පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

දිගන ‘පූජා’ වෙසක් කලාපය ආරම්භ කෙරේ....

දිගන ‘පූජා’ වෙසක් කලාපය ආරම්භ කෙරේ.... සම්බුදු තෙමගුල නිමිත්තෙන්, දිගන, ශ්‍රී රාජවාලුකාරාම විහාරස්ථානයේ ‘පූජා’ වෙසක් කලාපය විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථාන පරිශ්‍රයේදී (23) දින ආරම්භ කෙරිණි. ‘පූජා’ වෙසක් කලාපය මැයි 23, 24 සහ 28 සිට 31 දක්වා පැවැත්වෙන අතර දාන ශීල භාවනා, වෙසක් තොරණ, දන්සල්, පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන්, රැසක් සංවිධානය කර තිබේ. මෙම අවස්ථාව සඳහා උඩරට අමරපුර නිකායේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය විහාරබුලන්කුලමේ උපවංශ හිමි, දිගන ශ්‍රී රාජවාළුකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පිල්හත මහානාම හිමි ඇතුළු විහාරස්ථ දායක සභාවේ සාමාජිකයින් සහ දහම් පාසල් දරුවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක් වූහ.

පරිසරයයි - ජීවිතයයි” පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රදර්ශනය 22 සහ 23 දෙදින පුරා මහනුවර KCC පරිශ්‍රයේ දී..

“පරිසරයයි - ජීවිතයයි” පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රදර්ශනය 22 සහ 23 දෙදින පුරා මහනුවර KCC පරිශ්‍රයේ දී.. ශ්‍රී ලංකාවේ අවිධිමත් කසළ කළමනාකරණය සදහා කාන්තා සහ තරුණ දායකත්වය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින්, ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය එකතුකරන්නන් ඇගයීමේ වැඩසටහනක් (22) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මාහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර KCC පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර ඊට සමගාමීව 22 සහ 23 දෙදින පුරා එම පරිශ්‍රයේ දී පැවැත්වෙන පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් සහ ජනතාක්ෂන් ගැරන්ටී, නෙප්චූන් රීසයිකල්ස් සහ කොකාකෝලා යන ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරුණු එම වැඩසටහන මගින් අවිධිමත් කසළ කළමනාකරණය සදහා කාන්තා සහ තරුණ දායකත්වය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ සම්පත් එකතු කරන්නන් දිරිගැන්වීමේ අරමුණින් ඔවුන් සදහා ත්‍යාග සහ සහතිකපත් පිරිණැමීමක්, විද්‍යුත් ත්‍රී රෝද රථ ලබා දීමක් සහ ආකල්ප සංවර්ධන වැඩසටහනක් සිදු කෙරිණි. එම අවස්ථාව සදහා කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ඩබ්.එම්.ඊ.අබේරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ඒ.එස්.අනූෂා අබේගුණරත්න, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ආර්.තිලගේෂ්වරී යන මහත්ම මහත්මීන් සහ ජනතාක්ෂන් ගැරන්ටී, නෙප්චූන් රීසයිකල්ස් සහ කොකාකෝලා යන ආයතන නියෝජනය කළ මහත්ම මහත්මීන් ඇතුළු පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සම්පත් එකතු කරන්නන් සහ පරිසර හිතකාමී නිෂ්පාදකයින් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

මැදරට පළාත් පාලන ආයතන තරග ජයග්‍රාහකයින් ඇගයේ

මැදරට පළාත් පාලන ආයතන තරග ජයග්‍රාහකයින් ඇගයේ...... 2025 වර්ෂයේ මධ්‍යම පළා‌තේ පළාත් පාලන ආයතන අතර පවත්වන ලද මහජන පුස්තකාල පාඨක ක්‍රියාකාරකම් තරග, නගර අලංකරණය සහ මහජන සේවා ඩිජිටල්කරණය කිරීම යන වැඩසටහන්වල ජයග්‍රාහකයන්‌ වෙත සහතිකපත් ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ, මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගිය (08) දින පැවැත්විණි.මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් පළා‌තේ පළාත් පාලන ආයතන සමඟ එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි. මහජන පුස්තකාල පාඨක ක්‍රියාකාරකම් තරග වැඩසටහන පළාතේ සියලුම පළාත් පාලන ආයතන මහජන පුස්තකාල සහ පුස්තකාල පාඨක සමාජ සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කර තිබේ. මීට සමගාමීව පළාත් ආයතන අතර පවත්වන ලද නගර අලංකරණ වැඩසටහනේ සහ පළාත් පාලනය මහජන සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනේ ඉහළ සාධන මට්ටමක් පෙන්නුම් කළ පළාත් පාලන ආයතන ඇගයීම සිදු විය.මෙහිදි තරග දක්ෂතා දැක්වූ තෝරාගත් දරු දැරියන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සළසා දි තිබිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන ආයතන ප්‍රධානීන්, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ‌ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, නියෝජ්‍ය ප්‍රධාන ලෙකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට, පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ඒ.ජි. මුදියන්සේ, පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ආර්. තිලගේස්වරි යන මහත්ම මහත්මීන්, පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්, ලේකම්වරුන්, නිලධාරින්, තරග ජයග්‍රාහකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ

මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ධුරයට සී. එම්. එස්. දිසානායක මහත්මිය පත්කෙරේ

මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ධුරයට සී. එම්. එස්. දිසානායක මහත්මිය පත්කෙරේ.... ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ 1 වන ශ්‍රේණියේ නිලධාරිනියක වන සී. එම්. එස්. දිසානායක මහත්මිය මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂවරිය ලෙස පත් කෙරේ.එම තනතුරට අදාළව වැඩ භාරගැනීම (07) සුභ මොහොතින් මධ්‍යම පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ආගමික වතාවත් වලින් අනතුරුව සිදුවිය. සී. එම්. එස්. දිසානායක මහත්මිය මහනුවර මහ නගර සභාවේ කර්මාන්ත ඉංජිනේරු ලෙස සේවය කොට ඇති අතර ඉන් අනතුරුව මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ව්‍යුහ ඉංජිනේරු ලෙසත් මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් ඉංජිනේරු ලෙසත් මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (අධ්‍යාපන ගොඩනැගිලි) ලෙසත් ප්‍රධාන ඉංජිනේරු (අධ්‍යාපන ගොඩනැගිලි) ලෙසත් සේවය කොට ඇත. සී. එම්. එස්. දිසානායක මහත්මිය මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට පෙර මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළාය.සී. එම්. එස්. දිසානායක මහත්මිය මහනුවර මහාමාය විද්‍යාලයෙන් ආදී ශිෂ්‍යාවක් වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධිධාරිනියකි.

ගෝලීය අර්බුදය හමුවේ මධ්‍යම පළාතේ ඉදිකිරීම් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් සකච්ඡාවක්

ගෝලීය අර්බුදය හමුවේ මධ්‍යම පළාතේ ඉදිකිරීම් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් සකච්ඡාවක්..... ගෝලීය අර්බුදය හමුවේ ඉන්දන මිල ඉහළ යාම, ඉදිකිරීම් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් සිදු කෙරෙන බලපෑම පිළිබඳව සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභය‍කෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී (04) දින පවැත්විණි. මධ්‍යම පළාතේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය තුළ ගෝලීය අර්බුදය හමුවේ වර්තමානයේ මුහුණ දී ඇති ගැටලු හා ඊට ලබාදීය යුතු විසදුම් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකරන ලදී. එහිදි පළාත් මාර්ග, ගොඩනැගිලි, වාරිමාර්ග හා කෘෂි ඉදිකිරීම් ආදී ඉදිකිරීම ක්ෂේත්‍රවලට අදාළ ඉදිකිරීම් හා කොන්ත්‍රාත් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.ඒ අනුව ඉදිකිරීම් හා කොන්ත්‍රාත් සම්බන්ධයෙන් පළාත් මිල කමිටුව මැයි මස 13 දින රැස්වීමට ද තීරණ ය වූහ. 2026 වසරේ මධ්‍යම පළාතේ සංවර්ධන වැඩසටහන් යටතේ සහ දිට්වා ආපදා තත්ත්වය ඉදිකිරීම් හා කොන්ත්‍රාත් කටයුතුවල මේ දක්වා ප්‍රගතිය ද සමාලෝචනය කිරීම ද සිදුවිය.මීට සමගාමි මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ මධ්‍යම රජය සහ අනෙකුත් පළාත් සභා ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡාවට බඳුන් විය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්වූහ

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook