ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව මගින් කසල කළමණාකරනය හා ඩෙංගු රෝග පාලනය සම්බන්ධයෙන් තැලි හුන්ත කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් ළමුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කෙරේ.
බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්.
බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්.
වර්තමාන ලෝකයේ ප්‍රබල බලශක්ති අර්බුදයකි. ආර්ථික වශයෙන් ගැටලුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ද මෙම අර්බුදයට මුහුණ පා ඇත. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාව හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවිඥාණක දේශයක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන්, මැදදුම්බර ප්‍රාදේශිය ලේකම් යු.ජි.ඉන්දික අනුරුද්ධ පියදාස මහතාගේ ආරාධනයෙන් “බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක් 2022-11-25 දින මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( ක්‍රම සම්පාදන ) චතුරිකා දයානන්ද , මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ( සැලසුම් ) ලලිතා අබේසිංහ හා පරිපාලන නිලධාරි පි.එම්. අබේරත්න බණ්ඩා යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී ආශා තිලකරත්න මහත්මියගේ සහ තිළිණ මධුසංඛ මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.
මධ්‍යම පළාත් ජනතාවගේ පානීය ජල සුරක්ෂිතතාව තිරසරව පවත්වා ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන සඳහා වූ අතුරු ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරේ.
පිරිසිදු පානීය ජලය බෙදා හැරීම, ජල මූලාශ්‍ර සංරක්ෂණය, ජල ප්‍රභව පාලනය කිරීම ඇතුළු බල ප්‍රදේශයේ ජල සම්පත් ඵලදායී අන්දමින් භාවිතයට ගැනීම තුළින් ජනතා අවශ්‍යතා ඉටු කරලීමට අවශ්‍ය නෛතික රාමුවක් සකසා ක්‍රියාත්මක කිරීම මෙයින් අරමුණු කෙරේ. මහා නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා යන සියලු පළාත් පාලන ආයතනවලට මෙය හාවිතා කළ හැකි ය.
මෙහි මූලික කෙටුම්පත පිළිබඳ පූර්ණ සංවාදාත්මක සැසියක් ගෙවුණු සති අන්තයේ මහනුවර , ගැටඹේ ‘ඕක්රේ’ හෝටල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මහනුවර, මාතලේ හා දඹුල්ල මහා නගරාධිපතිවරුන් , මධ්‍යම පළාතේ සියලු නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් , මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ හා පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් යන මහත්වරුන් , සහකාර පළාත් කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභා ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මධ්‍යම පළාත සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පානීය ජලය භාවිතයට ගැනීමෙහි ලා පානීය ජල සුරක්ෂිතතාව පවත්වා ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තුළ පිහිටි ජල මූලාශ්‍ර විධිමත්ව පවත්වාගෙන යාමට පළාත් පාලන ආයතන මැදිහත්වීමේ අවශ්‍යතාව පැන නැගී ඇති හෙයින් ද, මධ්‍යම පළාතේ සෑම පළාත් පාලන බල ප්‍රදේශයකම ඊට අදාළ ව ක්‍රියාත්මක විය යුතු ප්‍රතිපත්තියක් නිශ්චය කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති හෙයින්ද, එවැනි ප්‍රතිපත්තියක් යටතේ පානීය ජල සුරක්ෂිතත්ව පවත්වා ගැනීමෙහි ලා අවශ්‍ය නියාමනයන් සිදු කිරීම දැක්වෙන 1987 අංක 15 දරන පළාත් පාලන පනතේ සඳහන් විධිවිධාන යථාවත් කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති හෙයින් ද මධ්‍යම පළාතේ සියලුම පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ පිහිටි ජල මූලාශ්‍ර ඇතුළු ජලය බෙදා හැරීමේ ක්‍රමෝපායන් විධිමත් කිරීමේ ප්‍රමාණවත් විධිවිධාන ප්‍රාදේශීය සභා වෙත පිරිනැමීම සඳහා මෙම කාර්යය සිදු කෙරේ.
ජාතික ඵලදායිතා සම්මාන -2020 තරගාවලියේ ජාතික මට්ටමින් අන්‍තර් දෙපාර්තමේන්තු අතර තරගයේ තුන්වන ස්ථානය- මධ්‍යම පළාත්,පළාත් පාලන දෙපාර්තමේන්තුව හිමිකර ගන්නා ලදී.
උකුවෙල ප්‍රාදේශීය සභාව, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය, පරිසර පොලිසිය හා ප්‍රජා සංවිධාන එක්ව වරකාමුර හා මීදෙනිය වසම්වල ඩෙංගු මර්දන වැඩසටහනක් හා කසල කළමණාකරණය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරේ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්