පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

තෙල්දෙණිය බස් නැවතුම්පොළ පාලනය කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශව එක්වී පැහැදිලි තීන්දුවක් ගත යුතුයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා

 

තෙල්දෙණිය බස් නැවතුම්පොළ පාලනය කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශව එක්වී පැහැදිලි තීන්දුවක් ගත යුතු බවත් , එහිදී පළාත් පාලන පනතේ විධි විධාන සහ මගී ප්‍රවාහන සේවා ප්‍රඥප්ති ප්‍රකාරව කටයුතු කිරීම වඩාත් උචිත වන්නේ යැයි මධ්යම් පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

අද පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවතී විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබුවේ දුම්බර නිම්නයෙන් මහනුවර අගනගරයට ප්‍රවේශ වන දොරටුව බදුවූ තෙල්දෙණිය නගරයේ ඉදි කිරීම් සහ සංවර්ධනය මිට වඩා විධිමත් විය යුතු බව ය.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදි කල කරල්ලියද්ද නව නගරය අද තෙල්දෙණිය බවට පත්ව ඇති අතර , එහි බස් නැවතුම් පොළ සහ කුඩා මොටර් රථ ගාල් කිරීමේ නැවතුම් පොළ ආශ්‍රිතව පරිපාලනික වශයෙන් පවතින ගැටලු පිලිබදව අදාල ස්ථානය පරික්ෂා කිරිමෙන් අනතුරුව තීරණය කිරීම සුදුසු බව පෙන්වා දෙනු ලැබිය.

මෙම අවස්ථාවට මැද දුම්බර ප්‍රාදේශීය සභා සභාපති අශෝක සමරකෝන්.ඇතුළු ජනතා නියෝජිතයන් , ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මාර්ග අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන , සභාපති පරාක්‍රම දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය

 

 

උඩහේවාහැට මහා දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානය.

උඩහේවාහැට මහා දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානය.

උඩහේවාහැට මහා දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියේ අක්තපත්‍ර ප්‍රධානය.

මැටිබැඹිය ශ්‍රී ජයතිලකාරාමය, බොරහින්න ශ්‍රී ධම්මාරාමය, කබරගල ශ්‍රී සම්බුද්ධ ජයන්තියාරාමය යන විහාරත්‍රයාධිපති පූජ්‍ය මන්දාරම්නුවර ධම්මජෝති ස්වාමීන්ද්‍රයන්වහන්සේ වෙත ප්‍රදානය කිරීමේ අභිනන්ධන මහෝත්සවය මැටිබැඹිය ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථානයේදී අතිපුජ්‍ය වේඩුරුවේ ධම්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අස්ගිරි මහා විහාරීය විංසත් වර්ගික කාරක සභාවේ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඇතුලු ගිහි ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් (25) පැවැත්විය.

හුළුගඟ ඇල්ල ස්වභාවික ආකර්ෂණීය නැරඹුම් මැදිරිය සහ හුළුගඟ ඇල්ල රිසෝට් සිව් මහල් නිවාඩු නිකේතනය විවෘත කෙරේ.

හුළුගඟ ඇල්ල ස්වභාවික ආකර්ෂණීය නැරඹුම් මැදිරිය සහ හුළුගඟ ඇල්ල රිසෝට් සිව්  මහල් නිවාඩු නිකේතනය විවෘත කෙරේ.


පක්ෂ පාට භේද පසෙකලා අතීතය ගැන කතා කරනවට වඩා අද රට තුළ උද්ගතව ඇති ප්‍රමුඛ ගැටළු හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් සෙවීමට සහාය ලබා දීම සැමගේ වගකීමක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතා පවසයි.
ඒ මහතා එලෙස පැවසූයේ හුළුගඟ ඇල්ල ස්වභාවික ආකර්ෂණීය නැරඹුම් මැදිරිය සහ හුළුගඟ ඇල්ල රිසෝට්සිව් මහල් නිවාඩු නිකේතනය විවෘත කිරීමේ උත්සව අවස්ථා වට එක් වෙමිනි.
දේශීය විදේශීය සංචාරකයින් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පන්විල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, හුළු ගඟ ප්‍රදේශය පදනම කරගනිමින් නවීකරණය කරන ලද හුළුගඟ ඇල්ල ස්වභාවික ආකර්ෂණීය නැරඹුම් මැදිරිය සහ හුළුගඟ ඇල්ල රිසෝට්  සිව් මහල් නිවාඩු නිකේතනය විවෘත කිරීමේ උත්සවය  (22) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ වතු සමාගම් ප්‍රතිසංස්කරණ තේ පොල් රබර් වතු ආශ්‍රිත බෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ පොල් රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් හුළු ගඟ ප්‍රදේශයේ දී සිදු කරන ලදී.
පන්විල ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් දේශීය විදේශීය සංචාරකයින් මෙම ප්‍රදේශයට ගෙන්වා ගැනීමත් , ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවා සැපයීමටත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක ය. එසේම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් ද මීට සමගාමීව ක්‍රියාත්මක කොට ඇත.
රටට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමේ මූලික ප්‍රභවයන් හා සම්පත් මධ්‍යම පළාත සතුව පවතින බවත්, ස්වාභාවික සම්පත් නිසිලෙස කළමනාකරණය කිරීම තුළින් අපනයන ආදායම වර්ධනය කිරීමට මෙන්ම විදේශීය සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා කටයුතු යෙදීම කාලීන අවශ්‍යතාවයක් බවත්, ඒ සඳහා රජය මේ වනවිට නව සැලසුම් සකස් කරමින් ක්‍රියාත්මක කරනු ලබන බවද මෙහිදී ආණ්ඩුකාර වරයා වැඩිදුරටත් පැවසීය.
එම අවස්ථාව සඳහා ආණ්ඩුකාරවර මහජන සම්බන්ධතා නිලධාරී එස්.බී රත්නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී කමල් බෙලිගොල්ල, පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ .ජී. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පන්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්,පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති ,වත්තේගම නගර සභාවේ සභාපති, පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) නිලූකා බුලත්ගේ , ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, පන්විල ප්‍රාදේශීය ලේකම් නිරංජන් සේනාධීර හා වතු අධිකාරිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මධ්‍යම ආණ්ඩුකාරවරයා හමුවෙයි.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මධ්‍යම ආණ්ඩුකාරවරයා හමුවෙයි.
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ (21) පැවැත්විය.
මෙහිදී මහ කොමසාරිස්වරයා සහ ආණ්ඩුකාරවරයා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. මෙම සුහද හමුව සදහා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගේ දෙවන ලේකම් ලාරා ස්වෙන්සන් (Lara Sveinsson), පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ‍ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිළධාරී මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති එස්.බී.රත්නායක, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියේය.

නුවරඑළිය අධ්‍යාපන කලාපයට නව අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්.

නුවරඑළිය අධ්‍යාපන කලාපයට නව අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්.
නුවරඑළියේ අධ්‍යාපන කලාපයේ නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස ඩී එම් පී සී අබේරත්න මහතා පත් කෙරේ.
අද (21) පෙරවරුවේ අදාල තනතුරු සඳහා වූ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා අතින් පිරිනැමිණ.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීයෙකු වන අබේරත්න මහතා 1990/01/01 දින ගුරු සේවයට එක් වෙමින් නුවරඑළිය පැරකුම්බාපුර ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස රාජකාරි ආරම්භ කරනු ලැබීය. අනතුරුව අඹේවෙල හිටිගල සහ නානුඔය ශ්‍රීමත් ජේම්ස් පීරිස් විද්‍යාලයේ සේවය කරනු ලැබුවේ වරින් වර නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද කටයුතු කරමිනි.
2007 වර්ෂයේ නුවරඑළිය අධ්‍යාපන කලාප කොට්ඨාස භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස ද, 2017 වර්ෂයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස සහ අනතුරුව කොත්මලේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා වශයෙන් ද සේවය කරනු ලැබුවේය.
අබේරත්න මහතා ශ්‍රීමත් ජේම්ස් පීරිස් විද්‍යාලයේ හා නුවරඑළිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook