2022 ජාතික කියවීම් මාසයට සමගාමීව ඔක්තෝබර් මස 18 වන දින ඩී.එස්.සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයේ ඇමරිකානු අංශය මගින් මහජන පුස්තකාල වල පුස්තකාලයාධිපතිවරුන් සදහා සංවිධානය කරන ලද " පුස්තකාල සේවා සදහා ගූගල් හා ඩිජිටල් යෙදුම් භාවිතය" එක් දින වැඩමුළුව සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩමුළුව සදහා මධ්‍යම පලාතේ පලාත් පාලන ආයතන වල පුස්තකාලයාධිපතිවරුන් 30 දෙනෙකු සහභාගි වූ අතර වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ඇමරිකානු අංශයේ නියෝජ්‍ය වැඩසටහන් සම්බන්ධීකරණ නිලධාරි අශ්වින් ජයලත් මහතා විසිනි.