පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිලි දෙක සිසු අයිතියට.

මධ්‍යම පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිලි දෙක සිසු අයිතියට. මැදරට දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සඳහා දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් මධ්‍යම පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිලි දෙක සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (21) දිගන මප /වත් රජවැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණ. හරිත පාසල් සංකල්පය යටතේ රුපියල් මිලියන 120 ක මුදලක් වැය කරමින් ඉදිකෙරුණු මෙම ගොඩනැගිල්ල ප්‍රාථමික හා ද්විතියික අංශ සඳහා වෙන් කෙරේ. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ අධ්‍යාපනය රටක සංවර්ධනයට වැදගත් ආයෝජනයක් වන අතර, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා ජාතික ප්‍රතිපත්තියක් තවමත් නොමැතිකමින් පාසල් වෙත සම්පත් බෙදී යාමේ ගැටළු,පාසල් සඳහා දරුවන් ඇතුලත් කරගැනීමේ අර්බුද , නගරයේ සම්පත් සහිත පාසල් සඳහා දරුවන් යොමු වීම, විශේෂයෙන් රාජ්‍ය වියදම් වලින් අධ්‍යාපනය සඳහා අඩු ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්වීම යනාදිය අධ්‍යාපනය සංවර්ධනයට බාධාවක් වී ඇති බවත් මේ සඳහා ජාතික ප්‍රතිපත්තියකින් අධ්‍යාපන ප්‍රතිපත්ති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම තුලින් අධ්‍යාපන ක්ෂත්‍රය සාර්ථකව පවත්වාගෙන ය හැකි බවත්ය. පාසල් දරුවන්ගේ විචිත්‍රාංගයන්ගෙන් සමන්විත වූ මෙම අවස්ථාවට ගරු ‍සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක දර්ශනපති කහගල සීලානන්ද ස්වාමීන්වහන්සේ, දිගන රජවැල්ල රාජවාළුකාරාම පුජ්‍ය පිල්හත මහානාම හිමි ප්‍රමුඛ සංඝරත්නය හා මුස්ලිම් පුජකතුමන් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් අජිත් ප්‍රේමවංශ ,මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) මංජුල මඩහපොල, , පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුන් ඇතුලු රාජ්ය නිලධාරීන් , ගුරුවරුන් දරුවන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වුහ..

මල් වගාකරුවන් සදහා අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක්

මල් වගාකරුවන් සදහා අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි ඉතා සුන්දර නගරයකි නුවරඑළිය. මෙම නගර වැසියන් ප්‍රධාන ආදායම් මාර්ගය, අතිරේක ආදායම් මාර්ග සහ විනෝදාංශයක් ලෙස මල් වගා කිරීම සිදු කරයි. විශාල වශයෙන් ගෘහස්ථ අලංකරණය සදහා මල් පැල පෝච්චි තුළ වගා කර අලෙවි කරනු ලැබේ. මල් වගාව ප්‍රවර්ධනය , වෙළඳපල අවස්ථා ඇති කිරීම , ආදායම් උත්පාදනය යනාදිය අරමුණු කර ගනිමින් නුවරඑළිය ප්‍රදේශයේ මල් වගාකරුවන් සදහා අලෙවි ප්‍රදර්ශනයක් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය මගින් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදි . ඒ සදහා ව්‍යවසායකයින් 30 දෙනෙකු සම්බන්ධ කරගෙන පසුගිය 9,10 සහ 11 දිනයන්හි නුවරඑළිය නගරයේ ගොල්ෆ් ක්‍රීඩාපිටිය ඉදිරිපිට මල් අලෙවි ප්‍රදර්ශනය පැවැත්විණි. මෙමඟින් නගර වැසියන් හට බොහෝ ප්‍රතිලාභ අත්වන ලදි . ඒ අතර අලෙවි ප්‍රවර්ධන අවස්ථා ඇති වීම ,වෙළඳ සම්බන්ධතා වර්ධනය ,විවිධ මල් පැල වර්ග පාරිභෝගිකයාට මිලදී ගැනීමට අවස්ථා උදා වීම ,ආදායම් උත්පාදනය විශේෂ වේ. කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ,ජානක සකලසූරිය මහතාගේ සහ අධ්‍යක්ෂ , එච්.එම්.එම්.යූ.බී. හේරත් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා නුවරඑළිය නගරාධිපතිතුමා ,නාගරික කොමසාරිස් තුමා, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමිය,පළාත් සභා නිලධාරීන් සහ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරි මණ්ඩලය සහභාගි වන ලදී. මේ සියලු දෙනාගේ සහයෝගයෙන් මෙම වැඩසටහන ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදී. මෙම මල් ප්‍රදර්ශනයට සහභාගි වූවන් අප ආයතනයේ මැදිහත් වීමෙන් පළාතේ මල් වගාව පිළිබඳ උනන්දුවක් දක්වන්නන් ඊට යොමු කිරීම, මල් වගාව ප්‍රවර්ධනය, අලෙවි ප්‍රවර්ධන අවස්ථා ඇති කිරීම ආදී කරුණු ඉටු කර දෙන ලෙසට ඉල්ලීමක් කරන ලදී. ඒ අනුව 2023 වර්ෂයේ සංවර්ධන සැලැස්ම සඳහා උක්ත ඉල්ලීම් ඇතුලත් කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

SL Travel වෙබ් අඩවිය සඳහා හෝටල් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සම්බන්ධීකරණය කිරීමේ වැඩසටහනක්.

SL Travel වෙබ් අඩවිය සඳහා හෝටල් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සම්බන්ධීකරණය කිරීමේ වැඩසටහනක්. මධ්‍යම පළාතේ ආයෝජන ප්‍රවර්ධනය සහ සුළු කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය මෙන්ම විවිධ පුහුණු වැඩ සටහන් රාජ්‍ය හා පෞද්ගලික සහභාගිත්වයෙන්, ව්‍යවසායක සංවර්ධන වැඩසටහන් රැසක් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබයි. පළාතේ ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන 2022 වර්ෂයේදී මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා එක්ව මධ්‍යම පළාත තුළ ඇති හෝටල් ක්ෂේත්‍රයට අයත් (හෝටල් සංචාරක බංගලා, රෙස්ටුවරන්ට්, ගෙස්ට් හවුස් , හෝම් ස්ටේ) ස්ථානයන් මෘදුකාංගයක් වෙත ඇතුළත් කිරීමේ වැඩසටහනේ දෙවන අදියර පසුගිය 15 වන දින නුවරඑළිය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු ද එහිදී සිදු වන ලදී. කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති, ජානක සකලසූරිය මහතාගේ සහ අධ්‍යක්ෂ, එච්.එම් .එම්.යූ.බී හේරත් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත සහකාර අධ්‍යක්ෂතුමියගේ සහ නිළධාරී මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.

පළාත් පාලන ආයතන වල සේවයේ නියුතු නිළධාරින් සඳහා පරිගණක පුහුණු වැඩසටහන්.

පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත පළාත් පාලන සහකාර කොමසාරිස් සුනිල් හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ, නිරතුරුවම යාවත්කාලීන වන පරිගණක තාක්ෂණය භාවිතා කරමින්, පළාත් පාලන ආයතන වල සේවයේ නියුතු නිළධාරින්ගේ කාර් යාලීය කටයුතු විධිමත්ව හා ඵලදායිව ඉටුකර ගැනීම සඳහා පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණ ඇතිව පවත්වනු ලබන පරිගණක පුහුණු වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩමුළුව ලෙස, MS Word මෘදුකාංගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන, 2022.12.16 දින නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විනි. මෙහි සම්පත්දායකත්වය, මහනුවර පළාත් පාලන සහකාර කොමසාරිස් කාර් යාලයේ සංවර් ධන නිළධාරි එස්.එම්.එස්.එල්. බණ්ඩාර මහතා විසින් ලබා දෙන ලදී.

මධ්‍යම පළාතේ සමාජ ආර්ථික සංවර්ධන කාර්යයන්හිදී අවශ්‍ය වන යාවත්කාලීන කළ තොරතුරු හා දත්ත දැන් එකම තැනකින්.

මධ්‍යම පළාතේ සමාජ ආර්ථික සංවර්ධන කාර්යයන්හිදී අවශ්‍ය වන යාවත්කාලීන කළ තොරතුරු හා දත්ත දැන් එකම තැනකින්. පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ cs.cp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හා cs massage portal වෙත wahatsapp ඔස්සේ සම්බන්ධවීමෙන් මෙම පහසුකම ලබා ගත හැකි ය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook