරත් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත එහි නිලධාරි මණ්ඩලයේ ද සහයෝගය ඇතිව මෙම වැඩසටහන දියත් කෙරේ.

රැකියා නියුක්තිකයින්ගේ pastry & bakery පාඨමාලාවක්.

රැකියා නියුක්තිකයින්ගේ pastry & bakery පාඨමාලාවක්. වර්තමාන ශ්‍රී ලංකාව තුළ කාලීනව දේශීය හා විදේශීය රැකියා සඳහා විශාල ඉල්ලුමක් පවතින අංශයක් ලෙස හෝටල් ක්ෂේත්‍රය හඳුනාගෙන ඇත. මධ්‍යම පළාත් රැකියා නියුක්තිකයින්ගේ අනාගත වැඩි දියුණුව වෙනුවෙන් මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA ) මගින් ක්‍රියාත්මක මාතලේ හෝටල් හා සංචාරක පාසල මගින් පාඨමාලා රාශියක් ක්‍රියාත්මක කරයි. එහි තවත් එක් වැඩසටහනක් ලෙස pastry & bakery පාඨමාලාවේ 03 වන කණ්ඩායම ලෙස රැකියා නියුක්තිකයින් 18 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් තෝරා ගෙන ඒ වෙනුවෙන් සංවිධානය වූ නව පන්ති ආරම්භය පසුගියදා (11) මාතලේ හෝටල් පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී. කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ජානක සකලසූරිය මහතාගේ සහ අධ්‍යක්ෂ මේනක හේරත් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන අතර එහි කාර්ය මණ්ඩලයේ ද දායකත්වය මත පාඨමාලාවන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook