“ඇසල පෙරහැරයි - සිතුවම් පෙළහරයි සිතුවම් දැක්මේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමේ.
මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට සමගාමිව පවත්වනු ලබන “ ඇසල පෙරහැරයි - සිතුවම් පෙළහරයි සිතුවම් දැක්ම ”චිත්‍ර ප්‍රදර්ශණයේ සමාප්ති අවස්ථාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩප පරිශ්‍රයේදී (29) පැවැත්විය.
වයස කාණ්ඩ 6ක් යටතේ සිතුවම් 5000කට ආසන්න ප්‍රමාණයක් මෙවර මෙම සිතුවම් දැක්ම සදහා ලැබී තිබූ අතර, නිර්මාණ ඉදිරිපත් කළ සියලු දෙනාට සහතික පත්‍ර ලබාදීමට කටයුතු කර තිබුණි. සියලු කාණ්ඩ ආවරණය වන පරිදි නිර්මාණ 18ක් ජයග්‍රාහී නිර්මාණ වශයෙන් තෝරා පත්කරගැනීම මෙහිදී සිදු වූ අතර, මහනුවර මගුල් මඩුවේ දී තෝරා ගත් සිතුවම් 300 ක් ප්‍රදර්ශනය කිරීම ද සිදුවිය.
සමාප්ති උළෙල සදහා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, ශ්‍රි දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශයේ අධ්‍යක්ෂ ක්‍රීශාන්ත හිස්සැල්ල යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද එක් විය.
චීන අධිරාජයේ ක්ස්වේ ධෝ විහාරයේ විහාරාධිපති නාහිමියන් ප්‍රධාන දූත පිරිස විසින් පාසල් පොත් ඉගෙනුම් උපකරණ බෙදා දීමක්.
චීන අධිරාජයේ ක්ස්වේ ධෝ විහාරයේ විහාරාධිපති නාහිමියන් ප්‍රධාන දූත පිරිස පිළිගැනීම හා පාසල් පොත් ඉගෙනුම් උපකරණ ඇතුළු ශිෂ්‍යාධාර බෙදා දීමේ පුණ්‍ය උත්සවය චීන අධිරාජයේ ක්ස්වේ ධෝ විහාරයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ,ශ්‍රී ජින මංගලාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නායක ලියන්වල සාසනරතන ස්වාමීන්වහන්සේ , ප්‍රමුඛ සංඝ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඇතුලු ගිහි බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මඩවල, ශ්‍රී පිනමංගලාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පරිශ්‍රයේදී (28) පැවැත්විය.
ජාතික ආගමික සහජීවනය අර්ථවත් කරමින්කරමින් මෙහි දී උඩුදුම්බර ප්‍රදේශයේ තෝරාගත් පාසල් දරුවන් එකසිය පනස් දෙනෙකු වෙත ශිෂ්‍යාධාර ලබා දීම සිදු විය.
මෙම අවස්ථාව සදහා හිටපු පළාත් සභා මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් , හිටපු පළාත් සභා මන්ත්‍රී තුෂාර ස්වර්ණතිලක, විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර යන මහත්වරුන් ඇතුළු චීන දූත පිරිසක් එක් විය.
ලියන්ගස්තැන්න පුරාණ විහාරයේ ශ්‍රී රතනපාල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්
කටුගස්තොට, ගොහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරයේ ශ්‍රී රතනපාල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම අස්ගිරි මහා විහාරීය ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ඵෙතිහාසික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිතාභිධාන නායකස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (27) පැවැත්විය.මෙම අවස්ථාව සදහා හිටපු සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද එක් විය.
මහනුවර උතුර ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ජල පවිත්‍රා ගාරයේ කටයුතු නිරීක්ෂණය සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ඉකුත්දා සංචාරයක නිරත විය.පසුගියදා පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී මෙම ජල යෝජනා ක්‍රමයේ ප්‍රගතිය පිළිබඳව කරුණු දක්වමින් එහි පවතින අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කළ අතර එහි ප්‍රායෝගික තත්ත්වය නිරීක්ෂණය කරමින් ජනතාවට කඩිනමින් ජල පහසුකම් සපයා දීම වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවරයන් සඳහා එළඹීම වෙනුවෙන් මෙම නිරීක්ෂණ චාරිකාව යොදාගෙන පැවතුණි.මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්විය.
ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනයේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මහනුවර දිස්ත්‍රික් සමුළුව 2023 (Sri lanka Institute of Architets , Architets Kandy Confrance 2023) මහනුවර KCC ආයතනයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) ආරම්භ කෙරින.
අභියෝගවලට මුහුණ දෙමින් ලෝක උරුම නගරයේ සුන්දරත්වය හා පෞරාණිකත්වය ආරක්ෂාවන ලෙස තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් ඉදිකිරීම් හා ගෘහ නිර්මාණ ශිල්පය භාවිතය කාලීනව ඉතා වැදගත් අංගයක් බවත් ,ඒ වෙනුවෙන් වූ නව ක්‍රමවේදයන් පිළිබදව මෙහිදී දැනුවත් කිරීම හා පැහැදිලි කරමින් විශේෂ දේශන පැවැත්විණ.
මෙම අවස්ථාවට හිටපු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව , ඉන්දීය සහකාර කොමසාරිස් පි සෝමරාජ් , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ අංශාධිපති යු.අයි.දිසානායක, ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනයේ සභාපති රෝහණ බණ්ඩාර හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්විය.
- වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණන් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද හමුවක්.
- මහනුවර කැළි කසළ බැහැර කරන තේක්කවත්ත කසළ අංගණය දස වසරකින් හරිත කලාපයක් බවට පත් කිරීමට සැලසුම්.
- පොසොන් උදාව වෙනුවෙන් මධ්‍යම පළාතේ පිංකම් රැසක්.
- මධ්පයම පළාතේ පිත්තල කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡාවක්.
