පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

චීන මහජන සමූහාණ්ඩුවේ නියෝජිත පිරිසක් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා අතර හමුවක්.

චීන මහජන සමූහාණ්ඩුවේ නියෝජිත පිරිසක් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා අතර හමුවක්. චීන මහජන සමූහාණ්ඩුවට අයත් හෙනෑන් පළාතේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගිය (13) මහනුවර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා හමුවූහ. මෙසේ පැමිණි කණ්ඩායමේ නායකත්වය දැරුවේ Zhang Zhenyu මහතායි. Zheng Bangshan, Li Bingbing, Zhu Zifeng, Yu Wei ha Wang Zi සෙසු නියෝජිතයෝ වූහ. චීන නියෝජිත පිරිස ඇමතූ පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා දිගු කාලීන චීන - ශ්‍රී ලංකා ආගමික හා වෙළෙඳ සම්බන්ධතා ද, මධ්‍යම පළාතේ අනන්‍යතාව පිළිබඳවද කරුණු ඉදිරිපත් කළේය. චීන නියෝජිත පිරිසද අදහස් දැක්වූහ. මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය හා පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්.

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දරේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ මහතා (Andres Marcelo Gonzalez Garrido) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද සාකච්ඡාවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පසුගිය (28) පැවැත්විය. මෙහිදී ආණ්ඩුකාරවරයා සහ තානාපතිවරයා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ජා කළ අතර , වසර 61ක ඉතිහාසගත ශ්‍රී ලංකා කියුබානු රාජ්‍ය ත්‍රාන්තික සබධතා ශක්තිමත් කරමින් මධ්‍යම පළාතේ පවතින සංචාරක, සංස්කෘතික, පාරිසරික ක්‍ෂේත්‍රයන් රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදු වූ අතර කියුබානු සංචාරකන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබදව ද මෙහිදී කරුණු සාකච්ජා කෙරින. සාකච්ඡාව අවසානයේ දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරු කිරීමක් ද සිදු කරන ලදී. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක් විය.

මධ්‍යම පළාත හා චීනයේ jiangxi පළාතේ අතර සංස්කෘතික හා වෙළඳ වාණිජ ආයෝජන සහයෝගිතාව පිළිබඳ එකගතා හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන්

මධ්‍යම පළාත හා චීනයේ jiangxi පළාතේ අතර සංස්කෘතික හා වෙළඳ වාණිජ ආයෝජන සහයෝගිතාව පිළිබඳ එකගතා හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ , ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මහතා ගේ සහභාගිත්වයෙන් පසුගිය 17 දින ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ . මෙහිදී දෙරටේ පළාත් දෙක අතර පවතින සංස්කෘතික, වාණිජ ආයෝජන ප්‍රවර්ධනය , භාණ්ඩ හුවමාරුව හා මධ්‍යම පළාත තුල පවතින සුවිශේෂ වටිනාකමින් යුත් සංස්කෘතික කර්මාන්ත හා වානිජ සම්පත් ප්‍රවර්ධනය , නව ආයෝජන අවස්ථා සැලසීම පිළිබඳ දෙපාර්ශ්වයේම අවධානය යොමුවිය. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ මෙතුලින් පළාතේ පවතින විශාල සම්පත් සඳහා ආයෝජනය අවස්ථා පැමිණීමත් , ආයෝජනය කිරීමත්, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමත්, රටෙහි පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ආර්ථික ලාභයක් ලබා ගැනීමට මෙය මහගු අවස්ථාවක් බවත්ය. එසේ ම ඉදිරියේ දී චීන jiangxi හා මධ්‍යම පළාත අතර වන ආයෝජන සඳහා ගිවිසුම්ගත වීම සිදුකරන බවත් ය. චීන ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු විසින් මධ්‍යම පළාතේ ආයෝජනය කල හැකි අවස්ථා පිළිබද ව කරුණු දැක්වූ අතර, එම අවස්ථා වට චීනය ස්ථාවර කමිටු ලේකම් wu qyons , චීන හලාල් ජනතා සංගමය විධායක උප සභාපති thu unbo , නැගෙනහිර චීන තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පක්ෂ ලේකම් zhang fuqing යන මහත්වරුන් හා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , කර්මාන්ත අමාත්‍යශ ලේකම් උපාලි රණවක, සංචාරක කර්මාන්ත අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර , කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්ම මහත්මීන්,ආයතන ප්‍රධානීන්, ව්‍යවසායකයන් පිරිසක් සහ කර්මාන්ත වාණිජ මණ්ඩල ප්‍රධානින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය

හෙට්ටිපොල නගරයේ ඉඩම් ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී.

හෙට්ටිපොල නගරයේ ඉඩම් ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී . හෙට්ටිපොල නගරයේ ඉඩම් ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේදී (17) පැවැත්විය. එහිදී එම ගැටලුවට අමතරව, දීර්ඝ කාලීන බදු e-Slim දත්ත පද්ධතිය ඔස්සේ සකස් කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා වු අතර, මෙම සාකච්ඡාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ඉඩම් කොමසාරිස් පුබුදු ප්‍රේමදාස (මාර්ගගත තාක්ෂණයෙන්) , පළාත් ඉඩම් කෙමසාරිස් මනෝෂා විජේතුංග යන මහත්ම මහත්මීන් ද එක් විය.

‘සංජානනී’ කලා මහෝත්සවය

‘සංජානනී’ කලා මහෝත්සවය සාර්ථකව පැවැත්විණ. අස්ගිරි මහා විහාරයීය මහා පිරිවෙන වාර්ෂිකව සංවිධානය කරන ‘සංජානනී’ ශිෂ්‍ය කලා මහෝත්සවය ‘කහ සිවුරයි - කලා කෙතයි’ යන තේමාව යටතේ මහා මහා සංඝරත්නයේ මඟපෙන්වීමෙන් හා මූලිකත්වයෙන් , ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මෙවර ද පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්විණි. දෙදිනක් පුරා පැවති මෙම වැඩසටහනේ සමාප්ති උළෙල හා කුසලතා දැක්වූ ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා වෙත ත්‍යාග ප්‍රදානය ඉකුත් 13 වනදා පිරිවෙන් ප්‍රධාන ශාලාවේදී සිදු කෙරිණි. සමාප්ති උළෙලේ ප්‍රධාන දේශනය ‘පෙරදිග විචාර සිද්ධාන්ත ඇසුරෙන් කාව්‍ය හා ගීත රසවින්දනය’ මැයෙන් පවත්වනු ලැබුවේ කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් විසිනි. වැඩසටහනට සමගාමීව ‘නැණැස’ ශාස්ත්‍රීය සංග්‍රහය ද එළි දක්වන ලදී. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා ද, සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාද, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මහත්මිය ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook