ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

Publishing of Rukshans Diary in Pathadumbara

රුක්ෂාන්ගේ දින පොත ජනගත කිරීමේ උළෙල පාතදුම්බර දී!

විජය ළමා පුවත්පත විසින් 2017 වර්ෂයේ පවත්වන ලද ළමා දින පොත් ලිවීමේ අත්පිටපත් තරගයේ සමස්ත ලංකා ප්රථම ස්ථානය දිනා ගන්නා ලද මහනුවර දිස්ත්රික්කයේ කටුගස්තොට සහිරා විදුහලේ 10 ශ්රේණියේ ඉගෙනුම ලබන ආර්.එම්. ධනුෂ්ක රුක්ෂාන් ජයතිලක සිසුවා විසින් සම්පාදිත රුක්ෂාන් ගේ දිනපොත නැමැති අත්පිටපතයි. එම අත්පිටපත ළමා සාහිත්ය කෘතියක් ලෙස සම්පාදනය කොට ජනගත කිරීමේ උළෙලක් පසුගියදා පාතදුම්බර ප්රාදේශීය සභා ශ්රවණාගාරයේ දී පැවැත්වින.
 
විජය පුවත්පත් ආයතනය මගින් පවත්වන ලද මෙම තරගාවලියේ ජය ගත් අත් පිටපත එස්.ගොඩගේ පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් මුද්රණය කර එළිදැක්වීමට අවස්ථාව උදා කර දී තිබුණි. රුක්ෂාන් ජයතිලක සිසුවා කටුගස්තොට සහිරා විදුහලේ ඉංග්රීසි මාධ්යයෙන් සිය අධ්යාපන කටයුතු සිදුකරන අතරම, මෙම නිර්මාණය සිංහල භාෂා මාධ්යයෙන් ඉදිරිපත් කර පැවතීම සුවිශේෂි ලක්ෂණයකි.
 
පාතදුම්බර ප්රාදේශීය සභාවේ අලුත්ගම මහජන පුස්තකාලයේ පාඨකයෙකු වන රුක්ෂාන් ළමා ,තරුණ ,වැඩිහිටි සැමට ආදර්ශයක් සපයන නිර්මාණශීලී දරු පරපුරක තවත් සුවිශේෂී පුරුකක් ලෙස හැඳින්විය හැකිය. එදිනෙදා ජීවිතය ගත කිරීම, පාසල් දරුවකු විසින් තමන් අත්විඳින ආකාරය මනාව පෙළගස්වමින්, නිර්මාණශීලී භාෂාවක් යොදා ගනිමින්, චිත්ර අංග ද ඇතුළත් කරමින් ඉතා සාර්ථකව මෙම ළමා සාහිත්ය කෘතිය නිමවා ඇත. පාසල් මට්ටමින් භාෂාව ඉගැන්වීම සඳහා යොදාගත හැකි ඉතා ප්රායෝගික ඉගෙනුම් අභ්යාසයක් ලෙසින් දිනපොත් ලිවීම කාලීනව වැඩි වටිනාකමක් ගන්නා අංගයක් බව මෙම ළමා සාහිත්ය කෘතිය මගින් සනාථ කර දක්වයි. පාසල් දරුවකු විසින් තම එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය, තමන් අත්විඳින දේ පිළිබඳව තමන්ට සිතෙන විවිධ අදහස් ඇතුළත් කරමින් නිර්මාණශීලීව දිනපොතක් පවත්වාගෙන යෑම කාලීනව යෝග්යම වූ ඉගෙනුම් වැඩසටහනක් බව මෙම කෘතිය මගින් තහවුරු කරනු ලබන අතර , භාෂා හැකියාව, සිතීමේ හා නිර්මාණශීලී අදහස් ප්රකාශ කිරීමේ හැකියාව වර්ධනය කිරීමට මහඟු අභ්යාසයක් ලෙස මෙම දිනපොත හඳුන්වා දිය හැකිය. රුක්ෂාන් සිසුවාගේ සිය අධ්යාපන කටයුතු වඩා සාර්ථකව අවසන් කොට ලේඛන කලාවෙන් ඉදිරියටම ගමන් කරමින් ශ්රී ලංකාවේ විශිෂ්ට ලේඛකයකු බවට පත්වීම තම අනාගත අපේක්ෂාව බව පවසයි.
 
මෙම කෘතිය ජනගත කිරීමේ අවස්ථාව සඳහා පාතදුම්බර ප්රාදේශීය සභාවේ සභාපති අසංක බණ්ඩාර මහතා ඇතුළු ප්රාදේශීය සභා මන්ත්රීවරුන්, පාතදුම්බර ප්රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන්, පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) නිලුකා බුලත්ගේ, ප්රාදේශීය සභාවේ ලේකම් ශ්රියානි ධර්මරත්න ඇතුළු කාර්ය මණ්ඩලය, පාතදුම්බර මහජන පුස්තකාලාධිපතිවරුන් මෙන්ම විජය පුවත්පත් සමාගම වෙනුවෙන් ආචාර්ය බන්දුල පී දයාරත්න මහතා මෙම අවස්ථාවට එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook