පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මහනුවර පුෂ්පදාන සමිති සංගමය සංවිධාන කළ 119 වන මිහිදු පෙරහර අති උත්කර්ෂවත්ව මහනුවර දී වීදි සංචාරය කෙරිණ.

මහනුවර පුෂ්පදාන සමිති සංගමය සංවිධාන කළ 119 වන මිහිදු පෙරහර අති උත්කර්ෂවත්ව මහනුවර දී වීදි සංචාරය කෙරිණ. මහනුවර පුෂ්පදාන සමිති සංගමය සංවිධාන කළ වාර්ෂික මිහිදු පෙරහැර පසුගියදා වසර 04 කට පසු මහනුවර නගරයේ වීදි සංචාරය කෙරිණ.එම සමිතිය 119 වන වරට සංවිධාන කළ මෙම පෙරහැර වීදි සංචාරයට එක්වූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආගමිකවතාවත් වලින් අනතුරුවය.මිහිදු මහ රහතන් වහන්සේගේ පිළිරුව සහිතව අලි ඇතුන් හා දර්ශනීය නර්ථනාංගවලින් මෙම පෙරහැර සමන්විත විය. ප්‍රධාන ආරාධිතයා වශයෙන් එම අවස්ථාවට සහභාගීවූ ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා, රජයේ මුදල් භාවිතයෙන් තොරව මෙවැනි ආගමික මංගල්‍යයන් පැවැත්වීම ආදර්ශයක් බවත් සිංහල බෞද්ධයන් පමණක් නොව සෙසු ආගමික ජන කොටස්වල ද සහයෝගය මේ අවස්ථාව සඳහා හිමිවී ඇති බව එහිදී ප්‍රකාශ කළේය. එම සමිති සංගමයේ සභාපති වොල්ටර් රණසිංහ මහතා ඇතුලු සංගම් සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ආගමික අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පොසොන් උත්සවයට සමගාමීව මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබු ධර්ම දේශනාව .

පොසොන් උත්සවයට සමගාමීව මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබු ධර්ම දේශනාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේදි 2023.06.01 දින උදෑසන 9.30 පැවත්වුනි.එදින බෙලිමල් දංසලක් ද පැවත්විනි.

මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කළ පොසොන් බැති ගී ප්‍රසංගය.

මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කළ පොසොන් බැති ගී ප්‍රසංගය පසුගිය (1) දා මහනුවර සහසඋයන පරිශ්‍රයේදී පැවැත්විණ.මහනුවර අධ්‍යාපන කලාප කාර්යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හා මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල්වල විදුහල්පති මහත්ම මහත්මීන්ගේ බොදු බැති ගී වලින් මෙම ප්‍රසංගය වර්ණවත් විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම බැති ගී ප්‍රසංගය නැරබීමට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් .පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත් ම මහත්මින් අතුලු පිරිසක් එක් විය. මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දර ගේ මහත්මිය ගේ මග පෙන්විමෙන් මෙම ප්‍රසංගය පැවැත්වු අතර මහනුවර ධර්මරාජ විදුහල් සංගීත කන්ඩායම ප්‍රසංගය සංගිතවත් කලේය .අමතරව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධීකාරි පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වැඩම කල මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කොට ආශිර්වාද කරනු ලැබුහ.

මධ්‍යම පළාතේ පවතින ජල මුලාශ්‍ර ආරක්ෂාකරමින් ජනතාවට පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපිරීම වෙනුවෙන් නව වැඩසටහනක්.

මධ්‍යම පළාතේ පවතින ජල මුලාශ්‍ර ආරක්ෂාකරමින් ජනතාවට පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපිරීම වෙනුවෙන් නව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. එම වැඩසටහනට සමගාමිව පළාත තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ජල මුලාශ්‍ර සංරක්ෂණ වැඩසටහන සදහා සකස් කරන ලද අතුරු ව්‍යවස්ථාව පිළිබදව පළාත් පාලන ආයතන ප්‍රධානින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත් වන ලදී. මධ්‍යම පළාත් පලාත්පාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය බස්නාහිර පළාතේ ප්‍රධාන නීති නිලධාරි පාලිත අබේවර්ධන මහතා විසින් ලබාදෙන ලදී. මෙම අවස්ථාව සදහා වැඩ බලන පළාත් පාලන කෝමසාරිස් ලක්මාලි අත්තනායක මහත්මිය , පළාත් පලාන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී ගැමුණු බණ්ඩාර මහතා, සහකාර පළාත් පලාන කොමසාරිස්වරුන් , පළාත් පලාන ආයතන ලේකම්වරුන් , විමර්ශන නිලධාරින් , ප්‍රජා සංවර්ධන නිලධාරින් හා විෂයභාර නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් මහත්මිය හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ . ගමගේ මහතා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් (DEWI GUSTINA TOBING) මහත්මිය හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ . ගමගේ මහතා අතර හමුවක් අද දින (31) පෙරවරුවේ ආණ්ඩුකාර නිල කාර්යාලයේදී සිදු විය. දෙරට අතර දීර්ඝ කාලීන මිත්‍ර සම්බන්ධතා හා ආර්ථික සම්බන්ධතා කෙරෙහිත්, ආගමික හා සංස්කෘතික සම්බන්ධතා කෙරෙහිත් මේ හමුවේ දී අවධානය යොමු කෙරිණ. ඉන්දුනීසියාවේ බෞද්ධ උරුමය ද අවධානයට ලක් වූ විශේෂ කාරණයක් විය. ආණ්ඩුකාර ගමගේ මහතා සිය ඉන්දුනීසියානු අත්දැකීම් ද තානාපතිනිය හමුවේ විස්තර කළේ ය. තානාපතිනි ගුස්ටිනා ටොබින් මහත්මිය ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අගය කරමින් අදහස් පළ කළා ය. අදින් 49 වසරකට පෙරාතුව එනම් 1974 වසරේ දෙසැම්බර් මස 04 වන දා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලක්ෂපාන ප්‍රදේශයේ සප්ත කන්‍යා කඳුවැටිය ආශ්‍රිතව සිදුවූ බිහිසුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් ආණ්ඩුකාර ගමගේ මහතා තානාපතිනියගේ අවධානය යොමු කළේ එහි 50 වන සැමරුම ආසන්නව ඇති බව ද සඳහන් කරමිනි. මේ අනතුරෙන් ඉන්දුනීසියානු ජාතික ඉස්ලාම් බැතිමතුන් 182 දෙනෙකු හා ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 09 දෙනෙකු ඇතුළු 191 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තානාපතිනිය හමුවේ මධ්‍යම පළාතේ අනන්‍යතාව හා පාරිසරික සුන්දරත්වය ද, සංස්කෘතික උරුමය ද නිරූපිත වීඩියෝ වැඩසටහනක් ප්‍රදර්ශනය කෙරිණ. උඩරට කඳුකරයේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ඇති ඉඩකඩ ද දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ කාරණයක් විය. ආණ්ඩුකාර කාර්ය මණ්ඩල නිලධාරීන් සමඟ පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා හා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද , ඉන්දුනීසියානු තානාපති කාර්යාල නිලධාරීන් දෙපලක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook