පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මහනුවර වාර්ෂික පංචරථ තේරු මහෝත්සවය අප්‍රේල් 04 දා පැවැත්වීමට සැලසුම්.

මහනුවර වාර්ෂික පංචරථ තේරු මහෝත්සවය අප්‍රේල් 04 දා පැවැත්වීමට සැලසුම්. මහනුවර වාර්ෂික පංචරථ තේරු මහෝත්සවය අප්‍රේල් 04 දා පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව එහි ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (21) පැවැත්විය. ඒ අනුව, එළඹෙන මාර්තු මස 27 දා කප් සිටුවීමෙන් ආරම්භ වන මෙම උත්සව මාලාව අප්‍රේල් මස 4 වන සිකුරාදා දින දක්වා පැවැත්වීමට නියමිත අතර, අදාල උත්සව මාලාව සදහා වන අවශ්‍ය පහසුකම් ලබාදීම, ආරක්ෂක කටයුතු සහ වෙනත් මූලික කරුණු මෙහිදී සාකච්ඡාවට බදුන් වූ අතර, මෙම සාකච්ඡාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර ශ්‍රී සෙල්වවිනායාගර් තිරුක්කෝවිලේ ප්‍රධාන භාරකරු ගෝවින්දසාමි ක්‍රිෂ්ණමූර්ති මහතා, සහකාර ආණ්ඩුකාර ලේකම් මිහිරාන් බණ්ඩාර, මහනුවර පොලිසිය, විදුලිබල මණ්ඩලය, පළාත් මගී ප්‍රවාහන අධිකාරිය ආදී ආයතන නියෝජනය කරමින් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරස්ථාන වෙබ් අඩවිය ජනගත කෙරේ.

පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරාධිපති මල්වතු මහා විහාරීය කාරක සංඝ සභික අම්පිටියේ ශ්‍රී සරණංකර චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව නිර්මාණය කළ ලොව උසම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නව වැනි වර්ෂ පූර්ණය නිමිති කරගෙන උන් වහන්සේ හා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති ටැම්පිටියේ ඉන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් සංවිධානය කරන ලදුව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරී ,අස්ගිරි විහාර පිරිවෙන්පති නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් හා මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්දර දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිදාන ස්වාමීන්වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් යුතු විහාරස්ථාන වෙබ් අඩවිය ජනගත කිරීමේ මහෝත්සවය හා ශ්‍රී ඥානවිමල දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි . www.ranawanaroyaltemple.lk යන මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් විහාරස්ථානය පිළිබඳ සියලු තතු නො පමාව ලබා ගත හැකි ය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ . ගමගේ මහතා ද මේ අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වූයේ ය. රණවන පුරාණ රජමහා විහාරස්ථානය ඉදිකරන ලද්දේ ක්‍රි.ව. 1602 දී ගම්පොල යුගයේ සිව්වන බුවනෙකබාහු රජ සමයේ යි . මෙය කලක් බැතිමතුන්ගේ වැඳුම් පිදුම් ආදියෙන් තොරව වනගතව පැවතුනි. පසුව සියලු විහාරාරාංග වලින් සමන්විතව ප්‍රතිසංස්කරණය කොට තිබේ.

තරුණ තරුණියන් 15 000 ට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් “යොවුන් දහම් සක්මන” පල්ලේකැලේදී.

තරුණ තරුණියන් 15 000 ට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් “යොවුන් දහම් සක්මන” පල්ලේකැලේදී. යහගුණදම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස සංවිධාන කළ “යොවුන් දහම් සක්මන” සදහම් වැඩසටහන තරුණ තරුණියන් 15 000ට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කුණ්ඩසාලය මහමෙවුනා අසපු ධර්ම ශාලාවේදී (11) පැවති අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත්. යු.ගමගේ මහතා සහ එම මහත්මිය ඇතුලු පිරිසක් ද වැඩසටහනේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී විය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සදහා අවශ්‍යවන ඉගෙනුම් ද්‍රව්‍ය ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 129.9ක් වෙන් කෙරේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සදහා අවශ්‍යවන ඉගෙනුම් ද්‍රව්‍ය ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 129.9ක් වෙන් කෙරේ. මධ්‍යම පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සදහා අවශ්‍යවන ඉගෙනුම් ද්‍රව්‍ය ලබාදීම වෙනුවෙන් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන මගින් රුපියල් මිලියන 129.9ක මුදලක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් මත යොදවා ඇති බව පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා පවසයි. ආර්ථික දුෂ්කරතාවයන් අධ්‍යාපනයේ අයිතියට බාධාවක් නොවීම සදහා කටයුතු කරමින් පළාත් පාලන ආයතන වල පවතින මුල්‍ය පහසුකම් අනුව ප්‍රදේශයේ මූල්‍ය අපහසුතාවයන් නිසාවෙන් පාසල් පොත්පත් හා උපකරණ ලබා ගැනීමට අපහසු දරුවන් වෙනුවෙන් ඒවා ලබාදීම සදහා මධ්‍යම පළාත් සභාවක් ලෙස කටයුතු කරමින් , මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ අදහසකට අනුව රුපියල් මිලියන 129.9ක් වටිනා පාසල් උපකරණ ලබාදීම සදහා කටයුතු සූදානම් කර ඇත. ග්‍රාම නිලධාරීවරයාගේ තහවුරු කිරීම මත සැබෑ ලෙසම ආර්ථික දුෂ්කරතා සහිත පවුල් ඒකක සදහා මෙම පාසල් උපකරණ ලබාදීම සිදුවන බවත් , පළාත් පාලන මැතිවරණය කැඳවීමට පෙර ගත් තීරණයකට අනුව සහ මැතිවරණයට බාධාවක් නොවන පරිදි පළාත් පාලන ආයතන වල ලේකම්වරුන් ගේ පූර්ණ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් පළාත් පාලන කොමසාරිස් වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය.

ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී ගෞරව සම්මානය සත්‍ය වශයෙන්ම මධ්‍යම පළාතේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු නිලධාරීන් ගත් සාධනීය ක්‍රියාමාර්ග වෙනුවෙන් පිරිනැමුණු ගෞරව සම්මානයක්.

ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී ගෞරව සම්මානය සත්‍ය වශයෙන්ම මධ්‍යම පළාතේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු නිලධාරීන් ගත් සාධනීය ක්‍රියාමාර්ග වෙනුවෙන් පිරිනැමුණු ගෞරව සම්මානයක්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකාය දින සංවත්සර මහෝත්සවයේදී එහි මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමලාභිදාන මාහිමිපාණන් වහන්සේගේ සුරතින් තමා වෙත පිරිනැමුණු ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී ගෞරව සම්මානය සත්‍ය වශයෙන්ම පසුගිය තෙවසර තුළ මධ්‍යම පළාතේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු නිලධාරීන් ගත් සාධනීය ක්‍රියාමාර්ග වෙනුවෙන් පිරිනැමුණු ගෞරව සම්මානයක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. තමා ආණ්ඩුකාරවරයා ලෙස ඔවුනට මඟ පෙන්වූ බවද, ඊට අදාළ සියලු කාර්යයන් ඉටු කළේ ඔවුන් බවද ආණ්ඩුකාර ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටී. ආණ්ඩුකාර ගමගේ මහතා මේ බව කියා සිටියේ උක්ත සම්මානය පිරිනැමීම හ ඊට පසුබිම් වූ තත්ත්වයන් සාකච්ඡා කිරීමේ අවස්ථාවකට අද දින (31) පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සහභාගී වෙමිනි. ගමගේ මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියා ය. මෙහිදී පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද, ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහේෂ්වර කිරිදිගොඩ මහතාද අදහස් දැක්වූහ. පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, ආණ්ඩුකාර පෞද්ගලික කාර්ය මණ්ඩලයද, ආණ්ඩුකාර කාර්යාලයීය කාර්ය මණ්ඩලය ද මේ හා එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook