ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

නවක නිලධාරීන්ට පළාත් සභා ක්‍රමය පිළිබද පුහුණුවක්

නවක නිලධාරීන්ට පළාත් සභා ක්‍රමය පිළිබද පුහුණුවක්

මධ්යම පළාත් රාජ්ය සේවයට බදවා ගනු ලැබූ නවක සංවර්ධන නිලධාරීන් හා කළමනාකරණ සේවා නිලධාරීන් සදහා වන 6 වෙනි සේවාරම්භක පුහුණු වැඩසටහනේ දෙවන දිනය අද (31) පල්ලෙකැලේ මධ්යම පළාත් සභා ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
මධ්යම පළාත් සභාවේ පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කෙරුණු මෙම පුහුණු වැඩසටහනේ පළමු සැසි වාරයේ දී අභිමානවත් රාජ්ය සේවයක් උදෙසා "කාර්යාල කළමනාකරණ මූලධර්ම " පිලිබදව මහනුවර දිස්ත්රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස් නිලූකා බුලත්ගේ මහත්මිය දේශනයක් පැවැත්වීය.
දෙවන සැසියේ දී "පළාත් සභා ක්රමය,එහි ව්යුහය හා ක්රියාකාරිත්වය” මැයෙන් වූ දැනුවත් කිරීම මාතලේ දිස්ත්රික් පලාත් පාලන සහකාර කොමසාරිස් ටී.එම්.කේ.බී. වීරසිංහ මහතා විසින් පවත්වනු ලැබිය .
නියෝජ්ය ප්රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්රමසූරිය, කළමනාකරණ පුහුණු ඒකකයේ අධ්යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ යන මහත්ම මහත්මින් සහභාගී වූ මෙම වැඩමුළුවට මධ්යම පළාත් රාජ්ය සේවයට බඳවාගත් නවක සංවර්ධන නිලධාරීන් හා කළමනාකරණ සේවා නිලධාරීන් සියයකට වැඩි පිරිසක් සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook